(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
වරකාපොල සිට විනෝද චාරිකාවක් පැමිණ කොග්ගල මෝය කට අසල මුහුදේ දිය නාමින් සිටි 14 හැවිරිදි පිරිමි ළමයෙකු අද සවස මුහුදේ ගිලි අතුරුදහන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ මුහුදේ ගිලි ඇත්තේ වරකාපොල,මිල්ලගහදොල,ගණිතපුර පදිංචි ශිවා ආකාශ් නමැති 14 හැවිරිදි ළමයෙකි ඔහු තවත් මිතුරෙකු සමග නාමින් සිටියදි දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති අතර එහි සිටි පිරිස එක්යෙක් බේරාගෙන ඇත.
අතුරුදහන්වු ළමයා සොයා නාවික හමුදාව ජිවිතාරක්ෂක කණ්ඩායම් සහ ප්‍රදේශවාසින් එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.
මෙම ස්ථානයේ පසුගිය මාසයේද ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට පැමිණ නාමින් සිටි සිසුවෙකුද මුහුදේ ගිලි අතුරුදහන්විය.
මේ අතර අද දහවල් කොග්ගල මුහුදේ නාමින් සිටි විදේශිකයෙකුද මුහුදේ ගසාගෙන යමින් සිටියදි ප්‍රදේශවාසින් එක්ව බේරාගෙන ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය මගින් හැමදේම දැනුවත් කරනවා. අවවාද කරනවා... අනතුරු සහිත ස්ථාන සම්බන්ධව. අදාළ ස්ථානවල අවවාද පුවරු ප්‍රදර්ශනය කරනවා. මෙම අවවාද තඹ සතේකට ගණන් ගන්නේ නැති මෝඩ තරුණයින් තම වටිනා ජීවිත අපරාදේ නැතිකර ගන්නවා.