ගෝඨාගේ ප්රතිශෝධන පෙත්සම ජුනි 6 වැනි දා ඇවන්ට්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම ලබන ජුනි 06 වැනි දා සළකා බැලීම අභියාචනාධිකරණය අද (1) නියම කළේය. 01 June 2018
සී 350 ලේඛනයේ පිටපතක් දෙන්න ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව බෑ කියයි බැඳුම්කර වාර්තාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ පිටු සහිත සළකුණූ කළ සී 350 ලේඛනයේ පිටපතක් ලබා ගැනීමට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ගියත් රාජ්‍ය ලේඛනාරක්ෂක පනත යටතේ 01 June 2018
රුපියල තවත් බහී රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.61 ක් දක්වා අද (01) පහළ ගියේය. 01 June 2018
අගුණුකොළපැලැස්ස ඝාතනයේ සැකකරු අත්අඩංගුවට තියුණු ආයුධයකින් කපා ඝාතනය කළ පුද්ගල මළ සිරුරක් අගුණුකොළපැලැස්ස අලුත්වැව ප්‍රදේශයේදී ඊයේ (31) සොයාගත් අතර එම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ඝාතනයට උපයෝගී කරගත් ආයුධය පැය දොළහක කාලයක් ඉක්මවීමට පෙර අත්අඩංගුවට ගැනීමට අගුණුකොළපැලැස්ස පොලිසිය සමත්වුහ. 01 June 2018
බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගන්න නියෝග කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහාම අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපතිට නියම කළේය. 01 June 2018
විගණන පනතින් තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා වෙතැයි කොමිසම කියයි දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විගණන පනත් කෙටුම්පතේ ඇතැම් වාක්‍ය මගින් මහජනතාවට ඇති තොරතුරු දැන ගැනීමේ අයිතියට සීමා පැනවෙන බව ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව කියයි. 01 June 2018
සැමියා බලන්න ගොස් තැරැව්කරුවෙක්ගෙන් හෙරොයින් ගත් බිරිඳ අත්අඩංගුවට හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර ඇති සැමියා බලන්න ගොස් තැරැව්කරුවෙක් මගින් ලබාගත් හෙරොයින් නිවසට ගෙන එමින් සිටි කාන්තාවක් සිරිගම්පළදී අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 01 June 2018
දැරිය අලෙවි කළ රියදුරෙකු වෙන්නප්පුවෙන් අත්අඩංගුවට වයස අවුරුදු 15 ක දැරියක් මුදලට අලෙවි කළැයි කියන ත්‍රීවිල් රථ රියදුරෙක් අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 01 June 2018
බූරු ගසමින් සිටි කතුන් 5 ක් අත්අඩංගුවට ගාල්ල ලැන්දෑව හන්දිය ප්‍රදේශයේ දී කාන්තාවක් පවත්වා ගෙන ගිය බූරු පිටියක් වටලා බූරු ගසමින් සිටි කාන්තාවන් පස් දෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු ගාල්ල පොලිස් කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. 01 June 2018
රන් බිස්කට් ගෙන ආ පෝලන්ත ජාතිකයාට ලක්ෂ 50 ක දඩ පෝලන්ත ජාතිකයකු විසින් ඊයේ (31) උදෑසන නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ රන් බිස්කට් 100 සඳහා , රුපියල් ලක්ෂ 50 ක දඩ මුදලක් ගෙවන ලෙස නියම කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 01 June 2018
දර විකිණීමට ගිය උසස් පෙළ සිසුවෙකු අතුරුදන් කිලිනොච්චිය පුනරීන් සිට යාපනය දක්වා දර රැගෙන ගිය 17 හැවිරිදි උසස්පෙළ සිසුවෙකු පසුගිය 29 වැනි දා සිට අද (1) වනතුරු අතුරුදන්ව ඇති බවට පුනරීන් පොලීසිය හා යාපනය පොලීසි වෙත පැමිණිලි ලැබී ඇත. 01 June 2018
විදෙස් රැකියා දෙනවැයි පවසා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට විදේශ රැකියා ලබාදෙන පවසමින් කෝටි ගණනක් මුදල් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 01 June 2018
උඩරට දුම්රිය මඟ ප්‍රතිසංස්කරණය කෙරේ බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගය වඩාත් ආරක්ෂිතව සකස් කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරි මාස හය ඇතුළත ආරම්භ කෙරෙන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 01 June 2018
‘පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය කැඳවිය යුතුයි’ - මහින්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයෙන් රටතුළ ආණ්ඩුවක් නැති බව තහවුරු වන බැවින් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් කැඳවිය යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. 01 June 2018
අධික වැස්ස නිසා කටුනායකින් ගුවන් යානයක් මත්තලට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (1) අලුයම කාලයේ පැවති අධික වැසිසහිත කාළගුණික තත්වය නිසා මස්කට් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි . 01 June 2018
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යැයි මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය කියයි ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ අහෝසි කළ යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය අද (31) ප්‍රකාශ කළාය. 31 May 2018
‘අලුත්කඩේ නව අධිකරණ සංකීර්ණයක් ඇතිකරනවා’ අලුත්කඩේ නව අධිකරණ සංකිර්ණයක් ඇති කරන බව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා පැවසීය. 31 May 2018
මධ්‍ය ශීලා යුගයට අයත් සාධක රජගලතැන්නෙන් අම්පාර රජගලතැන්න ඓතිහාසික පුජා භුමියේ ප්රාග් ඓතිහාසික යුගය පිළිබඳව තොරතුරු තහවුරු කිරිමට ආරම්භ කළ කැණීම්වල දෙවැනි අදියර පසුගියදා රජගලතැන්න පුරාවිද්‍යා භුමියේ මහා ලෙන දී ආරම්භ කළ අතර මෙම කැණීම් වලදි මධ්‍යම ශිලා යුගයට අයත් සාධක විශාල ප්‍රමාණයක් සොයාගත් බව ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය ඇලෙක්සෙන්ඩර් කපුකොටුව මහතා පැවසීය. 31 May 2018
ගෝඨාගේ ප්රතිශෝධන පෙත්සම හෙටට කල්යයි ඇවන්ට්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක් සළකා බැලීම හෙට (01) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය. 31 May 2018
දකුණේ උණට එන්නත් දීම ප්‍රතිඵලදායක නෑ - සෞ.සේ. අධ්‍යක්ෂක දකුණේ මේ දිනවල පැතිර යන වෛරස් රෝගයට පෞද්ගලික අංශයෙන් ලබාදෙන එන්නත් දෙක එතරම් ප්‍රතිඵලදායක නොවන බවත් රජයෙන් මෙම එන්නත් ලබා නොදෙන්නේ රෝගය පාලනයට එයින් එතරම් දායකත්වයක් නොලැබෙන නිසා බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජී. විජේසූරිය මහතා පවසයි. 31 May 2018
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්ට නොතීසි ගාල්ල කොටුවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති නිවසක් අවසරයකින් තොරව අලුත්වැඩියා කරන ලද පුද්ගලයකුට එරෙහිව ඉදිරි නිතිමය කටුයුතු නොකරන ලෙසට ගාල්ල පුරාවිද්‍යා කාර්යාලයට ලිපියක් නිකුත් කිරිම සම්බන්ධයෙන් ජුනි 21 වැනි දා අධිකරණයේ පෙනි සිටින ලෙස පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බි.මණ්ඩාවල මහතාට නොතිසි නිකුත් කිරිමටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා අද (31) නියෝග කළේය. 31 May 2018
වීසා අවසන් වී ඊශ්‍රායලයේ රැදී සිටි 104කට නීතිමය පියවර රැකියා සඳහා ඊශ්‍රායලට පිටත්ව ගොස් මේ වන විට වීසා කාලය අවසන් වී නීතිවිරෝධීව එරට රැදී සිටින ශ්‍රමිකයින් 104ක් පිළිබඳ නීතිමය පියවර ගෙන ඇතැයි විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ලංකාදීපයට පැවසීය. 31 May 2018
ක්‍රිකට් ගැන රන්ජන්ගේ යෝජනාවට අගමැති අවධානය ක්‍රිකට් ක්‍රීඩාවේ ගොඩ ගැනීමට නම් කුමාර් සංගක්කාර, සිදත් වෙත්තමුණි වැනි ප්‍රවීණයන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ලොකු පුටු වලට පත් කළ යුතු යැයි සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එක්සක් ජාතික කෘත්‍යාධිකාරි මණ්ඩලයට අද (31) යෝජනා කළේය. 31 May 2018
කලා සිසුන් පිරිසක් හුදකලා සිසුවකුට ගහලා කොළඹ සෞන්ධර්ය කලා විශ්ව විද්‍යාලයේ තෙවැනි වසර සිසුන් පිරිසක් එහි අවසන් වසර ශිෂ්‍යයකුට අමානුෂික ලෙස පහර දී ඇතැයි කුරුඳුවත්ත පොලිසිය කියයි. 31 May 2018
අර්ධ සුඛෝපභෝගී බස් දෙසැම්බර් 31 දා සිට ඉවතට අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් කිරිමට තීරණය කර ඇතැයි ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති ඉංජිනේරු එම්.ඒ.පී.හේමචන්ද්‍ර මහතා පවසයි. 31 May 2018
පෑනක් වැනි ගිනි අවියක් සමඟ පොකුණුවිට ‘කන්ගැට්ටා’ අත්අඩංගුවට පෑනක් ආකාරයෙන් සකසන ලද විදේශයක නිෂ්පාදිත ගිනි අවියක් උණ්ඩ පහක් හා මන්නා පිහි දෙකක් සමඟ මත්පැන් ජාවාරම්කරුවකු වන පොකුණුවිට කන්ගැට්ටා අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි. 31 May 2018
පාසල් සිසුන්ට ‘මාවා’ විකිණු දෙදෙනෙක් දැලේ පාසල් සිසුන්ට ‘මාවා’ නැමැති පුවක් වර්ගයක් විකුණු ගල්කිස්ස නගරයේ වෙළඳසලක් වටලා පුවක් කිලෝ 15කට ආසන්න තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසියේ ප්‍රජා පොලිස් මුරපලේ නිලධාරීහු සමත්වුහ. 31 May 2018
පොල්රොටි ඇතුලේ දුම්කොළ සඟවා ගත් කතක් අත්අඩංගුවට කලුතර බන්ධනාගාරයේ රඳවා සිටින තම සැමියාට පොල් රොටි වල සඟවා දුම්කොළ දීමට උත්සහ කළ ගැබිනි කාන්තාවක් දුම්කොළ පැකට් 15 ක් සමඟ අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීහු සමත්වුහ. 31 May 2018
හිටපු ඇමැති ජොන්ස්ටන්ගේ නඩුව කල් යයි අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු සම්බන්ධ නඩුවේ විභාගය ලබන අගෝස්තු 28 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 31 May 2018
‘චන්ද්‍රිකා මැතිණි කළා වගේ කළා නම් ඉවරයි’ - වීරකුමාර ‘‘චන්ද්‍රිකා මැතිණිය 2004 කාලේ කළා වගේ ඕන නම් ජනාධිපතිතුමාට කරන්න පුළුවන්. ආණ්ඩුවක් පවර ගන්න බැහැ කියල 19 වැනි සංශෝධනයේ කොහෙවත් කියල නැහැ.’’ යැයි මහවැලි හා පරිසර රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. 31 May 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026