යෝජිත දඹුලු නව රෝහලට රංගිරි දඹුලු විහාරයෙන් අක්කර 5ක් දඹුල්ල නව රෝහල ඉදිකිරිම සදහා රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අයත් දඹුල්ල ජය මාවතේ පිහිටි අක්කර 05 ක භුමි භාගයක් ලබාදීමට රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර මාතලේ මහ දිසාවේ උපප්‍රධාන සංඝනායක අඹගස්වැවේ සිරි රාහුල නාහිමියන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පොරොන්දු වූහ. 03 June 2018
වෙන්නප්පුව නිවසක සිවිලිම කඩා වැටී අයෙක් මරුට වෙන්නප්පුව මේපල්ස් මාවතේ නිවසක සිවිලිමේ විදුලි අලුත්වැඩියාවක් කරමින් සිටි විදුලි කාර්මිකයකු සිවිලිම කඩාගෙන බිමට වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 03 June 2018
පලාවිය අනතුරකින් අයෙක් මරුට පුත්තලම, කල්අඩිය - පලාවිය මාර්ගයේ සිදුවී ඇති රිය අනතුරකින් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව පුත්තලම පොලීසිය කියයි. 03 June 2018
ඉන්දියාවේ මිසයිල නිසා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන වෙනස් වෙයි ඉන්දියාවේ සිදු කිරීමට නියමිත මිසයිල අත්හදා බැලීමක් නිසා අද (3) සහ හෙට (4) ශ්‍රී ලංකාවට නැගෙනහිර සහ ඊසාන දිග ප්‍රදේශ වල ගුවන් ගමන් අත් හිටුවන ලෙස ඉන්දීය රජය දැනුම් දී ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි. 03 June 2018
වවුනියාවෙන් පැහැරගත් බිළිඳා පුදුකුඩුඉරිප්පුවෙන් හමුවෙයි වවුනියාව ගුඩ්සෙඩ් මාර්ගයේ නිවසකින් පැහැරගත් අටමස් බිළිඳා අද සවස පුදුකුඩුඉරිප්පු වල්ලිපුරම් හි නිවසක රඳවා සිටියදි සොයාගත් බව පුදුකුඩුඉරිප්පු පොලිසිය පවසයි. 02 June 2018
බීමත්ව මගීන් 60ක් සමඟ බසයක් ධාවනය කරලා පොලිස් අණ නොතකා පුද්ගලික බසයක් ධාවනය කළ බස් රථ රියදුරකු අද (02) උදෑසන ගාල්ලපොලිසියේ රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 02 June 2018
ලක්ෂ එක හමාරක විදේශීය මත්පැන් සමග ගුවන්තොටේදී කාන්තාවක් අත්අඩංගුවට රුපියල් එක්ලක්ෂ හැට පන්දහසක් වටිනා විදේශ මත්පැන් බෝතල් 24 නීති විරෝධි ලෙස කටුනායක ගුවන්තොටුපලින් පිටතට රැගෙන යාමට උත්සහ කළ ව්‍යාපාරික කාන්තාවක අද (02) දින උදැසන අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපල පොලීසිය කියයි. 02 June 2018
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 252ක ණයක් ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්යසාධනය සම්බන්ධයෙන් සිව්වැනි නිරීක්ෂණය අවසන් කරමින් මෙරටට එක්සත් ජනපද ඩොලර් මිලියන 252ක ණය වාරික මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ. 02 June 2018
ලක්ෂ 69 ක රන් සිරුරේ සඟවාගෙන එයි රුපියල් ලක්ෂ 69 පමණ විටිනා රන් කුට්ටි තම සිරුරේ ගුද මාර්ගයේ සඟවා ඩුබායි සිටි පැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු අත් අඩංගුවට ගත් බව රේගු මධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවැසීය. 02 June 2018
හොර සිගරැට් සමග චීන කතුන් දෙදෙනකු අත්අඩංගුවට නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ දුම්වැටි 40.000 අද අලුයම කටුනායක දී චීන ජාතික කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ රේගු නිලධාරිහූ පවසති. 02 June 2018
සෞඛ්‍ය ඇමති දඹුල්ල මූලික රෝහලේ අඩුපාඩු සොයා බැලීමට යයි දඹුල්ල මූලික රෝහලේ අඩුපාඩු සොයා බැලීම සඳහා පැමිණි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලේ බිම වැතිරී නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් නිරීක්ෂණය නොකළේ යැයි රෝගී කාන්තාවන්ගෙන් චෝදනා එල්ල විය. 01 June 2018
කල්මුනේ දකුණ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරිවරයා සහ තවත් අයෙක් රිමාන්ඩ් අම්පාර සමන්තුරේ පොලිස් බල ප්‍රදේශයේ වලතාපිටිය ගම්මානයේ පුරාවිද්‍යා භුමියක් යන්ත්‍ර සුත්‍ර යොදා විනාශකරා යැයි චෝදනා එල්ල වු කල්මුනේ දකුණ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කලන්දර් ලෙබ්බේ මොහමඩ් රනීස් සහ අබ්දුල් රහිම් මොහමඩ් යන පුද්ගලයන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස සමන්තුරේ මහේස්ත්‍රාත් එච්.එම්.මොහමඩ් පසීල් මහතා අද (01) නියෝග කළේය. 01 June 2018
වැව් පිළිසකර කිරීමේ ප්‍රධාන බාධකය ඉංජිනේරුවරුන්ගේ හිඟය - ජනපති මෙරට වැව් 2400 ක් පිළිසකර කිරීමේ ව්‍යාපෘතියේ ඉලක්ක සාර්ථක කර ගැනීමට තිබෙන ප්‍රධාන බාධකය ඉංජිනේරුවරුන්ගේ සහ කාර්මික නිලධාරීන්ගේ හිඟය බවත් එම නිසා විදේශීය ඉංජිනේරුවරුන් ඒ සඳහා ගෙන්වා ගැනීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී පැවසීය. 01 June 2018
නියඟය නිසා අසරණවී සිටින ගොවීන්ගේ ණය කපා හරිනවා - මංගල සමරවීර ඉකුත් කාලයේදී දිවයිනේ ප්‍රදේශ ගණනාවකට බලපෑ නියඟය හේතුවෙන් ණය බරින් මිරිකී සිටින පුද්ගලයින්ගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 01 June 2018
වෙනුසියුලාවට අත නොතබනු සම්මන්ත්‍රණය මරදානේදී වෙනිසියුලානු කොමියුනිස්ට් තරුණ සංගමය සහ මෙරට සමාජවාදී තරුණ සංගමය අතර මිත්‍රත්ව වැඩසටහනට සමගාමීව ’’වෙනුසියුලාවට එරෙහිව අධිරාජ්‍යවාදී මැදිහත්වීම් වහා නවත්වනු ’’ මැයෙන් සම්මන්ත්රණයනක් මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ දී අද (01) පැවැත්විය. 01 June 2018
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට - එජාප මහලේකම් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එජාප මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 01 June 2018
රණ මයුර සම්මානය ලෙස්ටර්ගේ බිරිඳට බාර දෙයි හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලේස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසින් සොරාගෙන ගොස් තිබීය දී සොයා ගත් රණ මයුර සම්මාන පදක්කම පරීක්ෂණ වලින් අනතුරු අද (1) බම්බලපිටිය පොලිසිය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මිය වෙත නිල වශයෙන් බාර දී දුන්නේය. 01 June 2018
ගෝඨාගේ අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් 27 වැනි දා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දැන ගන්නට ලැබී ඇති බැවින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා 01 June 2018
ජර්මනියේ සත්වෝද්‍යානයකින් කොටි-සිංහයෝ -ජගුවරයෙක් පැන යති ජර්මනියේ බටහිර ලුනෙබැච් හී ඊෆල් සත්වෝද්‍යානයෙන් සිංහයන් දෙදෙනකු, කොටියන් දෙදෙනකු සහ ජගුවරයන් දෙදෙනකු පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි. 01 June 2018
පුද්ගලයකු ඝාතනය කළාට වසර 19කට පසු මරණ දඬුවම වැලිවේරිය නැදුන්ගහහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ හිසට පොල්ලකින් ගසා ඝාතනය කළ විත්තිකරුට වසර 19කට පසු ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා 01 වැනිදා මරණ දඬුවම නියම කළේය. 01 June 2018
දින 100 ගැන සඳුදා කියනවා - ඇමැති හරීන් ‘දින 100’ ගැන සඳුඳාට කියන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අරලිය ගහ මන්දිරයේදී අද (1) පැවැසීය. 01 June 2018
අලුත් නියෝජ්‍යය කතානායක පත් කිරීම 5 වැනිදා නියෝජ්‍ය කතානායකවරයකු පත් කර ගැනීම ලබන සතියේ 5 වැනිදා මැතිසබයේදී සිදු කරන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය. 01 June 2018
ගං වතුර පහව ගියත් 1853 ක් තවමත් අවතැන් දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට පසුගිය දිනවල බලපා තිබූ ගං වතුර තත්ත්වය මේ වන විට පහව ගොස් ඇතත් දිස්ත්‍රික්ක 7ක පවුල් 540කට අයත් 1,853 දෙනෙකු තවමත් අවතැන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 01 June 2018
ඉන්ෆලුවෙන්සාවෙන් මිය ගිය දරුවන් සංඛ්‍යාව 14 දක්වා ඉහළට වෛරස් උණ වැළදීමෙන් මියගිය කුඩා දරුවන්ගේ සංඛ්‍යාව මේ වනවිට 14 දක්වා වැඩිවී තිබේ. ඉකුත් 30 වැනි දා රාත්‍රී කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් මාස අටක පිරිමි දරුවෙකු මියගොස් ඇත. එම දරුවා සති හයක පමණ කාලයක් ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. 01 June 2018
බැඳුම්කර වාර්තා ප්‍රසිද්ධ කරන්න නීතිපති උපදෙස් පතයි මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු හෙළි කිරිම පිළිබඳව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා නීතිපති ජයන්ත ජයසුරිය මහතාගෙන් උපදෙස් ඉල්ලා ඇත. 01 June 2018
අරන්තලාවේදී කුල දරුවන් 31 ක් සසුන්ගත කෙරේ කොටි ත්‍රස්තවාදින් විසින් අරන්තලාව ප්‍රදේශයේ දී මීට වසර 31 කට පෙර ඝාතනය කරන ලද හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමියන් ඇතුළු සාමනේර හිමිවරු 31 නම සිහිකිරිම නිමිති කොටගෙන අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානයේ දී අද (1) කුල දරුවන් 31 දෙනෙකු සසුන් ගත කිරිම සිදුකරනු ලැබීය. 01 June 2018
සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙන්නැයි අගමැතිගෙන් ඇමැතිවරුන්ට උපදෙස් හැම ප්‍රශ්නයකම පැටලෙන්නට නොයා ඉදිරි මාස 18 කාලයේදී සිඝ්‍ර සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නැයි තමන් ඇමැතිවරුන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (1) පැවැසීය. 01 June 2018
අර්ජුන්ට - කසුන්ට ඇප ලබාගැනීමට හේතු ඉදිරිපත් කර නෑ දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පළිසේන යන මහත්වරුන්ට ඇප ලබා ගන්න විශේෂ හේතුන් අධිකරණයට ඉදිරිපත් කරලා නැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අද (01) පැවසීය. 01 June 2018
වීසා නැතිව වැඩ බිමක සිටි චීන ජාතිකයන් 5 ක් දැළේ වීසා නොමැතිව ගාලූමුවදොර ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩ බිමක සේවය කරමින් සිටි චීන ජාතිකයන් 5 දෙනෙකු සංචාරක පොලිස් කොට්ඨාසය විසින් අද (1) අත්අඩංගුවට ගෙන තිබුණි. 01 June 2018
කාබනික ගොවීන්ට බිත්තර වී නොමිලේ වසවිසෙන් තොර කාබනික වී වගාවේ නිරත ගොවීන්ට ඉදිරි මාස් කන්නය සඳහා අවශ්‍ය බිත්තර වී නොමිලේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත. 01 June 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026