‘ බැඳුම්කර කොමිසම් වාර්තාවේ අතුරුදන් පිටි 106 පිළීබඳ වහා හෙළි කරන්න‘ - දුෂණ වීරෝධි හඬ බැඳුම්කර වංචාව පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ රටට හෙළි නොවූ පිටු 106 පිළිබඳව රට තුළ දේශපාලන සුනාමියක් මතු වී ඇති බැවින් එම පිටු 106 වහා රටට හෙළි කරන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව දුෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය. 03 June 2018
ජාතික නිදහස් පෙරමුණෙන් රොජර් අස්වෙයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න මහතා ජාතික නිදහස් පෙරමුණෙන් ඉල්ලා අස් වී තිබේ. 03 June 2018
‘ දින 100 වැඩසටහනේ වගකිවයුත්තා අගමැතිවරයා බව ජනාධිපති නොකියා කිව්වා‘ - ඉනාමළුවේ සුමංගල හිමි වත්මන් රජයේ දින 100 රජයේ වැඩ සටහන ගැන ජනාධිපතිවරයා පවා නොදැන සිටි බවක් එතුමාගෙන් ප්‍රකාශ වී තිබෙනවා. එහි වගකිවයුත්තා අගමැතිවරයා බව එම ප්‍රකාශයෙන් නොකියා කියා තිබෙන බවයි හැගෙන්නේ. 03 June 2018
‘අපි ණයත් නෑ බයත් නෑ‘ - දිලිප් වෙදආරච්චි ‘පර්පර්චුවෙල් සමාගමේ හිමි කරුවන් ගෙන් වැඩි පුර සල්ලි අරගෙන තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා අයයි. එහෙම මුදල් අරගෙන පන්සල් ගානෙ ගිහින් ආත්තම්මලා ගේ, අම්මලාගේ පිටට තට්ටු කර දැන් සනීපද කියා ලජ්ජා නැතිව අසනවා.‘ යැයි ධීවර හා පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අද(03) දහවල් තංගල්ල මැවැල්ල ප්‍රදේශයේ ධීවරයන් හමු වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය. 03 June 2018
එළ ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව මස් සඳහා එළ ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එල ගවයින් 11 දෙනෙකු සමඟ අද (3) දහවල් බදුල්ල බදුලූපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි බදුල්ල පොලීසිය පවසයි. 03 June 2018
වී අලෙවි මණ්ඩලය හරහා වෙළඳ පොළට සහල් වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගන්නා වී තොග සහල් බවට පත්කර ‘පී.එම්.ඩී රයිස්’ නමින් වෙළඳපළට නිකුත් කිරීමට පියවර ගන්නා බව එහි නව සභාපති උපාලි මොහොට්ටි මහතා පැවසීය. 03 June 2018
‘ඉදිරියේදී රජරට ජනතාවට නායකත්වය දෙනවා‘- මර්වින් සිල්වා ‘තණ්හාව නැති පවුල් පෝෂණය කරන්නේ නැති අවංක මනුස්සයෙක් ජනාධිපතිකම සඳහා සෙවීම ජනතාව විසින් සහ මාධ්‍ය විසින් සිදුකළ යුතු‘ යැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (3) දින කැකිරාව ප්‍රදේශයේ සංචාරයකට එක් වෙමින් මාධ්‍ය හමුවේ සඳහන් කළේය. 03 June 2018
ශ්‍රිලනිප විධායක සභාව රැස්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව අද (3) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම දී පැවැත්විණි. 03 June 2018
ඇලෝසියස් එක්ක කතා කළ ලැයිස්තුව පාර්ලිමේන්තුවට ගේනවා - කතානායක පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ දුරකතන සංවාද පැවැත්වූ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ නාමලේඛනය මේ සතිය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය. 03 June 2018
මෝටර් වාහන නීතියට අදාළ සියලු කරුණු සහිත පොතක් මෝටර් වාහන නිතීයට අදාළ වන සියළුම කරුණු එක්රැස් කර ආදර්ශ ග්රන්ථයක් සකස් කිරීමට වාහන ආනයනයකරුවන්ගේ සංගමය කටයුතු කරන බව වාර්තා වේ. 03 June 2018
බසයේ කවුළුවෙන් එළියට දමාගෙන ආ සරසවි සිසුවාගේ අත පාරට වැටෙයි ධාවනය වෙමින් තිබූ බස් රථයක පසු පෙළ අසුනක වාඩිවී කවුළුවකින් අත එළියට දමාගෙන ගිය සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුගේ දකුණු අත ඉදිරියෙන් ආ ටිපර් රථයක වැදී ගැලවී මහපාරට වැටුණු සිද්ධියක් අද (3) දහවල් රත්නපුර බදුල්ල පාරේ පැල්මඩුල්ල සන්නස්ගම කිරිවැල්දෙනිය හන්දියෙන් වාර්තා විය. 03 June 2018
ජනතාවාදී දැක්මක් ශ්‍රීලනිපයට ගේනවා - මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ජනපති අපේක්ෂාව ඉටුකරමින් ප්‍රබල ජනතාවාදී ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට කැපවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. 03 June 2018
අර්ජුන් - කසුන් හමුවීමට කැෆේ අධ්‍යක්ෂක බන්ධනාගාරයට යයි කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කිර්ති තෙන්නකෝන් මහතා වැලිකඩ බන්ධනාගාර මුලස්ථානයේ දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පර්පෙචුවල් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් හා එහි විධායක නිලධාරි කසුන් පලිසේන යන අයට ලිපියක් බාරදීම සඳහා අද (3) බන්ධනාගාර මුලස්ථානය වෙත පැමිණියේය. 03 June 2018
හම්බන්තොට ගල්කොරි 30 ක් පරීක්ෂාවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගල් කොරි නිසි ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යෑම සිදු කරනවාද යන්න පරීක්ෂාව සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය එක්ව පසුගියදා වැඩසටහනක් සංවිධානය කර තිබිණි. 03 June 2018
විමලසුරේන්ද්‍ර ජලාශය යළි වාන් දමයි මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට යලිත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නොර්ටන්බ්‍රිජ් විමසුරේන්ද්‍ර ජලාශය අද(03) උදැසන සිට යලිත් වාන් දැමීමට පටන් ගෙන ඇත. 03 June 2018
මහින්ද එනවානම් ශ්‍රීලනිපයේ අනුශාසක තනතුරක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරය බාර ගන්නේ නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අනුශාසකවරයකු ලෙස පත් කිරිමට ශ්‍රීලනිප විධායක සභාව හා සමස්ත ලංකා කාරක සභාව තීරණය කර ඇත. 03 June 2018
ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 දෙනාගේ කතාව අම්පාරේ වඳ පෙත්ත වගේ බොරුවක් - කතානායක ඇලෝසියස්ගේ මුදල් ගත්තැයි කියන 118 දෙනකුගේ ලැයිස්තුවක් කොහේවත් නැති බවත් 118 ලැයිස්තුව අම්පාරේ වඳ පෙත්ත වගේ බොරු කතාවක් බවත් කතානායක කරූ ජයසුරිය මහතා පැවසීය. 03 June 2018
පොහොට්ටුවට ඡන්දය දුන්නේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරන්නයි ඉකුක් පළාත් පාලන මැතිවරණයේ දී සිදුවුයේ ජනතාව පොහොට්ටුවට ගමේ බලය ලබාදීමට වඩා ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කිරිම යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (3) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේ සහ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත. 03 June 2018
සෙවනගල සීනී කම්හලේ සේවකයෝ වර්ජනයක රජයට පවරාගත් පසු ලාබ ලබන සෙවනගල සීනි කර්මාන්ත ශාලාව අමාත්‍යාංශ විෂයපථ මාරුව හරහා යළි මුලින් අයිතිය තිබූ දයා ගමගේ මහතාට විකිණීම නොකරන්නැයි රජයට බලකරමින් එහි සේවකයන් දින දහයක් තිස්සේ අරඹා ඇති වැඩ වර්ජනය නිසා නිෂ්පාදන කටයුතු මේ වනවිට ඇනහිට තිබේ. 03 June 2018
‘මහබැංකු වංචාවෙන් රටට සිදු වු පාඩුවට ජනපතිත් වගකිව යුතුයි‘ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස සිංගප්පූරු පුරවැසියෙක් පත් කළේ කවුරුන්දැයි ජනාධිපතිතුමා රටට ප්‍රකාශ කළ යුතු බවත් මහබැංකු වංචාවෙන් රටට වු පාඩුවේ වගකීමෙන් ජනාධිපතිවරයාට ද කිසිසේත්ම මිදිය නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය. 03 June 2018
ශ්‍රිලනිප භාණ්ඩාගාරික තනතුරට එස්බී දිසානායක ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා භාණ්ඩාගාරික ලෙස පත් කරනු ලැබ ඇත. 03 June 2018
දුමින්ද දිසානායක ශ්‍රිලනිප ජාතික සංවිධායක ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස හිටපු මහලේකම් දුමින්ද දිසානායක මහතා පත්කර තිබේ. 03 June 2018
ගජමුතුවක් රැගෙන යමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට අලෙවි කිරිම සඳහා ග්‍රෑම් අටයි මිලිග්‍රෑම් 360 බර ගජමුතුවක් රැගෙන යමින් සිටි හිටපු කොටි සාමාජිකයකු හා තවත් පුද්ගලයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි. 03 June 2018
හම්බන්තොටත් උණ රෝගීන් වැඩි වෙලා ඉන්ෆ්ලුවෙන්සා රෝගය යැයි සැලකෙන රෝගින් දෛනිකව හම්බන්තොට මහ රෝහලේ ළමා වාට්ටුවේ සියයකට ආසන්න ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර දිනකට ප්‍රතිකාර ගැනිම සඳහා ළමයින් පණහක් හැටක් අතර ප්‍රමාණයක් හම්බන්තොට මහ රෝහලට පැමිණෙන බව හම්බන්තොට මහ රෝහලේ රජයේ වෛද්‍ය නිළධාරි සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා ප්‍රකාශ කළේය. 03 June 2018
ශ්‍රීලනිපයේ තාවකාලික මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහලේකම් ලෙස කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනය අංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කරනු ලැබ සිටියි. 03 June 2018
කලවානේ කම්බාදොළ පාලම ගිලා බහී - ගමනාගමනය නවතී රත්නපුර තිරිවනාකැටිය හරහා කලවාන මාර්ගයේ කම්බාදොළ පාලමේ නිවිතිගල පැත්තේ ඉවුරේ පැතිබැම්මේ කොටසක් ගැලවී පාලම ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය අද (3) උදෑසන සිට තාවකාලිකව නවතා ඇති බව රත්නපුර පොලීසිය කියයි. 03 June 2018
වෛරස් උණෙන් මියයන අයගේ පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීම අවදානම් වෛරස් ආසාදනය වීමෙන් මියගිය කුඩා දරුවන්ගේ පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්විම තුළින් වෛරස් සම්බන්ධව වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් ලබාදි ඇති තොරතුරුවලට එහා ගිය දෙයක් අනාවරණය කරගැනිමට නොහැකිවනු ඇති බව 03 June 2018
මධ්‍යම කඳුකරයට යළිත් තද වැසි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (2) රාත්‍රීයේ සිට කඩින් තද වැසි ලැබෙමින් පවතී. 03 June 2018
යෝජිත දඹුලු නව රෝහලට රංගිරි දඹුලු විහාරයෙන් අක්කර 5ක් දඹුල්ල නව රෝහල ඉදිකිරිම සදහා රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අයත් දඹුල්ල ජය මාවතේ පිහිටි අක්කර 05 ක භුමි භාගයක් ලබාදීමට රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර මාතලේ මහ දිසාවේ උපප්‍රධාන සංඝනායක අඹගස්වැවේ සිරි රාහුල නාහිමියන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පොරොන්දු වූහ. 03 June 2018
වෙන්නප්පුව නිවසක සිවිලිම කඩා වැටී අයෙක් මරුට වෙන්නප්පුව මේපල්ස් මාවතේ නිවසක සිවිලිමේ විදුලි අලුත්වැඩියාවක් කරමින් සිටි විදුලි කාර්මිකයකු සිවිලිම කඩාගෙන බිමට වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 03 June 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026