පුටින් විවේචනය කළ මාධ්‍යවේදියා ඝාතනයට ලක්වේ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිරන්තරයෙන් විවේචනය කළ මාධ්‍යවේදියකු යුක්රේනයේ කීව්හිදීය ඝාතනයට ලක්ව තිබේ. 30 May 2018
‘බලයට පත් වී පැය කිහිපයකින් දේශිය ආදායම් පනත මුළුමනින්ම වෙනස් කරනවා‘ ජනතාව පීඩාවට පත් කළ දේශිය ආදායම් පනත අප බලයට පත් වී පැය කිහිපයකින් සම්පුර්ණයෙන් වෙනස් කරන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 30 May 2018
‘එක් අයෙකුට චෝදනා එල්ල වූ පමණින් සියල්ලන් ඒ ගොඩට දාන්න එපා‘-සුසිල් ප්‍රේමජයන්ත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ගෙන ඇති බවට කණ්ඩායමේ එක් අයෙකුට චෝදනාවක් එක් වූ පමණින් සියල්ලන් ඒ ගොඩට දැමිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 30 May 2018
කොළඹ නගරයේ ජලාපවාහන-මලාපවාහන උමං පද්ධතියක් සැකසීමට පියවර රුපියල් දසලක්ෂ 5800ක වියදමින් කොළඹ නගරයේ විධිමත් ජලාපවාහන හා මලාපවාහන උමං පද්ධති ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (30) පැවසීය. 30 May 2018
සම්බන්ධන්ගේ ස්ථාවරය ගැන සතුටුයි 16 කණ්ඩායම කියයි ජාතීන් අතර යළිත් ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකට ජීවත් වන රටක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පරිසරය මේ රට තුළ ගොඩනගා ගත යුතු බවටත්, සිංහල, බෞද්ධ ජනතාවගේද කැමැත්ත ඇතිව එය සිදුකළ යුතු බවටත් වන අදහසක විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සිටීම රටට ඉතා වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය. 30 May 2018
සැලසුමේ පිටතක් නාමල්ගේ නීතීඥයාට දෙන්නැයි නියෝග හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් පරීක්ෂණ ආරම්භ කළ පසු බොස්ටන් කැපිටල් සමාගමට එවු බව කියන සැළසුමේ පිටපතක් නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයාට ලබාදෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා කොළඹ මහාධිකරණයේ ලේඛාධිකාරීවරයාට අද (30) නියම කළේය. 30 May 2018
ක්‍රිකට් නිලවරණය කල් යයි හෙට (31) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වීම වළකාලමින් අභියාචනාධිකරණ අද (30) තාවකාලික අතුරු නියෝගයක් නිකුත් කළේය. 30 May 2018
විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනා අනුමත කරනවා‘ -ගාමිණි වියන්ගොඩ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා අනුමත කරමින් එය රට පුරා ජනතාව අතරට ගෙන යාමටත් කටයුතු කරන බව පුරවැසි බලය සංවිධාන යේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ගාමිණි වියන්ගොඩ මහතා පැවැසීය. 30 May 2018
මේජර් පෙනී සිටියේ සැකකරුගේ උපදෙස් නැතිවලු මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධියට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ බවට නීතිඥවරයකුද වන මේජර් අජිත් ප්‍රසන්න මහතාඅජිත් ප්‍රසන්න අධිකරණයට කරුණු දක්වා ඇත්තේ පාර්ශ්වකරුවන්ගේ උපදෙස් අනුව නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නේය. 30 May 2018
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට ’ඒ’ ශ්‍රේණියට උසස් වීමක් ජාතික මානව හිමිකම් ආයතන සඳහා වූ ගෝලීය සන්ධානය (ජී.ඒ.එන්.එච්.ආර්.අයි) ඉකුත් දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ‘ඒ’ ශ්‍රේණියට උසස් කර තිබේ. 30 May 2018
කීත් නොයාර් සිද්ධියට ෆොන්සේකාගේ සම්බන්ධයක් නොපෙනෙන බව සීඅයිඩිය කියයි මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධියට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ බවට මෙතෙක් කළ පරීක්ෂණවලින් අනාවරණය වී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට දැනුම් දුන්නේය. 30 May 2018
සයිටම් ලියාපදිංචියට එරෙහි අභියාචන පෙත්සම් තීන්දුව කල් යයි සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය ලබා ගත් සිසුන්ට රජයේ වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදිංචි වීමට අවසර ලබා දෙමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) තීන්දු කළේය. 30 May 2018
තරුණයින්ට තැන දෙන්න එජාප ජ්‍යෙෂ්ඨයින් ඉවත් වීමේ තීරණයක ලබන මහ මැතිවරණයට තරග නොකරන එක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලනඥයින් දහයකට ආසන්න පිරිසක් ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට එකඟතාව පළ කර ඇත. 30 May 2018
වැලිඔය ළමා අපයෝජන සිද්ධියේ සැකකාර කොස්තාපල් 6 දක්වා රිමාන්ඩ් වැලිඔය පොලිස් අත්අඩංගුවේ සිටියදී 15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකු පොලිස් ස්ථානයතුලදීම බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සමිබන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ පොලිස් කොස්තාපල්වරයෙකු ජූනි මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මනෝජ් ප්රභාකරන් මහතා නියෝග කළේය. 30 May 2018
සනත් නිශාන්තට ඇප දෙන්න වත්කම් සහතික දෙන්න‘යි අධිකරණ නියෝගයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා මහතා ඔහුගේ සහෝදරයාට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා ඉදිරිපත් කෙරුණු මෝසම සලකා බැලු හලාවත මහාධිකරණ විනිසුරු එම්. බී. සී. එස්. මොරායස් මහතා ඇප නියම කිරිම පිණිස අද (31) සුදුසු ඇප කරුවන්ට සිය වත්කම් සහතිකයින් සමඟ අධිකරණය හමුවට පැමිණෙන ලෙස නියෝග කළේය. 30 May 2018
මැයි දින සැමරුමට නව නගර ශාලාව නොදුන්නැයි සමාජවාදී සමානතා පක්ෂයෙන් පෙත්සමක් සමාජවාදී සමානතා පක්ෂයේ මැයි දින සැමරුම් උත්සවය හා රැස්වීම වෙනුවෙන් කොළඹ නගර සභාව නව නගර ශාලාව ලබා නොදීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් එම පක්ෂයේ නායක විජේ ඩයස් මහතා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 30 May 2018
නොකළ වරදකට රිමාන්ඩ් කළැයි ව්‍යාපාරිකයාගෙන් මහාධිකරණයට පෙත්සමක් දුම්කොළ පනත යටතේ වරඳක් කළ බව කියමින් තමන් අත්අඩංගුවට ගෙන මාස 03 ක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමෙන් රේගු නිලධාරී තමාගේ මුලික අයිතිවාසිකම් කඩ කළ බව පවසමින් දුම්කොළ ව්‍යාපාරිකයකු විසින් පවරන ලද නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය තීරණය කළාය. 30 May 2018
කතරගම දේවාලයේ කප් සිටුවයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2018 වර්ෂයේ පැවැත්වෙන ඇසළ මංගල්‍ය සඳහා කප් සිටුවීම අද (30) අලුයම යෙදුණු සුභ නැකතින් සිදු කෙරිණි. 30 May 2018
‘ගව මස් විකිණිමට ඇඹිලිපිටියේ ඉඩක් නැහැ‘-ඇඹිලිපිටිය නගර සභාපති ඇඹිලිපිටිය නගරයේ ගවමස් වෙළදාම් කිරිමට කිසිම අවස්ථාවක ඉඩ නොදෙන බව නගර සභා සභාපති ලලිත් ගමගේ මහතා පවසයි. 30 May 2018
16 දෙනා විපක්ෂ නායක හමුවට සැලසුමක් ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම අද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවීමට නියමිතය. 30 May 2018
හෙරොයින් සමඟ මධූෂ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා බවට සැකකරන පුද්ගලයකු සහ තවත් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 10,900 ක් සමඟ අද (29) ලබුදූව , ගොනාමුල්ල සහ නියාගමදි සැකපිට අත්අඩංගුවට ගත්බව අක්මීමණ පොලීසිය කියයි. 29 May 2018
කණුකැටිය - මුඩත්ත වැව ප්‍රතිසංස්කරණයට වාරිමාර්ග රාජ්‍ය ඇමතිගෙන් උපදෙස් කණුකැටිය - මුඩත්ත වැවේ වැව් බැම්ම කැඩී ගොස් තිබූ ආකාරය ලංකාදීප වෙබ් අඩවිය මගින් අනාවරණය කිරීමෙන් පසු වාරිමාර්ග ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතා අද (29) එහි නිරීක්ෂණය චාරිකාවක නිරත විය. 29 May 2018
බස් රථය මතට ගසක් කඩා වැටීමෙන් එක් අයෙකු මරුට කොළඹ සිට බදුල්ල බලා ධාවනය වු බස් රථයක් මතට අද (29) රාත්‍රී දියතලාව නගරය ආසන්නයේදී ගසක් කඩා වැටීමෙන් බසයේ සිටි මගියෙකු මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව දියතලාව පොලිසිය පවසයි. 29 May 2018
ශ්‍රිලනිපයේ තීරණාත්මක රැස්වීමක් ලබන 3 වැනිදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන මස 3 වැනිදා පැවැත්වීමට නියමිතය. 29 May 2018
මරදාන දුම්රිය ධාවනාගාරයේ එංජින් 3කට පිරිසක් පහරදීලා මරදාන දුම්රිය ඩීසල් විදුලි ධාවනාගාරයේ තිබූ දුම්රිය එංජින් තුනකට කිසියම් පිරිසක් විසින් අද (29) අලාභ හානි කර ඇතැයි දුම්රිය සාමාන්‍ය අධිකාරී මහානාම අබේවික්‍රම මහතා පැවසීය. 29 May 2018
රජගල පුරාවිද්‍යා භූමියේ කැණීම් යළි ඇරඹෙයි අම්පාර රජගලතැන්න ඓතිහාසික පුජාභුමියේ ඓතිහාසික යුගය පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ආරම්භ කරන ලද කැණීම් වල දෙවෙනි අදියර පසුගියදා රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ ඇති විශාලතම ලෙණ වන මහා ලෙණදි ආරම්භ කෙරිණ. 29 May 2018
රටේ නීති දෙකක් - ඇමැති දුමින්ද ‘මැලේසියාවේ නව අගමැති මහතීර් මොහොමඩ් මහතා අගමැති තනතුරට පත්වුණාම රටේ නීතිය භාවිතා කර වැරදි කරපු හිටපු අගමැති හා පොලිස් නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කළා. එහෙත් අපේ රටේ දේශපාලනඥයන්ට , ධනවතුනට එක නිතියකුත් නැති බැරි අයට තවත් නිතියකුයි තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි මැලේසියාවේ අගමැතිවරයා ආදර්ශයට ගත යුතුයි.‘ යැයි වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර කනදරාවේදි පැවසීය. 29 May 2018
ශ්‍රී ලංකාවේ උසම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට නිදන් වස්තු තැන්පත් කෙරෙයි ගිරිඋල්ල - මල්ගමුව ශ්‍රී මේධංකරාරාම විහරස්ථානයේ ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ උරමඬලේ නිදන් වස්තු තැන්පත් කිරීමේ පූණ්‍යෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක, අග්හමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියෝ ප්රමුඛ ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සහ විජය පුවත්පත් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සහභාගිත්වයෙන් අද (29 වැනිදා) පැවැත්විණ. මෙම පුණ්‍යෝත්සවයට බුද්ධශාසන අමාත්‍ය ගාමි ර්ණ ජයවික්‍රම පෙරේරා 29 May 2018
බඹර කන්දෙන් වැටුණු පුද්ලයාගේ සිරුර හමුවෙයි බඹර කන්ද දිය ඇල්ලෙන් පහළට වැටුණු පුද්ගලයකුගේ මළ සිරුරක් අද (29) හමුවූ බව හල්දුම්මුල්ල පොලිසීය කියයි. 29 May 2018
16 කණ්ඩායම සමඟ දේශපාලන ගමනක් ගැන සැකයි - මන්ත්‍රී සොයිසා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සමඟ දේශපලාන ගමනක් යා හැකිදැයි යන ප්රශ්නය තමන්ට ඇතිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (29) පැවැසීය. 29 May 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026