දරුවා බේරා ගත් අප්‍රිකාවේ මකුළු මිනිසාට ප්‍රංශ පුරවැසිකම සරත් ඍතුව ආරම්භ වු ප්‍රංශයේ මේ දිනවල රාත්‍රී 08 යනු සවස් කාලය මෙන් හොඳට එළිය වැටී ඇත්තේය. අඳුර වැටෙන්නේ රාත්‍රී 10 ට පමණය. 29 May 2018
63 හැවිරිදි කත නිරාහාරව කාමරයක ඇඹිලිපිටිය - කුඹුගොඩආර ග්‍රාමසේවා වසමට අයත් සර්කිට් හංදියේ පිහිටි උඩහවත්ත නැමති නිවසේ 63 හැවිරිදි කාන්තාවක නිරාහාරව කාමරයක දමා ඇති බව ගම්වැසියෝ පවසති. 29 May 2018
මහවැලි ගංගාවේ වැලි කැණිමට 6 වැනිදා සිට යළි අවසර මහවැලි ගංගාවේ වැලි ගොඩදැමීම සඳහා ලබන මස 06 වැනිදා සිට යළි අවසර ලබා දෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසීය. 29 May 2018
දකුණේ පාසල් හෙට අරී - සෞඛ්‍ය බලධාරීහු මුනිවත රකිති දකුණු පළාතේ පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගෙන් මෙතෙක් කිසිදු නිර්දේශයක් ලැබී නොමැති බැවින් වසා දැමුණු පාසල් හෙට (30) සිට යළි විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්ර මහතා පැවසීය. 29 May 2018
අලි අනතුරු දැන්වීම අලි වැට උඩ පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මාර්ගය තබ්බෝව හතේ කණුව ප්‍රදේශයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කර තිබූ වන අලි පිළිබඳ සහ වන අලි අනතුරු පිළිබඳ මහජනතාවගේ දැනගැනීම ස්ථාපිත කර තිබූ මෙම විශාල නාමපුවරුව පසුගිය දිනවල පැවති සුළඟ හේතුවෙන් කඩා වැටී ඇත. 29 May 2018
දුම්රිය සේවක නිවාඩු අවලංගු කරයි සියලුම දුම්රිය සේවකයන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ජේ එස් විතානගේ මහතා පැවසීය. 29 May 2018
දුම්රිය සමිති 40ක සේවකයෝ අද පස්වරුවේ සිට ලෙඩ වෙති වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති 40ක් අද පස්වරු හතරේ සිට පැය 48ක වැඩ වර්ජනයක් ඇරැඹීය. 29 May 2018
අනිද්දා දක්වා තද සුළං දිවයින හරහා සහ වටා මුහුදු ප්‍රදේශවල අනිද්දා දක්වා (31) තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 May 2018
‘හිටපු ඇමැති එෆ්සීඅයිඩීයට කැඳවීම සිල්ලර වැඩක්’- අමරවීර හිටපු සංස්කෘතික ඇමැති ටී.බී ඒකනායක මහතා එෆ්සීඅයිඩී එකට කැඳවීම සිල්ලර වැඩක් බවත්, එෆ්සීඅයිඩී එකට කැඳවිමට අවශ්‍ය තෝරුන් මෝරුන් ආණ්ඩුවේත් විපක්ෂයේත් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අද (29) අම්බලන්තොට දී ප්‍රකාශ කළේය. 29 May 2018
ලෝක වෙළෙඳපොලේ තෙල් මිල පහළට ලෝක වෙළෙඳපොලේ තෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස පහත වැටී ඇතැයි රොයිටර් සහ සී.එන්.එන් පුවත් සේවා අද (29) වාර්තා කළේය. 29 May 2018
සුළි කුණාටු වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන් දෙදෙනා මරුට ඇමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රදේශයට හමා එන ඇල්බර්ටෝ සුළි කුණාටුව සම්බන්ධ කාළගුණික තත්ත්වය වාර්තා කිරීමට එම ප්‍රදේශයට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකු හදිසි අනතුරකින් මියගොස් ඇතැයි වාර්තා වේ. 29 May 2018
ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත කිසිවෙක් මගේ පක්ෂයේ නැහැ‘- අනුර කුමාර ඇලොසියස්ගෙන් මුදල් ගත්තා යැයි කියන 118 ලැයිස්තුවේ තමන්ගේ කණ්ඩායම්වල මන්ත්‍රීවරු නැතැයි රටට සහතිකයක් දෙන ලෙස ජනාධිපති අගමැති සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට තමා අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 29 May 2018
කෘෂි ආර්ථිකය නංවන්න යුරෝපයෙන් කෝටි 81 ක් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම සඳහා සහයෝගය යනුවෙන් ව්‍යාපෘතියක් යුරෝපා සංගමයේ රුපියල් මිලියන 810ක (රුපියල් කෝටි 81) වියදමින් ඉකුත් දා ආරම්භ කරන ලදි. 29 May 2018
ජලාශවල ඇති ආක්රමණික අපද්‍රව්‍ය ඉවත් කරන්න යන්ත්‍රයක් ජලාශයන්හි පවතින ආක්රමණික ජලජ ශාක හා අපද්‍රව්‍යය ඉවත් කිරීම සඳහා ජර්මනියෙන් මෙරටට නවීන යන්ත්‍රයක් ආනයනය කර තිබේ. 29 May 2018
හිටපු ජනපතිවරු-ප්රභූවරු භාවිත කළ වෙඩි නොවදින වාහන 8 ක් ගංගාරාමයේ ප්‍රදර්ශනයට හිටපු ජානාධිපතිවරු ඇතුළු ප්රභූවරු පාවිච්චි කරන ලද වෙඩි නොවදින වාහන අටක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ප්‍රදර්ශනය සඳහා ලබා දෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. 29 May 2018
ගැමියෝ ගිනිගත්ගල පාර පාදති ගිනිගත්ගල කිරිමැටිය ගම්වාසීහු එක්ව හල්දුම්මුල්ල ගිනිගත්ගල නාය ගිය කන්දේ නාය මතින් ගමන් කිරිමට මාර්ගයක් සාදා ගැනීමේ මෙහෙයුමක අද (29) උදෑසන සිට නිරතව සිටිති. 29 May 2018
බන්දුල ගුණවර්ධන ඉන්ධනවල පැරණි මිල ගණන් සොයයි පසුගිය රජය සමයේ ඉන්ධන මිළ ගණන් පිළිබඳව මුදල් අමාත්‍යංශය විසින් පුවත්පත්වල පළකරන ලද දැන්වීම්වල තොරතුරු ඉල්ලමින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මුදල් අමාත්‍යංශයට අයඳුම්පතක් යොමු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 29 May 2018
කික් බොක්සිං තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 10 ක් පිලිපීනයේ රිසාල් නගරයේදී පැවැති 10 වන ජාත්‍යන්තර කික් බොක්සිං ශූරතාවලියේදි පදක්කම් 10 දිනාගනිමින් දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම සමත් විය. මෙම කණ්ඩායම රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කමක් දිනා තිබේ. 29 May 2018
ජාතික ශිල්ප අභිමානී‘ ජනාධිපති සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් ඇගයීම සහ ඔවුන් ජාත්‍යන්තරයට හඳුන්වාදීමේ අරමුණින් ජාතික ශිල්ප සභාව සංවිධානය කළ ‘ජාතික ශිල්ප අභිමානී ජනාධිපති සම්මාන උළෙල’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද පැවැත්විණ. 29 May 2018
පැනගිය රැඳවියන්ගෙන් අයෙක් අත්අඩංගුවට බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී පැනගිය රැඳවියන් හයදෙනාගෙන් එක් අයකු ඇල්කන්ද ප්‍රදේශයේ දී බද්දේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 29 May 2018
චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් පැන ගිය සෙබළා අත්අඩංගුවට චීනවරාය ගුවන් හමුදා කඳවුරෙන් ටී.56 ගිනි අවියක් පතුරම් 90 ක් සහිත මැගසින් තුනක් රැගෙන පලා ගිය ගුවන් භටයා මඩකලපුව, පෙරියමඩු මුරුගන් කොවිල් පාරේදී අත්අඩංගුවට ගත් බව මඩකලපුව මුලස්ථාන පොලිසිය පවසයි. 29 May 2018
ජනපති කැලණිය පෙතියාගොඩ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානය වැදපුදා ගනී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) අධි පොසොන් පොහෝ දින පෙරවරුවේ කැලණිය පෙතියාගෙඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේ ආගමික කටයුතු රැසකට සම්බන්ධ විය. 29 May 2018
ශ්‍රීමත් ඩී.බී. ජයතිලක ගුණ සැමරේ ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතාගේ 74 වැනි ගුණානුස්මරණ උත්සවය මහාභාරකාර දෙපාර්තමේන්තු භූමියේ ස්ථාපිත කර ඇති ඒ මහතාගේ පිළිරුව අසල දී පැවැත්විණි. 29 May 2018
එච්.පී.සුමනසේකර ස්වර්ණාභරණ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ධුරයට ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු වන පන්තියේ නිලධාරියකු වන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එච්.පී.සුමනසේකර මහතා පත් කරනු ලැබ තිබේ. 29 May 2018
දිවි පිදු කොස්තාපල්ගේ දේහයට පොලිස්පතිගෙන් අවසන් ගෞරව රුදුරු ජල පහරට කොටුවී සිටි අහිංසක ජීවිත බේරා ගැනීමේ මෙහෙයුමකදී වික්‍රමාන්විත අන්දමින් ජීවිතය පූජා කළ මාදම්පේ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සැරයන් 88587 ඩිලාන් සම්පත් මහතාගේ ගිරිඋල්ල මල්ගමුව නිවසට ගිය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සැරයන්වරයාගේ දේහයට අවසන් ගෞරවය පුද කළේය. 29 May 2018
රිය අනතුරකින් ඉතාලියේදී ශ්‍රී ලාංකික තරුණයෙක් මරුට ඉතාලියේ කතානිය නගරයේ දී සිදු වු රිය අනතුරකින් ශ්‍රි ලාංකික තරුණයෙක් මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ පදිංචි එම් චින්තන ධනංජය (24) නැමති තරුණයෙකි . 29 May 2018
මහ රෑ නිවසින් පලා ආ තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට දන්කොටුව කුරුණෑගල මාර්ගයේ යෝගියාන ප්‍රදේශයේ දී රාත්‍රී 11 ට පමණ බෑග් 2 ක් සමඟ නිවසින් පලා යමින් සිටි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආරක්ෂාව පතා සැකපිට අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි. 29 May 2018
රන් බිස්කට් සමඟ ලාංකිකයා දැලේ රන් බිස්කට් දෙකක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ඇත. 29 May 2018
බද්දේගම අධිකරණයේදී රැඳවියෝ 5 දෙනෙක් පළා යති බද්දේගම අධිකරණයේ සිට ගාල්ල බන්ධනාගාරයට රැගෙන යාමට නිමිතව සිටි රැදවියන් පස් දෙනකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදි පැන ගොස් තිබේ. 28 May 2018
ජනපති ලේකම්ට රන්ජන්ගෙන් ලිපියක් අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ මුදල් ගත්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සෙසු 118 දෙනාගේ නම් ලැයිස්තු දෙන්නැයි ඉල්ලමින් ජනාධිපති ලේකම්වරයාට අද (28) ලිපියක් යැවු බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය. 28 May 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026