‘ණය ප්රශ්නය නොවිසඳා රටට අනාගතයක් හදන්න බැහැ‘ ඩොලරය ඉහළ යාමත් සමඟ ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය වැඩි වී තිබෙන නමුත් ණය ප්රශ්නය විසඳන්නේ නැතිව රටට අනාගතයක් ලබා දීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බොරලැස්ගමුවේදි අද (21) පැවසීය. 21 June 2018
උඩහමුල්ලට අලුත් කෙනෙක් මහරගම නගර සභාවේ උඩහමුල්ල කොට්ඨාසයට පාලක ස්වාධීන කණ්ඩායමට තේරීපත් වු ගල්කන්ද ආරච්චිගේ සිසිර මහතා වෙනුවට සරත් අබේගුණවර්ධන මහතා පත්වී තිබේ. 21 June 2018
ඇප දීමට මහෙස්ත්‍රාත් පෙළඹවීයැයි උසාවි මුරපොළේ ස්ථානාධිපති මාස 36ක් හිරේට විත්තිකරුවකුට ඇප ලබාදීම සඳහා මහෙස්ත්‍රාත්වරයා පෙළඹවීම සඳහා කූට ලෙස සකස් කළ ලේඛනයක් මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමේ චෝදනාවට වරදකරු වු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණ උසාවි මුරපොළේ හිටපු ස්ථානාධිපතිවරයා අධිකරණයේ විශ්වාසය බිඳ දමා ඇතැයි සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහුට මාස 36ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 21 June 2018
නවකවද සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් 5 දෙනා දින 14 කට රිමාන්ඩ් නවක වදය ලබාදීමේ සිද්ධියක් මත අත්අඩංගුවටපත් ගාල්ල ලබුදුව කෘෂි තාක්ෂණ පීඨයේ දෙවන සහ තෙවන වසර සිසුන් 5 දෙනා ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට අද සවස ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. 21 June 2018
‘ජාතිවාදය අවුස්සමින් දේශපාලන අරමුණු ඉටුකරගන්න හදනවා‘ උතුරේ සිට සිවාජිලිංගම් සහ විග්නේෂ්වරන් සිදු කරන දෙය දකුණේ සිට විමල් වීරවංශ සහ ගම්මන්පිල යන අය සිදුකරන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා පැවසීය. 21 June 2018
ඇමැති ස්වාමිනාදන් රජයට කරුණු දක්වයි යුද්ධයෙන් පීඩාවට පත්වුවන්ට සහන සැලසීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මගින් කිසිදු කොටි නායකයකුට වන්දි නොලැබෙන බව පුනරුත්තාපන නැවත පදිංචිකිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය රජයට කරුණූ වාර්තා කර තිබේ. 21 June 2018
‘පොලිස්පති භාවනා වැඩමුළු තියද්දී පතාලෙන් මනුෂ්‍ය ඝාතන කරනවා’ පොලිස්පතිවරයා පොලීසියට භාවනා වැඩමුළු පවත්වන විට විදෙස් ගත පාතාල නායකයන් මනුෂ්‍ය ඝාතන සිදුකරමින්, කප්පම් ගනිමින් දුරකථනය ඔස්සේ රට පාලනය කරන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා අද (21) පැවසීය. 21 June 2018
පිත්තෙන් පහර දී මිතුරා ආබාධිත කළැයි අත්හිටවු සිරදඬුවම් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී ඇති වු කතා බහක් හේතුවෙන් මිතුරු සිසුවකුට ක්‍රිකට් පිත්තකින් පහරදී සදාකාලිකව ආබාධිත කිරීමේ චෝදනාවට වරද පිළිගත් තරුණයකුට බරපතල වැඩ සහිත වසර 02ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා එම දඬුවම වසර 05ක කාලයකට අත්හිටුවීමට නියම කළේය. 21 June 2018
බහරේන් රාජ්‍යයේ ප්‍රථම බෞද්ධ ස්තූපයේ කොත නිරාවරණය කෙරේ 2008 වර්ෂයේදී පිහිටවනු ලැබූ බහරේන් රාජ්‍යයේ ප්‍රථම බෞද්ධාගමික විහාරස්ථානය වන ’අපේ පන්සල රෆා’හි අභිනවයෙන් ඉදිකරන ලද රන් කොත් සෑ වෙහෙර කොත් වහන්සේ නිරාවරණය කිරීම පසුගිය දා සිදු කෙරිණි. එය බහරේන් රාජ්‍යයේ තානාපති ආචාර්ය ඒ. සජ්. යූ. මෙන්ඩිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 21 June 2018
මුදල් ගෙවීමේ වාර්තාවක් ඉල්ලා තවත් ඇලෝසියස් කෙනෙකුට අධිකරණයට එන්න කියයි පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් බාහිර තැනැත්තන් සහ සමාගම් වෙත ලබාදෙන ලද මුදල් සම්බන්ධයෙන් වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ලබා නොදීම සම්බන්ධයෙන් පී.ටී.එල් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට ජුලි 5 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරිය නොතීසි නිකුත් කළාය. 21 June 2018
වැලිඔය ළමා අපයෝජන සිද්ධියේ සැකකාර කොස්තාපල්ට ඇප වැලිඔය පොලිස් අත් අඩංගුවේ සිටි 15 හැවිරිදි බාල වයස්කාර පිරිම් දරුවෙකු පොලිස් ස්ථානය තුළදීම බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන මාස එකහාමාරකට ආසන්නකාලයක් රිමාන්ඞ් බාරයට පත් කර සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂ ද අල්විස් මහතා ඇපකරුවන් සැකකරුගේ ළගම ඥාතීන් විය යුතු බවටද නියෝග කළේය. 21 June 2018
ගැමියන් හපාකෑ දිවියා පොලු පහර කා මරුදකී කිලිනොච්චිය අම්බාලකුලම් ගම්මානයට කඩාවැදුණු දිවියකු අද (21) උදෑසන වනජීවි නිලධාරියකු ඇතුළු එම ගම්මානයේ පුද්ගලයින් දසදෙනකු පමණ සපාකා ඇති බව ප්‍රදේශවාසීහු කියති. 21 June 2018
ලෙබනනයට ගිය ගෘහසේවිකාව ගැන තොරතුරු සොයයි ලෙබනනයේ ගෘහසේවිකා රැකියාවක් සඳහා ගොස් සිටියදී කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වී ඇති කාන්තාවක් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට කාර්යංශය ජනතා සහය පතයි. 21 June 2018
‘හමුදාවේ බලය සියයට 25 කින් අඩු කිරිමට සැරසෙනවා’ යුද හමුදාවේ බලය සියයට 25කින් අඩුකර, දෙමළ ඩයස්පෝරාවට හා ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට රජය සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය. 21 June 2018
චන්දිමාල්ගෙන් අභියාචනයක් පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල්ට පනවා ඇති තරගයක තහනමට එරෙහිව දිනේෂ් චන්දිමාල් අභියාචනයක් ඉදිරිපත් කරඇති බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි. 21 June 2018
කල්පිටියේ ගෙවත්තක ගැට කිඹුලෙක් කල්පිටිය අම්මාතෝටම් ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි ගැට කිඹුලෙකු, අල්ලා කල්පිටිය වනජීවී කාර්යාලයට බාර දීමට අද (21) ගම්වාසීහු එක්ව කටයුතු කළහ. 21 June 2018
විදුහල්පතිවරයෙක් ඉල්ලා පන්නල ජාතික පාසලේ විරෝධතාවක් පන්නල ජාතික පාසලට නව විදුහල්පතිවරයෙක් ඉල්ලා මව්පියන් සහ අාදි සිසුහු එක්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ. 21 June 2018
බුද්ධිය පතිරණ ඇමැති ධුරයේ වැඩබාර ගනී කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා නාරහේන්පිට පිහිටි එම අමාත්‍යාංශයේ දී වැඩබාර ගැනීම අද (21) සිදුවිය. 21 June 2018
අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක මිල අඩු කිරීමට පියවර මිල අධික ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ දී අඩු කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 21 June 2018
වැසිකිළි වළකට වැටී දෙන්නෙක් මරුට අරණායක අරම ප්‍රදේශයේ ගෙවත්තක පොල් අහුලමින් සිටි පුද්ගලයින් දෙදෙනකු වැසිකිළි වළකට වැටීමෙන් අද (21) උදෑසන මියගොස් ඇතැයි පොලීසිය පවසයි. 21 June 2018
මීගමුවෙන් හොර කච්චේරියක් රුපියල් ලක්ෂ ගණනින් මුදල් අයකර ඉතාලිය ,කැනඩාව, ඕස්ට්‍රේලියා වැනි යුරෝපීය රටවලට පුද්ගලයින් යැවීම සඳහා වීසා බලපත්‍ර ඇතුළු ලියකියවිලි ව්‍යාජ ලෙස සාදන ලද හොර කච්චේරියක් වැටලු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් සැකකරුවෙක් ඇතුළු දේපළ අද (21) අත්අඩංගුවට ගනු ලැබීය. 21 June 2018
තැපල් වර්ජනයෙන් නොලැබුණු වැඩිහිටි දීමනා පොලිස් ආරක්ෂාව යටතේ ලබා දෙයි තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් නොලැබුණු වැඩිහිටි දිමනාව එම ආධාරලාභින්ට ගෙවිම් කටයුතු පොලිස් නිලධාරින්ගේ ආරක්ෂාව මධ්‍යයේ ගිනිගත්හේන ප්‍රාදේශිය කාර්යාලයේ නිලධාරින් විසින් අද (21) ආරම්භ කර තිබේ. 21 June 2018
අනවසරෙන් කැණීම් කළ තිදෙනෙක් අත්අඩංගුවට මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිසි අවසරයක් නොමැතිව පොළොව හාරමින් සිටි ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය පවසයි. 21 June 2018
වරාය අධිකාරියට තවත් මිලියන 584 ක් හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු පැවරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් සමගම අතර අත්සන් තබන ලද ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට ලැබිය යුතුව තිබූ අවසන් වාරික මුදල වන ඇමෙරිකන් ඩොලර් මිලියන 584 මුදල ලැබුණු බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් අද (20) සඳහන් කළේය. 21 June 2018
ඇමැති මොහාන් ලාල් සහ මන්ත්‍රී බිමල් රත්නායක මැතිසබයේදී ගැටෙති උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහත්වරුන් අතරේ අද (20) මැතිසබයේදී උණුසුම් බහින්බස් වීමක් ඇතිවිය. 21 June 2018
මන්ත්‍රීවරුන් තමන්ගේ ගෞරවය රැක ගැනීමට කටයුතු කළ යුතුයි - සභානායක මහජන නියෝජිතයන් වශයෙන් මන්ත්‍රීවරුන් තම තමන්ගේ ගෞරවය රුක ගැනීමට කටයුතු කළ යුතුයැයි සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 21 June 2018
සයිටම් සිසුන් 982ක් කොතලාවලට අනුයුක්ත කෙරෙන පනත සම්මතයි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශීෂ්‍ය ශිෂ්‍යාවන් 982 දෙනෙකු ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කෙරෙන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (20) සංශෝධන සහිතව සම්මත විය. 20 June 2018
හෙරොයින් වැටලීම කළ උප පොලිස් පරීක්ෂකට පරීක්ෂණයක් වැටලීම කළ පොලිස් නිලධාරියාගේ සාක්කි පරස්පර වීම නිසා හෙරොයින් ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය වැටලීම කළ උප පොලිස් පරීක්ෂවරයාට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කළාය. 20 June 2018
දස වසරක් තිස්සේ දැරියක අපයෝජනය කළැයි ඉංජිනේරුවා රිමාන්ඩ් දස වසරක් තිස්සේ දැරියකට කෲර වධ හිංසා පමුණුවමින් අපයෝජනයට ලක් කර ඇයට ඇසිඩ් ගසා තුවාල සිදු කළ බව කියන මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල කාර්යාලයේ ඉංජිනේරුවරයෙකු ලබන දෙවැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (20) නියෝග කළාය. 20 June 2018
මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුවත් ලංකාවට සහාය ලබාදෙනවා - ඇමෙරිකා තානාපති සංහිඳියා ක්‍රියාවලියේදී මෙන්ම දීර්ඝකාලීන සාමයක් උදා කරදීමේ ක්‍රියාවලියේදී ඇමෙරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදෙන බව ඇමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් මහතා මෙරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙමින් ප්‍රකාශ කර තිබේ. 20 June 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026