අංජුල මහික වීරරත්න
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ පක්ෂයේ නායකයෙක් යැයි එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අද (21) පැවසීය.
මහනුවරදී මහ නාහිමිවරුන් හමුවීමෙන් පසුව 20 වැනිදා තමා කී කතාවක් වැරදි අයුරින් සමාජගත වී තිබෙන බව කී නවීන් දිසානායක මහතා ජනාධිපතිවරණය සඳහා අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයකු බව පැවසුවේය.
සන්නිවේදන දුර්වලතා නිසා වෙනත් අරුතක් ඇති පුවතක් සමාජ ගත වී තිබෙන බවද ඒ මහතා පැවසීය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී දිසානායක මහතා මේ බව සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙ යන්න මහත්තයා ඔයත් නායකතුමාට දෙවෙනි නැහැ හරිම කපටියි. තමන්ට නායක කම ලැබෙනකමි අල්ලන් ඉන්න බැලුවෙි අස්ථාවර නායකත්වය තමන්ට වාසි නිසා තව ටික දවසකින් නායක පොරය පටන් ගන්නවා ෂුවර් සජිත්, රනිල්, නවීන්, රවී, කරු, ඔය ඔක්කොම යටයි රණවක සහ රාජිතට අවසානයෙ පොදු අපේක්ෂක කරලියට.....
පසුගියදා සිදුවුණ දේශපලන බලපෙරළිය නිසා රනිල් පාර්ශ්වය හිතනවා නම් එතුමා තවත් ජනප්‍රිය වුනා කියලා ඒක මුලාවක්. එ.ජා.ප නායකත්වයේ වෙනසක් සිදුනොකර ජය්‍රහණයක් ගැන සිතීම නම් හීනයක්.
වඩා හොඳ නැද්ද චම්පික රණවක පොදු අපේක්ෂකයෙක් ලෙස පත් කරන එක?
එජාප රවී කරුණානායක වගේමයි
නායකයෙක් කියන්නේ? නායකයෝ කී දෙනක් ඉන්නේ?
2015 ජනාධිපතිවරණයට අතිපූජ්‍ය මාදොලුවාවේ හිමියන් බලාපොරොත්තුවුනේ කරූ ජයසූරිය මැතිතුමා පොදු අපේක්ෂක කරන්න. එයට විරුද්ධ වුනේ රනිල් මැතිතුමා රනිල් මැතිතුමාට ඉදිරි පාලනයට සැලසුමක් නොමැතිව සිටි නිසා දින සියයද දෙසීයද කියලා අටමඟලයක් හදාගෙන කටයුතු කළා. කරු මැතිතුමා පොදු අපේකෂක කරලා ජනාධිපතිවරණය පසුවූ විගසම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ඤාණවන්ත වුණා නම් මෙහෙම වෙනවද?