‘දේශීය ව්‍යාපාර කඩා වැටිලා’ දේශිය ව්‍යාපාරිකයා නගා සිටුවීමට ආණ්ඩුව කටයුතු කරන බවට විෂයභාර ඇමැතිවරුන් මොන කතා කියුවත් විපක්ෂය කියන ලෙසම දේශීය ව්‍යාපාර කඩා වැටී ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති චම්පික ප්‍රේමද්‍රාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 June 2018
ඥානසාර හිමියෝ ආගමික වතාවත්වල නියැලෙති ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇප ලබා හෝමාගම අධිකරණයෙන් පිටතට පැමිණ අධිකරණය ආසන්නයේ පිහිටි විහාරස්ථානයකට ගොස් ආගමික වතාවත්හි නිරත වුහ. 22 June 2018
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ සත්‍යග්‍රහය අවසන් බෞද්ධ දර්ශනය විෂය උසස් අධ්‍යාපනයෙන් පිටමං කිරීමේ කුමන්ත්‍රණය වහා නවතන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂූ බල මණ්ඩලය දින 36 ක් පවත්වාගෙන ගිය අඛණ්ඩ සත්‍යග්‍රහය අද (22) පස්වරුවේ අවසන් කෙරිණි. 22 June 2018
‘දේශිය කර්මාන්තකරුවා ආරක්ෂා කරමින් ජාත්‍යන්තරය ජයගන්නවා‘ සේවා කර්මාන්ත අපනයන සහ සංචාරක අංශ වලින් වැඩිපුර රැකියා අවස්ථා නිර්මාණය කරමින් දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කරගෙන ජාත්‍යන්තර දික් විජය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බණ්ඩාරගම මිල්ලනියේදී අද (22) පැවසීය. 22 June 2018
අ’පුරේ පාසල් 25 සිට 29 තෙක් වසයි පොසොන් උත්සවයේ ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා අනුරාධපුරයට පැමිණෙන පොලිස් නිලධාරින්ට නවාතැන් පහසුකම් ලබාදීමට මේ මස 25 වැනි දා සිට 29 වැනි දා දක්වා පහත සඳහන් පාසල් වසා දමන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 22 June 2018
ඇප බැඳුම්කරයට අත්සන් තැබීමට ඥානසාර හිමි අධිකරණයට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇප බැඳුම්කරයන්ට අත්සන් තැබීම සඳහා බන්ධනාගාර වෑන් රියකින් මීට සුළුවේලාවකට පෙර හෝමාගම අධිකරණයට රැගෙන ආහ. 22 June 2018
ආණ්ඩුවෙන් ඉවත් වු 16 සමඟ විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුවෙන් ඉවත් වු 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සිදු කෙරෙන විශේෂ සාකච්ඡාවක් මහරගම පිහිටි මහජන එක්සත් පෙරමුණු කාර්යාලයේදී මේ වන විට පැවැත්වේ. 22 June 2018
වෙඩි වැදී ඇත්තේ පාතාලයකු බවට සැකයක් කරාපිටිය රෝහල අසල වෙඩි වැදී දමාගොස් ඇති පුද්ගලයන් තිදෙනා මේවනවිට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සහ වාට්ටුවක ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. එක පුද්ගලයකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 22 June 2018
‘ඒකාධිපති වචනයවත් ශ්‍රිලනිපයට එපා’ ඒකාධිපති පාලනයක් සුදුසු යැයි කියන තැනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටීම පවා සුදුසු නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 22 June 2018
රාජ්‍ය සංගීත සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන් ‘රාජ්‍ය සංගීත සම්මාන උලෙළ 2018’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. 22 June 2018
දිවියා ඝාතනය ගැන රජයෙන් පරික්ෂණයක් කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානයේ දී දිවියා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය පුළුල් පරික්ෂණයක් පවත්වන බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය. 22 June 2018
ගලගොඩඅත්තේ හිමිට ඇප මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී මරණ තර්ජනය කර බැන වැදීමේ සිද්ධියට වරඳකරු වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි හෝමාගම මහෙස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා අද (22) නියෝග කළේය. 22 June 2018
වෙඩි වැදුණු තිදෙනෙක් කරාපිටිය රෝහල අසල දමා ගිහින් මාතර ස්වර්ණාභරණ සලක් මංකොල්ල කෑමට පැමිණ ඇතිවූ වෙඩි හුවමාරුවේදී වෙඩි වැදුණු පුද්ගලයන් බවට සැක කරන වෙඩි වැදුණු පුද්ගලයන් තිදෙනෙකු කරාපිටිය රෝහල ඉදිරිපිට මහා මාර්ගයේ දමා ගොස් සිටියදී මීට සුළුමොහොතකට පෙර රෝහලට ඇතුළත් කර තිබේ. 22 June 2018
නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ සුළං බාධකයට මුල්ගල නොරොච්චෝල ලක්විජය ගල් අගුරු බලාගාරයේ ගල් අගුරු අංගනය වටා ඉදි කිරීමට යෝජිත සුළං බාධකය සඳහා මුල්ගල තැබීම විදුලි බල හා බලශක්ති පුනර්ජනනීය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අද (22) බලාගාර පරිශ්‍රයේ දී සිදුවිය. 22 June 2018
දිවියා මැරූ අයට නීතිය ක්‍රියාත්මක කරන්නැයි පරිසරවේදීහු ඉල්ලති කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ දී ප්‍රදේශවාසීන් එක්ව වඳවී යාමේ තර්ජනයකට ලක්ව ආරක්ෂා කළ යුතු වර්ගයේ දිවියකු මරා දැමීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව උතුරේ පරිසරවේදීහු පවසති. 22 June 2018
ආනයනික කිරි දෙනුන්ට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සහතිකය කිරි දෙනුන් ආනයනය කිරීමේදී ආනයනික දෙනුන් සඳහා වන ඕස්ට්‍රේලියානු සත්ත්ව සෞඛ්‍ය සහතිකය මෙරට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය පවසයි. 22 June 2018
කොල්ලය වරදී-පොලිස් නිලධාරියෙක් මරුට:4ක් රෝහලේ මාතර ස්වර්ණභාරණ වෙළෙඳසලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් හා පොලීසිය අතර සිදුවු වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීයකු මියගොස් තවත් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. 22 June 2018
මීනගයා දුම්රියට ඇතින්නියක් හැපී තුවාල කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ ’’මීනගයා’’ නගරාන්තර රාත්‍රී දුම්රියට අද (22) අලුයම වැලිකන්දේ දී ඇතින්නක හැපී තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. 22 June 2018
කොටි කොඩි-නිල ඇඳුම් රැගෙන යමින් සිටි පිරිසක් අත්අඩංගුවට මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක්, කොටි සංවිධානයට අයත් කොඩියක් සහ බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බවට ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි. 22 June 2018
හික්කඩුවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට හික්කඩුව පොලිස් වසමේ නාරිගම හෝටලයක් අසලදී ඉනාසි චමින්ද කුමාර (31) නමැති පුද්ගලයකු අද (22) වෙඩි තබා ඝාතනය කර තිබෙන බව හික්කඩුව පොලිසිය පවසයි. 22 June 2018
අම්පාරේ ප්රශ්නය නොවිසඳුවහොත් මුස්ලිම් කොංග්‍රසය රජයෙන් ඉවත්වෙනවා අම්පාරේ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න නොවිසඳුවහොත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රජයෙන් ඉවත් වන බව දිගාමඩුළු දිස්ත්‍රික් මන්ත්‍රී එච් .එච් එම් මන්සූර් මහතා පාර්ලිමේන්තුවේදි අද (21) පැවසීය. 21 June 2018
පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන පාර්ශව දෙක මත 2ක් පළාත් පාලන මැතිවරණය පැවැත්වු කොට්ඨාස ක්‍රමයටම පාළාත් සභා මැතිවරණය ද පැවැත්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහස යැයි පළාත් සහ ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා අද (21) පක්ෂ නායක රැස්විමේදී පවසා තිබේ. 21 June 2018
පාර්ලිමේන්තුව වැඩි කාලයක් ගන්නේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න කතා කරන්න අද පාර්ලිමේන්තුව වැඩි කාලයක් වැය කරන්නේ ජනතාවගේ ප්‍රශ්න විසදීමට නොව මන්ත්‍රීවරුන් 225 දෙදෙනාගේ ප්‍රශ්න ගැන කතා කිරීමට යැයි මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අළුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදි අද (21) පැවසීය. 21 June 2018
හර්ෂ ද සිල්වාට මුදල් රාජ්‍ය ඇමතිගෙන් දොස් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සුව සැරියේ ගිලන් රථ සේවයට අදාළව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදි අද (21) හර්ෂ ද සිල්වා මහතාට දොස් පැවරුවේය. 21 June 2018
හිටපු පොලිස්පතිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගනී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (21) හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි. 21 June 2018
ශ්‍රී ලංකා තැපැල් සේවාව හරහා ලිපි නොයවන්න - විශ්ව තැපැල් සංගමය ශ්‍රී ලංකාවට ලිපි හා පාර්සල් යැවීමේ දී ශ්‍රී ලංකා තැපැල් සේවාව හරහා නොයවන්නැයි විශ්ව තැපැල් සංගමය එහි සාමාජික රටවල්වලට දන්වා යවා තිබේ. 21 June 2018
හිට්ලර් කෙනෙක් වෙලා හරි රට හදන්න මිලිටරි පාලනයක් හරි අරගෙන ගිහින් මේ රට හදන වගකීම බාර ගන්නැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි නාහිමි ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවසුහ. 21 June 2018
රජරට විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වහයි සිසුන් පිරිසක් විසින් රජරට විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලට අද (21) බලහත් කාරයෙන් පිවිස ඒ තුල රැදි සිටීම නිසා හෙට (22) සිට දින නියමයක් නොමැතිව විශ්ව විද්‍යාලය වසා දැමීමට එහි පාලන අධිකාරිය පියවර ගෙන තිබේ. 21 June 2018
නිතී විරෝධිව චීනයට ගෙනියන්න හැදු ඩොලර් තොගයක් කටුනායකින් අලල්යි රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු ඇමෙරිකානු ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස චීනයට රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (21) දින සවස කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 21 June 2018
ඒ එස් පී 37කට උසස්වීම් සහකාර පොලිස් අධිකාරීවරුන් 37 දෙනකු පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (21) තීරණය කළ බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 21 June 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026