දිවියා මැරූ සිව් දෙනකු 29 තෙක් රිමාන්ඩ් කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණ දිවියකු පොලූ මුගුරු වලින් පහරදී අමානුෂික ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයකු ඇතුළු සිව්දෙනකු අද කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් ලබන 29 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට කිලිනොච්චිය වැඩබලන මහෙස්ත්‍රාත් එස්.ග්‍රේෂියන් මහතා අද (25) දින නියෝග කළේය. 25 June 2018
හෙක්ටර් බෙත්මගේට එරෙහි නඩුව හෝමාගම අධිකරණයට මාරු කරයි නිල ගිනි අවියෙන් වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදුකළ බවට බස්නාහිර පළාත් සභාවේ සභානායක හෙක්ටර් බෙත්මගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව හෝමාගම මහාධිකරණයට මාරු කර යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඊයේ (25) නියම කළේය. 25 June 2018
‘අනුශාසනාවක් වුවද කළ යුත්තේ ප්‍රඥාවන්තයකුට පමණයි‘ ‘බුදුන්වහන්සේ දේශනා කර ඇති පරිදි අනුශාසනාවක් කළ යුත්තේ තේරුම් ගැනීමට ප්‍රඥාවක් ඇති මිනිස්සුන්ට බවත්, අනු නා හිමිගේ අනුශාසනාවේ තිබු කරුණු මැනවින් තමා අවබෝධ කරගත් බවත් එය නොතේරුම් ගත් පිරිසක් විසින් විවිධ ප්‍රකාශ කරන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 25 June 2018
කොටකෙතනේ මව හා දියණිය ඝාතන නඩුවේ තීන්දුව කල් යයි කොටකෙතන නිවසකදී පාසල් යන දියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි අසල්වැසි නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවළ විත්ති වාචක කැඳවීමකින් තොරවම නිදොස් කොට 25 June 2018
‘සරසවි ප්‍රතිපාදන මුදල් බැඳුම්කරේට දුන් අය ගැන පරික්ෂණ පැවැත්විය යුතුයි’ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදල් බැඳුම්කර වංචාවට යොදා ගැනීමට උපදෙස් දුන් උදවිය සම්බන්ධව ඉතාම ඉක්මණින් පරීක්ෂණ පැවැත්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (25) පැවසීය. 25 June 2018
අඩි 100 පාරේ දේපොළ අහිමි වූවෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කඩා වදිති සූරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේ දී දේපල අහිමි වූවන්ට වන්දි මුදල් ලබාදීමට තවමත් නොහැකි වීම නිසා දේපල අහිමිවූවන් අද (25) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල කාර්යාලය අසල රැඳී සිටිති. 25 June 2018
පසුගිය රජය සමයේ වී අලෙවි මණ්ඩලයට මිලියන 7000ක පාඩුවක් වී අලෙවි මණ්ඩලයට 2009 සිට 2014 දක්වා වසර 05ක කාලයේ දී රුපියල් මිලියන 7,152.95 ක අලාභයක් සිදු වී ඇතැයි එහි සභාපති උපාලි මොහොට්ටි මහතා පැවසීය. 25 June 2018
මට්ටම් ලීය අධි බලැති විදුලි රැහැනේ වැදී පෙදරේරුවා මරුට රත්ගම පොලිසිය ආසන්නයේ මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි පුද්ගලයකු අත තිබු ඇලුමිනියම් මට්ටම් ලීයක් අධිසැර විදුලි කම්බියක ගැටීමෙන් මරුමුවට පත්වී ඇතැයි පොලිසිය පවසයි. 25 June 2018
තැපැල් වර්ජනයෙන් ඩී ආර් විජයවර්ධන මාවත අවහිර වෙයි වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ ඩී.ආර්.විජයවර්ධන මාවත තැපැල් අමාත්‍යංශය අසළින් අවහිර වී තිබේ. 25 June 2018
ලක්ෂ හතරක හොරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට වැලිමඩ පොලිසියේ නිළධාරින් විසින් සිදුකළ හදිසි වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනිමට අද ( 25) උදැසන සමත්ව තිබේ. 25 June 2018
දිවියා ඝාතනය සම්බන්ධයෙන් තව සිව් දෙනෙක් අත්අඩංගුවට කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණ දිවියකු පොලූ මුගුරු වලින් පහරදී අමානුෂික ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාසල් අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයකු ඇතුළු සිව්දෙනකු ඊයේ (24) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 25 June 2018
පොලිස් පරීක්ෂකයකුට අල්ලස් දුන් අයෙක් අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියෙක් මුදාහරින්නැයි ඉල්ලා පොලිස් පරීක්ෂකවරයකුට රුපියල් ලකෂයක අල්ලස් දීමට තැත්කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව මෝදර පොලීසිය කියයි. 25 June 2018
යාපන සරසවි සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් දෙදෙනෙක් රෝහලේ යාපනය විශ්ව විද්‍යලයේ සිව් වැනි වසර කළමනාකරණ පීඨයේ සිංහල සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ පහරදීමකින් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව කෝපායි පොලීසිය කියයි. 25 June 2018
රත්මලානේ දී හමුදා කොප්රල්වරයකුට වෙඩි රත්මලාන චකින්දාරාරාම පාරේ කර්නල්වරියකගේ නිවස ඉදිරිපිට දී ඇයගේ රියදුරු වන හමුදා කොප්රල්වරයකුට ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි. 25 June 2018
ගාලු- කොළඹ දුර ගමන් බස් සේවා වර්ජනයක් ගාල්ල, කොළඹ, මාතර, කොළඹ සාමාන්‍ය සේවා බස් රථ වර්ජනයක් මේවනවිට ආරම්භ කර තිබේ. සති අන්තයේ නිවාඩු ලබමින් ගම්බිම් කරා ගොස් සිටි විශාල පිරිසක් මෙම තත්වය නිසා අපහසුවට පත්වී ඇතැයි මගීහු චෝදනා කරති. 25 June 2018
ගෝඨා එෆ්සීඅයිඩියට ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී සිදුවු බව කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය. 25 June 2018
අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න අගමැතිගෙන් නියෝගයක් ගාලු උරුමයට හානිකර සියලු අනවසර ඉදිකිරීම් ඉවත්කරන ලෙසත් කොටුවේ ඇති සියලුම රාජ්‍ය ආයතන කඩිමින් එම ස්ථානවලින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළේය. 24 June 2018
මහඔය පොලිස් නිලධාරියාගේ මරණයට අත්අඩංගුවට ගත් කොස්තාපල් ඇතුළු තිදෙනා රිමාන්ඩ් මහඔය පොලිස් ස්ථානයට අනුයුක්තව පේරවැල්තලාව පොලිස් මුරපොලෙහි රාජකාරි කරමින් සිට අතුරුදහන් වූ ජයසිංහ නමැති පොලිස් නිලධාරියාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තිදෙනා 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දෙහිඅත්තකන්ඩිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. 24 June 2018
බිරිඳ සමඟ අමනාප වී තුන්හැවිරිදි දරුවා මුහුදට විසි කරලා මත්පැන් පානයට සිය බිරිද මුදල් නොදුන් කෝපයට පත්ව සිය තුන් හැවිරිදි එකම පුතුව ඔසවා මහ මුහුදට විසි කළ තරුණ පියෙකු අද ( 24 )දහවල් අත් අඩංගුවට ගත් බව මාරාවිල පොලිසිය කියයි. 24 June 2018
මාතර පොලිස් වීරයා අවසන් ගමන් යයි මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළෙදසැලක් කොල්ලකෑමට පැමිණී පාතාල කල්ලියක් සමඟ වික්‍රමාන්විතව සටන් කර ගිනි අවිය ක්‍රියා විරහිත වීම නිසා කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ (33) මහතාගේ දේහය මාතර පොදු සුසාන භූමිය වෙත අද (24) සවස රැගෙන ගියේය 24 June 2018
‘අද අපේ රට ගෝනුස්සන්ගෙන් පිරිලා. උන් දන්නේ හපා කන්න විතරයි‘ ‘තමන්ව බේරගත්ත හාමුරුවන්ගේ අත හපාකාන ගොනුස්සෙක් ගැන තරහින් කතා කළ හිමිනමක් අමතා සෙන් හාමුදුරු නමක් කියනවා මම මගේ වැඬේ කරනවා ගෝනුස්සා උගේ වැඬේ කරනවා. 24 June 2018
‘ඉක්ටා‘ පරිගණක අපරාධකරුවන්ට පාර වහයි හැකරුන්ට ඇතුල්වීමට දුෂ්කර වන පරිදි රාජ්‍ය වෙබ් අඩවි ජාලය වඩා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කටයුතු යොදා ඇත. 24 June 2018
මලගනේ වැවේ ඔරුපැදීමට ගිය දෙන්නෙක් අතුරුදන් වාරියපොළ මලගනේ වැවේ ඔරු පැදීමට ගිය මිතුරන් පස්දෙනකු ගමන් කළ ඔරුවක් පෙරැළිමෙන් තිදෙනකුගේ දිවි බේරාගෙන ඇති අතර ඉන් දෙදෙනකු අතුරුදන් වී ඇතැයි වාරියපොල පොලීසිය පවසයි. 24 June 2018
දකුණේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය ලංකාදීපයට මාතර මන්තීන්ද විද්‍යාලයේ මාධ්‍ය ඒකකය මගින් පවත්වනු ලැබු මාධ්‍ය සමීක්ෂණයකදී දකුණූ පළාතේ ජනප්‍රියතම මුද්‍රිත මාධ්‍ය ලෙස ලංකාදීප පුවත්පත තෝරා ගෙන ඇත. 24 June 2018
වන්දි ඉල්ලා උපවාස කළ අයෙක් අසාධ්‍යව රෝහලේ සුරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය දෙපස පදිංචි කරුවන් තමන්ට හිමි වන්දි ඉල්ලා සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල මාරාන්තික උපවාසයේ නිරත එක් පුද්ගලයෙකු අද (24) පස්වරුවේ හදිසියේ අසාධ්‍ය තත්වයට පත්ව සුරියවැව රෝහලට ඇතුළත් කර තිබේ. 24 June 2018
හබරාදුවේ තරුණයෙක් කපා කොටා ඝාතනය කරලා හබරාදුව පොලිස් වසමේ ගිනිගල ප්‍රදේශයේ දී අද (24) දහවල් යතුරුපැදියකින් ගමන්ගත් තරුණයකු තවත් යතුරුපැදියකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් තුන්දෙනෙකු 24 June 2018
කප්පම් ගන්න ආ අයෙක් පොලිසියට අත්බෝම්බයකින් දමා ගසයි මතුගම නවුත්තුඩුව ව්‍යාපාරිකයකුගෙන් කප්පම් ලබාගැනීමට මතුගම දොඩංගොඩ අධිවේගී පිවිසුම අසලට පැමිණි පොලිස් නිලධාරින්ට අත්බෝම්බයක් දමා ගැසීමට උත්සහ කළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු අද (24) අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය පවසයි. 24 June 2018
‘පොල් රුප්පාවෙන් තල් අරඹට ’ යුද්ධය හේතුවෙන් වැලිඔය ප්‍රදේශයේ විනාශ වු විහාරස්ථාන 50කට සනීපාරක්ෂක ගොඩනැගිලි , ද්‍රව්‍යාධාර සහ ගැබිණි මව්වරුන් ඇතුළු ප්‍රදේශයේ ගොවි ජනතාව වෙත ද්‍රව්‍යාධාර බෙදාදීමේ වැඩසටහනක් පැපිලයාන සුනෙත්‍රාදේවි පිරිවෙනේ පරිවෙනාධිපති මහචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමිගේ ප්‍රධානත්වයෙන් වැලිඔය හැළඹ වැව ප්‍රදේශයේදී පැවැත්විණ. 24 June 2018
දිවියා මැරූ දෙදෙනා රිමාන්ඩ් කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණි දිවියකු පොලූ මුගුරු වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන 29 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කිලිනොච්චිය වැඩබලන මහෙස්ත්‍රාත් එස්.ගේ්රෂියන් මහතා අද (24) නියෝග කළේය. 24 June 2018
අස්ගිරි අනුනාහිමියන්ගේ ප්‍රකාශයට ඒකාබද්ධ විපක්ෂයේ විරෝධයක් නෑ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවති දානමය පිංකමේදී වේඬරුවේ උපාලි අස්ගිරි පාර්ශවයේ අනුනාහිමියෝ කළ සම්පූර්ණ අනුශාසනාව නොඇසූ පිරිස් රාජපක්ෂවරුන්ට හා මහා සංඝරත්නයට මඩගැසීමේ ව්‍යාපාරයක් ආණ්ඩුව විසින් අරඹා තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (24) පැවසීය. 24 June 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026