තරිඳු ජයවර්ධන
තණමල්විල මූලස්ථාන පොලිසියේ ජංගම සංචාරක රථයට අද අලුයම වෙඩි තබා පළා ගිය වාහනයක් සහ සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණයක් අරඹා ඇතැයි මිරිහාන පොලිස් අණදෙන තොරතුරු කොට්ඨාසයේ ආරංචි මාර්ග කියයි.
තණමල්විල-උඩවලව මාර්ගයේ බෝදාගම තුනේ කණුව අසලදී මෙම වෙඩි තැබීම සිදුවී තිබේ.
වෙඩි තබා පලා ගිය මෝටර් රථය සුදු පැහැති වැගන් ආර් වර්ගයේ බවත්, එය සූරියවැව දෙසට නොනවත්වා පළා ගිය බවට තොරතුරු ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් රථයට වෙඩි තබා පලා යනතුරු බලා උන්නේ රථය බ්රේක් ඩවුන් වෙලාද තිබ්බේ?... නැත්නම් පරාන බයට ලුහුබැන්දේ නැද්ද? රථයේ ඇති ආයුධ නිෂ්ක්රීය කරලද? ආයුධ සන්නද්ධ රටේ ආරක්ෂක රථයකට වෙඩිතබා පලා ගියානම් පළමුවෙන්ම කරන්න ඕනේ ඒ රථයේ උන්නු නිලධාරීන්ව සේවයෙන් ඉවත් කරන එක.. ලක්ෂගණන් වියදම් කරලා පුහුණු කරලා තියෙන්නේ පොල් කන්නද? ලජ්ජා නැද්ද? පොලිස්පති කතා කරන උජාරුව රෙද්ද පල්ලෙන් බේරෙනවා. මේ රටවල ඔය දේ කළා නම් ඒ කල අය මෙලහකටත් භූමදානා කරලා...