(නාලක සංජීව දහනායක)
අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට හා ඇමැතිවරන්ට එම තනතුරු දැරීමට නොහැකිබව ප්‍රකාශ කරමින් ක්වෝ වොරොන්ට්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පෙරමුණ අභියාචනාධිකරණයේ අද (23) පෙත්සමක් ගොනුකරනු ලැබීය.
අදාළ පෙත්සම සඳහා එක්සත් ජාතික පෙරමුණට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙදෙනෙකු පුද්ගලිකවම පෙත්සම්කරුවන් ලෙස ඉදිරිපත්ව සිටින බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.
මෙම පෙත්සම සඳහා ලබන සතියේදී කරුණු ගොනුකරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අරලියගහ මන්දිරයේදී අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කරන්න තිබුනේ 2018.10.29 වෙනිදානේද. ඔබලා මොකුත් නොදන්නා අය වගේ නොඉඳ එදාම ඕක කලානම් මේ ප්‍රශ්ණ නොවන්න තිබුනා
දැන් රටම දැක්කා මහින්ද සහ කණ්ඩායමේ තරම.