(විනීතා එම් ගමගේ)
දේශපාලනය සමඟ මාතෘ භූමිය වෙනුවෙන් උඩුගං බලා පිහිනන ගමනේදී තම ජීවිතය හෝ තනතුර හෝ ඒ දෙකම නැතිවිය හැකි වුවත් සටන අත්නොහරින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ බොහෝ දේ ඉදිරියේ දී හෙළි කරන්නේ යැයි ද සිරිසේන මහතා කීය.
ඕනෑම ඉහළ පෙළේ දේශපාලඥයකුට තමන් සමඟ සංවාදයකට එන්නැයි තමන් අභියෝග කරන බවත් වරද නිවැරදිව පෙන්වා දීමට තමන් සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ලබන ජනවාරියේ දී තමන් තවත් පොතක් නිකුත් කරන්නේ යැයි කී සිරිසේන මහතා රනිල් සමඟ වසර තුනක අනවරත දීගයක් නමින් ඒ පොත නම් කරන බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තුව ඒකපාර්ශ්විකව රැස්වී එහි නොසිටි තමන් හා තම දියණිය ලියු පොතක් ගැන දිගින් දිගටම විවේචනය කළේ යැයි ද එජාපය එහි කළේ තනියම ක්‍රීඩා කිරීමක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
රාජ්‍ය පාලනයේ දී සිදුවන සිත් රිදීම් සේවය සඳහා කිසිදු අයුරකින් බල නොපාන බව පැවසූ ජනාධිපතිවරයා අද තමන් නරක මිනිසකු ලෙස දකින්නන් හෙට දවසේ දී හොඳ මිනිසකු ලෙස දකිනු ඇතැයි ද සඳහන් කළේය. තමන් අද මේ සටන කරන්නේ දූෂණය භීෂණය ඒකාධිපති වාදය හා රට විනාශ කරන සියලු බලවේගවලට එරෙහිව යැයි ද පැවැසීය.
මේ වනතුරුත් තමන් කිසිදු තැනක දී සෙලවී නැතැයි ද වැරදිකරුවන් නිවැරදිකරුවන් කවුදැයි ඉතිහාසය හෙළිදරවු කරනු ඇතැයි ද එය හෙට දවසට භාර කරන බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත් මේ සටනේ දී ජනතාව තමන් හුදකලා කරන්නේ නැතැයි තමන් දන්නා බව ද ඔහු වැඩි දුරටත් කීය.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී අද (23) පැවති ජාතික මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ විසිපස් වසර සැමරුම සඳහා පැවැති උත්සවයක දීය.
ඡායාරූප - ගයාන් අමරසේකර






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ප්‍රකාශයක්
නියමයි ජනාධිපතිතුමනි
නියමයි නියමයි ජනාධිපතිතුමනි
ඕක කරන්න තිබුනෙ 26ට කලින්. දැන් කවුරුවත් ඕක පිලිගන්නෙ නෑ.
මේ යන ආකාරයට රට තව ඉදිරියට ගියහොත් ආදිවාසී නායක වන්නිල ඇත්තන් ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වීමට බැරි නැත
කියාලා වැඩක් නැහැ ජනාධිපතිතුමනී. බලමු මේගොල්ලෝ සංවාදයකට ඒවිද කියලා. මධ්‍යස්ත එජාප පාක්ෂියින්ට සිතන්න බැරිද මොවුන් ජනතාව ඉදිරියේ පෙනී සිටින්න මෙතරම් භය මොකද කියලා .
ෂැංග්‍රිලා හෝටලයේ ඉඳන් එහි කොටස් හිමියන්ට, අයිතිකරයින්ට බනිනවා ඒකාධිපති කිය කියා..
මට මතක් වෙනවා "සූකර ජාතකය". අර, ඌරෙක් සිංහයෙකුට චැලේන්ජ් කරලා සටනින් දිනාපු විදිහ. ජනාධිපති තුමා ළඟ තව මොන මොනවා හරි " තුරුම්පු" ඇති!
ඉතිහාසයේ වැරදිකරුවන්ට හිරගෙවල් වෙනුවට අද මෙතුමා ඔවුන්ට ඔටුණු පළදවනු ලැබුවා. 2015 දී මෙතුමාගේ "මහින්ද සමඟ අනවරත දීගය" අපිට කියවන්නට ලැබුනෙමු. දූෂණය, භීෂණය සහ ඒකාධිපතිවාදයේ අගටම පැමිණි කණ්ඩායම් සමඟ එයට එරෙහිව කටයුතු කරනවාය කියන්නේ විහිළුවකි. පොහොට්ටු හොරුන්ගෙන් තොරව යම් ක්‍රියාදාමයක් ගැන කියන්නේ නම් ජනතාවගේ පැත්තෙන් යම් පිළිගැනීමකට හේතුවිය හැකියි.
ගන්කන්දට ගෙව්ව ගාන කිව්වොත් නරකද? අයියෝ සිරිසේන... ඔයාගේ ඔය පොත් පෙරලන හැටි මිනිස්සු තේරුම් අරගෙන ඉවරයි. දුවගේ පොතේ කියලා තිබුනේ..
අංගොඩ අය තමයි එනවානම් එන්නේ .මොලයක් ඇති අයනම් එන්නේ නැත.පව් ....
දැන් ඔබතුමා ජීවිතය බේරා ගෙන ජනතාව හුදෙකලා කරලා. එය නියම නායකත්වයද?
මෙයාගේ දැනුම මට්ටමේ කෙනෙක් හොයාගන්න එක අමාරුවෙන එකක් නෑ. එ්ත් ඉතින් 5 ශ්‍රේණියේ ළමයි සෙල්ලම් කරන්නනේ වැඩියෙන්ම කැමති... අහලා බලන්නකෝ ළමයි කීපදෙනෙක්ගෙන්... බැරිවෙන එකක් නෑ. හැබැයි ඔන්න ටිකක් පොත් කියවල එන්න හොඳේ...
තවමත් මෙයාට රැවටෙන මිනිස්සුත් ඉන්නවා
පාර්ලිමේන්තුවේ බහුතරය පිලිගත්තට පස්සේ සංවාද දාමු
ආප්ප කාලා එන්නද? එපාද?
ලයිව් දෙන වැඩසටහනකට ගෙන්නන්නකෝ.. ජනාධිපතිතුමයි, රනිල් මහත්තයවයි. සිරිසේන මහත්තයා නම් එන්නේ නැහැ කීයටවත්... ඒක නම් ශුවර්. මේකත් විහිළුවක් වෙන්න ඇති...
සහතිකෙන්ම? ඇත්තටම? හිනාතමයි. ගරුත්වයෙන් ඉක්මණට ජනතාවගෙන් සමාව අයැද ඉල්ලා අස්වෙන්න...
අපේ ඡන්දය අරගෙන අප පාවාදුන් ඔතන සිටින තට්ට මහතාට ඊළඟ මැතිවරණයෙන් හිටපු දිස්ත්‍රික්කයෙන් දිනල එන්න කියලා අපිත් අභියෝග කරනවා.
හපොයි!!! යන්න නම් එපා. එයා එනවා කියලා කාව හරි බිලි දීලා එයා නෑවිත් ඉඳියි...
ආවොත් මොනවද කන්න දෙන්නේ? ආප්ප නම් එපා.
කරන පුළුවන් ඉහළම පාවාදීම කරලා දැන් මොන එහෙකටද සංවාද කරන්නේ? බලය වෙනුවෙන් උපරිමය කළා. ආත්මය නැති කර ගත්තා. තව මොනවද ඉතුරු? අනාගතයේ තමන්ගේ දරුවෙකුටවත් දේශපාලනේ කරන්න තිබුණු තැනත් නැති වුණා... පොත් ලියලා පව් ගෙවන්න බැහැ..
පිස්සුව තව වැඩි වෙලා වගේ...