(හර්ෂණ තුෂාර සිල්වා)
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරු හත්දෙනෙක් අද (21) නම් කරනු ලැබූහ.
මේ අනුව මන්ත්‍රීවරුන් 12 දෙනකුගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂයෙන් සභානායක දිනේෂ් ගුණවර්ධන, එස්.බී. දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නම් පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ ලේකම් සුමිත් විජේසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ඊයේ දන්වා යවනු ලැබීය.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණෙන් තේරීම් කාරක සභාව සඳහා විජිත හේරත් සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නම් කරනු ලැබ ඇත.
මේ අතර තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ගේ සංඛ්‍යාව 12කට වඩා වැඩි කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස ඉල්ලා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කතානායක කරු ජයසූරිය මහතාට අද (21) ලිපියක් යොමු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හරිම අසාධාරණයිනේ ! එයට බහුතර මතයෙන් කැමැත්ත විමසිය යුතුයි .
ඉස්සෙල්ල නීතියට අනුව ලංකාවේ සහ ලෝකයේ පිළිගන්නා ආණ්ඩුවක් තියෙන්න ඕනා . මහජනයා තමයි මේවායින් තැලෙන්නේ . ආයේ ඡන්දයක් තියෙන්නේ පළාත් සභා සහ ජනාධිපතිවරයනේ . මහා මැතිවරණය ඊට පස්සේ .
කාගේ ආණ්ඩුවද ? මේගොල්ලන්ට තවම මහජනතාව බලය දීල නැහැ ආණ්ඩුවකට . ඊලග මැතිවරණයට තව කල් තියෙනවා . එකයි ඇත්ත . ව්‍යවස්ථාවේ කාල වෙලාවක් දීල තියෙනවා .
ඔක්කොම හොදම හොරු ටිකක් මේ අය ඉන්න ඕනේ හිරේ....