(හර්ෂණ තුෂාර සිල්වා)
මූඩීස් ආයෝජන සේවා ආයතනය ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම පදනම් විරහිත යැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම හා ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම් බීඒ (ඍණ) සිට බී2 (ස්ථාවර ) දක්ව පහත හෙළීමට මූඩීස් ආයෝජන සේවා ආයතනය ඊයේ (20) පියවර ගත්තේය.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය ඊට හේතු වී ඇතැයි ද මූඩීස් ආයෝජන සේවා ආයතනය පෙන්වා දී තිබිණි.
වත්මන් දේශපාලන අර්බුදය දැනටමත් අර්බුදයක පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් අවදානමේ හෙළන්නේ යැයි ද මූඩීස් ආයතනය සඳහන් කර තිබිණි.
මූඩීස් ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීමේ තීරණය පදනම් විරහිත යැයි කියන ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට විදේශ විනිමය ණය නිකුත් කිරීම හා ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම් බීඒ (ඍණ) සිට බී2 (ස්ථාවර ) දක්ව පහත හෙළීමෙන් රටේ සාර්ව ආර්ථික මූලධර්ම නිසිලෙස පිළිබිඹු නොකරන බව ද එම තීරණය සාධරණ නැත බව ද සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සියලු දේ සති 03 ක කරපුවද .
මහා බැංකුව හිතන්නේ ලංකාවේ මිනිස්සු කොණ්ඩ බැඳපු චීන්නු කියලද
අපේ රට බංකලොත්. මේක කියන්නේ මූඩීස් ඕනේ නෑ .ගමේ ගොඩේ මිනිහෙක් ගෙන් ඇහුවොත් කියමු.