(ඉන්දිකා රාමනායක)
වැලිකඩ බන්ධනාගාරය තුළ දී 2012 වසරේ ආරක්ෂක අංශ විසින් සිදුකළ සෝදිසියකදී රැඳවියන් 27 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරය සිට ඇප මත මුදා හැර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද (21) සිට නැවත සේවයේ පිහිටුවා ඇති බව පොලිසිය කියයි.
නියෝමාල් රංගජීව මහතා නැවතත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ම සේවයේ පිහිටුවා ඇති බවත් ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව පොලිස්පතිවරයා විසින් මෙම පියවර ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය.
තමන් යළි සේවයේ පිහිටුවන ලෙසට රංගජීව මහතා පෙරේදා (19) වැනි දින පොලිස්පති සහන මැදිරියට අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එම අභියාචනය ඊයේ (20) දින පොලිස්පතිවරයා පරීක්ෂා කර මෙම පියවර ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
පොලිස් පරීක්ෂක නියෝමාල් රංග ජීව මහතා රහස් පොලිසිය විසින් ඉකුත් මාර්තු මස 23 වැනි දින අත්අඩංගුවට ගෙන තබුණි.
අත්අඩංගුවට ගෙන මාස 6 ට අධික කාලයක් පුරා රිමාන්ඞ් බාරයේ සිටි රංගජීව මහතා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ඔහුගේ නීතීඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට ගොනු කළ ප්රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියානාධිකරණය ඉකුත් සැත්තැම්බර් 21 වැනි දින ඒ මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්...
සිරිසේන ජනාධිපතිවරයාගේ නව ප්‍රතිපත්ති අනුව රටේ අධිකරණ පද්ධතිය... අධිවේගී ක්‍රමයට යන බව පැහැදිලිවම පේනවා! මේ සැකකරුට එරෙහිව තිබෙන්නේ එසේ මෙසේ සුළු චෝදනාවන් නොවේ. ඇප මත මුදාහැර තිබෙන "සැක කටයුතු" පුද්ගලයෙක් මෙසේ ආපසු සේවයේ පිහිටුවීමෙන් ඔහු අත්අඩංගුවට ගත් රහස් පොලිසියටත්, රිමාන්ඞ් බාරයට පත්කළ විනිසුරුවරයාටත් නියම කම්මුල් පහරවල් දීමට ජනපති ගත් ක්‍රියාදාමය නීතිගරුක සමාජය කෙසේ පිළිගනිවිද කියා සිතීම උගහටයි...!!!
ඔබට සතුටුයිද දැන්
උබතොකොටික ප්‍රශ්නයක්... සේවය පහ කරලා තිබියදී, තවමත් නඩු වාර්තාව උසාවියේ තිබෙන්නේ ඇප මත මුදා හැරලා කියලා.. නඩුව තවම අවසන් වෙලා නැහැ.. අධිකරණයෙන් කිසිදු අවසානයක් කරලත් නැති ඇපමත සිටින රජයේ සේවකයෙක් , සේවය අත්හිටවපු සේවකයෙක්, පොලිස් පති තුමා මොන නිර්ණායකයක් උඩද නැවත සේවය පිහිටෙව්වේ.. යම් සාධාරන හේතු සාධක තියනවද? ඇතුලේ ඇතුලේ වැඩ කෑලි හොදට යනවා වගේ දැන්..
ගෝඨාගේ නියෝග දැන්මම වැඩ කරනවා වගේ? කෑ ගහන ඔක්කොම දැන් ඉතින් පරිස්සම් වුනොත් හොඳයි. පූජිත මේකට නම් බොහොම ඉක්මනින් ක්‍රියාත්මක වෙලා තියෙනවා.
අවංක රජයේ සේවකයෙක් මෙතුමා නිහඩව මේ රටට කල සේවය නිමක් නෑ. ජය වේවා !!
නැවතත් සුදුවැන් සංස්කෘතිය බිහිකීරීමට ගන්නා පියවරක්......