නීතිවිරෝධී බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාවට ගමන් කර හැකි යැයි මිනිස් ජාවාරම් කරුවන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන ව්‍යාජ වෙළඳ දැන්වීම් වලට මුලා නොවන ලෙස ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ඕස්ට්‍රේලියාව දේශ සීමා ආරක්ෂාව තර කර ඇති බැවින් ශ්‍රී ලංකිකයන් මෙසේ නීතිවිරෝධී ලෙස පැමිණීම තම ජීවිත අනතුරට පත්කර ගැනීමක් බව මහකොමසාරිස් කාර්යාලය නිකුත් කර ප්‍රකාශයේ දැක්වේ.
මෙසේ පැමිණෙන්නන් වැළැක්වීමට ශක්තිමත් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාව උත්සහ ගෙන ඇත.
පසුගිය සිව් වසර තුළ නීතිවිරෝධී ලෙස බෝට්ටුවෙන් පැමිණෙන පිරිස් නැවත හරවා යැවීමට කටයුතු කළ බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් පවසා සිටියේය.
කලාපීය රටවල් හවුල්කර ගනිමින් අඛණ්ඩව ආරක්ෂණ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය පැවසුවේය.
පසුගිය අවුරුදු පහ තුළ ඕස්ටේලියානු ආධාර ඇතිව ජාත්‍යන්තර බලධාරීන් විසින් 2525 දෙනෙකගේ නීති විරෝධී පැමිණීම වළක්වා ඇති අතර 614 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
2013 සිට ඕස්ට්‍රේලියාවේ දේශ සීමා ආරක්ෂක විධි විධාන තදින් ක්‍රියාත්මක වේ.
මෙසේ නීතිවිරෝධී ලෙස පැමිණි 827ක් ආපසු හරවා යවා ඇති අතර ඒ අතර ශ්‍රී ලාංකිකියන් 166 ක් සිටිති.
- ඩේලි මිරර් ඇසුරෙනි-
- 63226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd