අංජුල මහික වීරරත්න
රාජපක්ෂ කල්ලිය බලහත්කාරයෙන් ආණ්ඩුවේ එල්ලී ඉන්නේ ජනතාවට ඇති ආදරයක් නිසා නොව විශේෂ අධිකරණයේ නඩුවලින් බේරෙන්නට යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
මෛත්‍රී - මහින්ද යුවළගේ මේ නාටකය නිසා ආගාධයට වැටෙන්නේ රටේ ජනතාව බව කී රාජකරුණා මහතා මේ වනවිට සියලු ජාත්‍යන්තර ආධාර කප්පාදු කරමින් සිටින බවද කීය.
කොළඹ අරලියගහ මන්දිරයේ අද (21) පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජකරුණා මහතා මෙසේ ද කීය.
“නවීන් දිසානායක මහතා ඇතුළු තරුණ මන්ත්‍රීවරුන් මහ නාහිමිවරු බැහැදුටුවා. ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියා පිළිවෙත ගැන මහනාහිමිවරු කනගාටුව ප්‍රකාශ කළා.
ඔක්තෝම්බර් 26දා සිට පාර්ලිමේන්තුවේ ඡන්දයක් නොදෙන්න කඩාකප්පල් ක්‍රියා පිළිවෙතක් ගෙනයනවා. එකම හේතුව ඊනියා ආණ්ඩුවට බහුතරයක් නැති කමයි. මේ ඊනියා ආණ්ඩුව එක් යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නැහැ. යෝජනා පරදින බව ඔවුන් දන්නවා.
නොවැම්බරයේ දී විශේෂ අධිකරණවල නඩු අසන්නට නියමිතයි.”
ඡායාරූප - ඉෂාන් සංජිව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැයි අවුරුදු 04 ක් තිබුණෙ අල්ලන්න නෙමෙ කුදලගෙන ගිහින් දාන්න තිබිබනෙ හිරේ.
ඉතින් අවුරුදු 4ක් මොනාද කලේ කොරකම් වලට නඩු නොදා? ඡන්දෙ ගන්න මිනිස්සු ගොනාට ඇන්දුවාට පෙන්වන්න හොරකමක් නැහැනේද?
ඔහෙලා රනිල්ගේ ආණ්ඩුවේ ඉන්නේ පැන්ෂන් එක බේරා ගන්න නේද? 2015දී එජාපෙ පත් වුනේ 41ට.. ලබන සැරේ බින්දුවට බහිනවා...
මොන එකා ආවත් කිසි හොරෙක් අල්ලන්නේ නැහැ. එළියේදී අනිත් අයට ඇඟිල්ල දික්කළාට, ඇතුලේදී ඔය ඔක්කොමලා එකම කල්ලියේ... හැමදාම රැවටෙන්නේ මේ අය පස්සේ යන මෝඩ මහජනයා විතරයි...
දැන් ඔහෙලා මොන කයිවාරු ගැහුවත්, කරුණු කිව්වොත්, රාජපක්ෂලා ඇතුළු එකාබද්ධයට උපරිම රැකවරණය දුන්නේ ඔහෙලම තමයි. කව්ද පහසුකම් ලබා දුන්නේ ශිරන්තිගේ කටඋත්තර කතානායක නිල නිවසේ ගන්න? කව්ද විමල්ව ගුවන්තොටුපලේදී බේරුවේ? මතකද ලලිත් වීරතුංගලා හිරේ ගිය ගමන් හදිසි රනිල්, මහින්ද සාකච්ඡාවක්? ඔය සාකච්ඡාවේ ප්‍රතිඵල තමයි එදාම ඔවුන් රෝහල් ගත වෙලා ඇපත් ලැබුණා. ඒ නිසා මේ බොරු තවදුරටත් වලංගු නැහැ.
පසුපෙළ වගේම ඉදිරි පෙළත් යවයිද ජනතාව?
සහතික ඇත්ත නඩු නඩු කල්යාම රටේ සාමාන්‍ය සහ අසාමාන්‍ය සිරිතක්, නමුත් මේ නඩු රාජ්‍ය මුදල් මහා පරිමාණයේ සිදුවූ වංචා පිලිබඳ බැවින් ඉක්මන් කළ යුතුව තිබුණි.