(විනීතා එම් ගමගේ)
ජනතාව මෝඩයාට අන්දන දේශපාලනඥයින් ඊළඟ මැතිවරණයේදී පරාජය කර ගෙදර යවන්නට ජනතාව දැනුවත් කරන වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට මාර්තු 12 ව්‍යාපාරය සැළසුම් සකස් කර ඇතැයි එහි කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
පවතින අර්බුදකාරි වාතාවරණය මැද විවිධ ලාභ ප්‍රයෝජන තකා විටින් විට පක්ෂ මාරු කරමින් ජනතාව රවටන දේශපාලනඥයන් ගැන ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන බව ද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
එජාපයේ මන්ත්‍රීවරයෙකු වන වසන්ත සේනානායක මහතා මාසයක් ඇතුළත පස් වතාවක් පක්ෂ මාරු කරමින් පැන ඇතැයි කී හෙට්ටිආරච්චි මහතා සුරේෂ් වඩිවේල් මහතා අවස්ථා තුනක් පැති මාරු කර ඇතැයි සඳහන් කළේය.
මේ අතර තවත් මන්ත්‍රීවරු ඇමතිකම් භාරගන්නා බව පවසන අතර පක්ෂය කුමක් දැයි නොකියා හෙටත් මම ඇමති යැයි උදම් අනන බව ද මෙසේ ජනතාවට කොකා පෙන්වන අය දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු යොදන තෙක් ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු යොදන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් කාලෝචිත අදහසක්... මා යෝජනා කර සිටිනවා ෆේස් බුක් වෙබ් අඩවිය මෙයට ඉතා හොඳ වේදිකාවක් කියා...
හ්ම්... එ්ක නම් එළ... එලෙසම වෛරයෙන් දේශපාලනය කරන්නද? ඉවත් කිරීමට වැදගත් සේම කොන්දක් අැත්නම් මුස්ලිම් හා දෙමළ ජාතිවාදි පක්ෂවලටත් විරුද්ධව අදහස් ප්‍රකාශ කරන්න.. එ්කට කොන්දක් අැතැයි සිතන්න අමාරුයි. එ් ඩොලර් නිසා...
වැඩේ හොඳයි
අනිවාර්යෙන්ම කල යුතු වැඩක්. මේ මිනිස්සු හිතන්නේ ජනතාව මෝඩයෝ කියලා.. රටට ආදරයක් කැක්කුමක් නැහැ. ඇත්තටම මටම ලැජ්ජ හිතෙනවා මේගොල්ලෝ මෙහෙම කරන්නේ කොහොමද කියල හිතනකොට