(නාලක සංජීව දහනායක)
රජයට සහය පළකරමින් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් ජනරැළියක් පැවැත්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.
‘‘ජනවරමට අවසරයි‘‘ යනුවෙන් නම්කර ඇති මෙය ලබන මස 3 වැනිදා මරදානේදී පැවැත්වෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රකාශයකයකු ලංකාදීපයට පැවසීය.
එමෙන්ම වහාම මහමැතිවරණයක් පවත්වන ලෙසට රජයට බලකරමින් මහජන පෙත්සමක් අත්සන් කිරීමටද රජය තීරණය කර තිබේ.
ගෙයින් ගෙට ගොස් මෙම පෙත්සම සඳහා අත්සන් ලබාගැනීමට සැළසුම්කර තිබෙන බවද එම ප්රකාශකයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජනාධිපතිතුමා එක්ක අාණ්ඩුවක් හදන්න කියලා බලකරලා මහින්දගේ නම කැතකරපු රිලව් ටිකට කියන්න තියෙන්නේ... ජනාධිපති පළමුව, දෙවනුව, තෙවනුවත් කෑවා. මහින්ද මහත්තයාව රනිල්, පාර්ලිමේන්තුව මෙන්ම රටත් විනාශ කළා. එ්ත් කිවයුතු දේ කිවයුතුයි. වෙල්ගම මහත්තයා හරි කියලා හිතෙන්නේ දැන්තමයි. එ්ත් දැන් පසුවුණා වැඩියි.
රජයට බලකරමින් රජයම පෙත්සම් අත්සන් කරන්නේ පිස්සුවටද...?
එමෙන්ම වහාම මහමැතිවරණයක් පවත්වන ලෙසට රජයට බලකරමින් මහජන පෙත්සමක් අත්සන් කිරීමටද රජය තීරණය කර තිබේ... අපැහැදිලියි වගේ
දැන්වත් එකා වගේ සාමයෙන් වැඩකරන්න. නැත්නම් රනිල් මහත්තයා හින්දා ලංකාවක් අපට නැති වෙයි...
මේ ඔක්කොම නීතිවිරෝධියි. අපි නීතිගරුක මිනිස්සු...
ජනවාරි 8ට පසු ජනාධිපතිවරණය තියන්න බාධාවක් නැහැ. ගොඨාභය මහතා ඉදිරිපත් කර ඡන්දයට යමු. මහමැතිවරණය තබන්න නීතිමය ගැටළු තිබියදී අැයි මෙහෙම පටලවා ගන්නේ?
ජනතාවට තිබුණු රජය එපාවෙලා. හැමදාම අහිංසක මිනිස්සු අමාරුවේ දැම්මා. ලංකාව සිංගප්පුරුව කරනවා කිවේ. අන්තිමට ඉතියෝපියාවක් වෙන්න ගියේ.
ජනතාවට තිබුණු රජය එපාවෙලා... හැමදාම අහිංසක මිනිස්සු අමාරුවේ දැම්මා. ලංකාව සිංගප්පූරුවක් කරනවා කිව්වා. අන්තිමේදී ඉතියෝපියාවක් වෙන්න ගියේ..
අත්සන් කළ යුත්තේ ජනාධිපතිවරණයකට, ඒකනේ අතළඟ...
පස්ස දොරෙන් රිංගන්න කිරීම අවසරයක් නැහැ! ජනාධිපතිට නම් දෙයියන්ගේ පිහිටෙන් පිටවෙලා යන්න අවසරයි!