වැදි බණ දෙසූ තරුණ හිමිවරු මහ නා හිමිට වැඳ සමාව ගනිති
බුදුන්වහන්සේගේ ධර්මය විකෘති කරමින් දේශන පැවැත්වීම, බුදුන්වහන්සේට අපහාස කිරීම, බුද්ධ දර්ශනයට නිගාදෙන අන්දමින් කටයුතු කිරීම යන චෝදනාවලට ලක්ව සිටි තරුණ භික්ෂූන්වහන්සේ සිවු නමක් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, මල්වතු පාර්ශවයේ මහ නා හිමියන් ප්රමුඛ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාව හමුවේ නැවත එවැනි වැරදි නොකරන බවට පොරොන්දුවී වැඳ සමාව ගත්හ.