(ඉෂාන් සංජීව)
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය විරෝධි පාගමන මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයට පිවීසීමට කළ උත්සාය වළක්වමින් මේ වන විට පාර්ලින්මේන්තු මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.
කැරලි මර්ධන ඒකකය ,පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ යොදා එහි තත්ත්වය පාලනයට පියවර ගෙන ඇත.ගැටුම්කාරි අවස්ථාවක් ඇති වුවහොත් පාලනය සඳහා පොලිස් කොස්තාල්වරියන්ද යොදවා තිබේ.
සිසුහු 5000 ක් පමණ මෙම විරෝධතාවට එක්ව සිටිති.
අද දහවල් සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසළින් මෙම විරෝධතා පාගමන ඇරැඹිණි.
මේ අතර පාර්ලිමේන්තුවට යාම සඳහා පැමිණි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට පාර්ලිමේන්තුවට යාමට නොහැකිව සිය වාහනයෙන් බැස ප්‍රධාන මාර්ගයෙන් ඉවත් වී පයින් ගමන් කරන්නට සිදු විය. එම අවස්ථාවේ ඡායාරූප ද මෙහි දැක්වේ.












(අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය වාහනයෙන් බැස මාර්ගයෙන් ඉවත් වී ගමන් කළ අයුරු)
්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවියේ හරියට ඉගෙනගන්න කෙනෙකුට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ, පාරේ මහජනයාට අවහිරයක් නැතිව යාමකුත් නැහැ, බදු ගෙවන මිනිස්සුන්ගේ මහන්සියට වෙන දෙයකුත් නැහැ. මේ ළමයින්ගේ ගෙවල්වල වැඩිහිටියන්ට මොලයක් කියලා දෙයක් නැද්ද තමන්ගේ ළමයාව සමාජ විරෝධී වැඩ කරනකොට මේච්චල් කර ගන්න බැරි ? මෙතන ඉන්න චන්ඩි ගැහැණුලමයිව අනාගතේ භාරගන්න පිරිමින්ට දෙවියන්ගේම පිහිටයි. දියව් දියව් කියලා මගුල් දවසෙම කස්තිරම් අල්ලයි.
මේ මන්ත්‍රීලා ඉදල හිටලා පයින් ගමන් කරන එක ඒ අයගේ සෞඛ්‍යට යට හොඳ බවයි මගේ අදහස.
ඔන්න පෙනෙනවා නේද? කලබල අවස්ථාවකදී දේශපාලකයෝ කැලේ පැන හැන්ගෙන හැටි. ඉතින් අහන්න ඕනෙද යුද්දය කාලේ කොහෙද හිටියේ කියලා. ඒකාලේ හැංගිලා සිටි තැනින් එලියට ආවාම උතුර දකුණ මාරුවෙලා. මේ ගොයියා මම නම් කොල්ලෝ ඉන්න පැත්තට පෙනෙන්න ගිහිල්ල නුඹලාගේ සටනට ජයවේවා කියල වාහනේ නැගලා එනවා. 1952 මේගොල්ලන්ට රටේ කලබල වෙලාවේ බඩේ අමාරු හදුනා.