කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට විදේශීය ප්‍රකාශන ආයතන 30ක්
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2018’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී හෙට (21) සිට මෙම මස 30 වැනිදා දක්වා දිනපතා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වේ.