ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කරන ලද මිලසූත්රයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ආනයනික කිරිපිටි මිල සඳහා සුදුසු විසඳුමක් සෙවීමේ අරමුණෙන් පත් කරන ලද කමිටුව ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි කිරිපිටිමිල සැලකිල්ලට ගෙන මෙම මිල සූත්‍රය යෝජනා කර ඇත.
එම මිල සූත්‍රය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරවීම සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔය මිල සූත්‍රය දියර කිරි වලට දාන්නෙ නැත්තේ ?. රුපියල් 50ට ගන්න දියර කිරි ලීටරයක් පෙට්ටිවල දාල විකුනන්නේ රුපියල් 240 ටයි.
මිල සුත්‍ර බැරිනම් ඕනි එකක් හදා ගදාගන්න. මම නම් ඔය කිරි පිටි වල කිරි මේද අයින් කරලා ඒ වෙනුවට කටු පොල් තෙල් හෙවත් පාම් තෙල් අඩංගු කරලා තියෙන බව කොම්පැනි කාරයගේම කටින් එලියට පැන්නට පස්සේ ගේ හරියට වත් ගේන්නේ නැහැ. හදවත් රෝග වැඩි වෙන්න වෙන මොනවාද ඕනි. අනික ඔය නන් ෆැට් කිරි පිටි බොහොමයක ෆැට් නැතුවට ඒ බරට හරියන්න තියෙන්නේ සිනි. ඉතින් ෆැට් නැහැ කියල සීනි අඩංගු කිරි පිටි බිව්වම වෙන දේ අහන්න ඕනි නැහැනේ. විශ්වාස නැත් නම් ඔය නන් ෆැට් කිරි පිටි ටිකකට සීනි සඳහා කරන සරලම රසායන පරීක්ෂණයක් කරලා බලන්නකෝ. අපි කොතනද ඉන්නේ කියල තේරේවි.
මේ සුදු පිටිබීම වර්ගයට කිරි කියන්නේ ඇයි? එහෙම කියන්නේ අපේ රටේ අනාගත පරම්පරාව නොමග යවන්න නේද? මේ කිරි නෙවෙයි ඒ නිසා සුදුසු නමක් යෝජනා කරන්න. දොඩම් යුෂ නොවන දෙයකට දොඩම් යුෂ කිව්වොත් නඩු දාන්න පුළුවන් නම් මේ සුදු පිටිබීමට කිරි කියන අයට විරුද්ධව නඩුදාන්න. මේක ජාතික ප්‍රශ්නයක්...
අපේ පැරැන්නෝ කිරි පානය කලේ කල්කිරි කියලවත්, මේද රහිත කියලවත් නෙවෙයි... තනිකරම එලකිරි දැන් වගේ ඒ කාලේ යෝගට් වර්ග සහ කිරිවලින් නිෂ්පාදිත අතුරු නිෂ්පාදන තිබුනේ නෑ. වාණිජමය අවශ්‍යතාවයන් නිසා අද කිරිවලින් මේදය අරගෙන ඒ අඩුවෙන මේද කොටසට තවත් දේවල් අඩංගුකර කිරිවල මේදය බොන්න එපා. ඒ නිසා මේද රහිත කිරි බොන්න කියලා ව්‍යාපාරිකයින් අපිට කියන්නේ ඔවුන්ගේ ඉතිරිවන කිරි වෙළඳපලට යැවීමටයි. පිටරට කරන්නේ එළකිරි තවත් රසායනික දේවල් අඩංගුකරලා පිටිබවට පත්කරලා අපි වගේ රටවල ඉන්න ඉහළ කොමිස් කාක්කන් මාර්ගයෙන් විස අපේ රටට ගෙනෙන එකයි. කෙසේ වෙතත් කල්තියා ගන්න කිරිවල අඩංගු කල්තියා ගැනීම සඳහා එක්කර ඇති රසායනික ද්‍රව්‍යයන් අපේ ශරීරයේ පැවැත්මට නම් හොඳ නෑ.
මම නම් කියන්නේ රජයේ සේවකයින්ගේ පඩි පතටත් නිල සුත්‍රයක් ඇතිකලොත් හොදයි කියලයි.
ඔය දාලා තියන අදහස් වල වැරදි දෙයක් නම් කියලා නැ ඒත් මට තියන ප්‍රශ්නේ ඒවාට dislike කරපු පිරිස කිරිපිටි සමාගම් වෙනුවෙන් කඩේ යන අය පිරිසක්ද කියලා