( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුමුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙනෙකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
නාඳුුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ. වෙඩි තැබීමෙන් මිය ගිය දෙදෙනාට අමතරව තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ 'ආමි මංජු' නැමැත්තා සහ තවත් පුද්ගලයකු බව හඳුනාගෙන ඇති අතර ඔවුන් මොරටුව අධිකරණයේ නඩු කටයුත්තක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
ආමි මංජු නැමැත්තා සිය බිරිඳ, පුතා සහ මිතුරකු සමඟ ත්‍රිරෝද රියෙන් පැමිණෙමින් සිටියදී කොස් පැලෑන පාලම අසළදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මොවුන්ට වෙඩි තබා පලා ගොස් තිබේ.
මියගිය 'ආමි මංජු' නැමැත්තා කොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙකු බව පොලීසිය සඳහන් කරයි. පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
(ඡායාරූප - ඉන්දිකා රාමනායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදුෂ් අත්අඩංගුවට පත්වීමත් සමඟම අලුත් කෙනෙක් ප්‍රාදේශීය කුඩු ඒජන්තවරුන් පත්කරලා වගේ. ඒ ය පරණ අයව ඉවත් කරනවා.
මේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ ලංකාවේ නොවේ , අප කරන්නේ ප්‍රවාහනය කිරීම ටිකක් ප්‍රයෝජනයට ගෙන ඉතිරිය ලෝකය පුරා බෙදාහැරීම. මේ කටයුත්තේදී එකිනෙක මරා ගන්නවා වෙනස්කම් කරනවා විධිමත්ව බෙදාහැරීම් සඳහා වෙන්න ඇති මොරටුවේ ගණන් කාරයෝ කවදත් හිටිය තොප්පි චමින්ද මොරටු සමන් නොයෙක් නම් වලින් මගේ පියාට පහරදුන්නේ මොරටුව දුම්රිය ඉදිරිපිට බුදුපිළිමයක් තැබුවාට විරුද්දව, මගේ පියාගේ සහයට පැමිණියේ සමන්ගේ සීයා පමණි නමුත් අද එතන විශාල පුද බිමකි
අපේ සිරිසේන මහත්තයාගේ එල්ලුම් ගහේ කතාවට කවුරුත් බය නෑ වගේ...