මීගොඩ ආරක්ෂක කමිටු සභාපතිවරයාට මැර ප්‍රහාරයක් ආරක්ෂක කමිටු රැස්වීමකට සහභාගි වන ලෙස දන්වා ජනතාව දැනුවත් කිරීමේ යෙදී සිටි මීගොඩ හේනවත්ත ආරක්ෂක කමිටුවේ සභාපති රංජිත් ආනන්ද මහතාට එම රැස්වීම පැවත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන ලද කිසියම් පිරිසක් විසින් අද (23) දින දහවල් අමානුෂික ලෙස පහරදිම හේතුවෙන් තුවාල ලැබූ කමිටු සභාපතිවරයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි 23 September 2018
නායයෑම් සිදුවන ප්‍රදේශවලට ඔරොත්තු දෙන නිවසක් නායයෑම් අධි අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන පවුල් සඳහා ආපදාවන්ට ඔරොත්තු දෙන පෙර සවි ආපදා ප්‍රත්‍යස්ථ නිවාස 10,000ක් ඉදිකිරීමට වාරි මාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 23 September 2018
වෙඩි තැබීමකින් අයෙක් මරුට රන්න වාඩිගල වාහන සේදුම්කරන මධ්‍යස්ථානයක අයිතිකරුට (23) දහවල් යතුරුපැදියකින් පැමිනි පුද්ගලයින් දෙදෙනෙක් විසින් වෙඩි තබා කඩුවකින් කපා බරපතල තුවාල සිදුකිරීමෙන් පසු තංගල්ල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව තංගල්ල පොලීසිය කියයි. 23 September 2018
නියඟයෙන් පීඩාවිදින පුත්තලමේ වැසියන්ට ජලය පුත්තලම කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැසියෝ නියගය හේතුවෙන් මේ වනවිට උග්‍ර ජල අර්බුදයකට මුහුණ දී සිටිති. 23 September 2018
විදුලිය අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයින්ට සහනයක් විදුලි ඒකක 90ට වඩා අඩුවෙන් පරිහරණය කරන පාරිභෝගිකයන්ට ලංකා විදුලි බළ මණ්ඩලය මගින් සහනදායි මිලට එල්. ඊ. ඞී විදුලි බල්බ ලබාදිමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කොළඹදී පැවැසීය. 23 September 2018
හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් දහතුන් ලක්ෂයකට අධික හෙරොයින් මත්කුඩු ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු දෙමටගොඩ සුපිරි වෙළෙද සලක් අසළදී අත්අඩංගුවට ගෙන තිබේ. 23 September 2018
කැකණදුරදී වාහන සැපයුම් ආයතනයකට වෙඩි ප්‍රහාරයක් කැකණදුර කොකාවල ප්‍රදේශයේ වාහන සේවා සපයන ආයතනයකට අද (23) උදෑසන කඩා වැදුණු නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙළඳසල හා එහි නවතා තිබු අධි සුඛෝපභෝගී බසයකට වෙඩි තබා සේවකයින් බිය ගන්වා පලා ගොස් ඇතැයි ගන්දර පොලීසිය පවසයි. 23 September 2018
සංචාරක නිකේතනයේ තෙවැනි මහලින් වැටී චීන කතක් මරුට නුවරඑළිය සංචාරයක් සදහා පැමිණි චින ජාතික කාන්තාවක් ඇය නවාතැන් ගෙන සිටි සංචාරක නිකේතනයෙන් පහළට වැටි මියගොස් ඇති බව පොලීසිය පවසයි. 23 September 2018
කහඉර මත යතුරුපැදි අනතුරින් අයෙක් මරුට කුරුණෑගල හලාවත මාර්ගයේ කොක්කාවිල හංදියේදී අද ( 22 දා ) රාත්‍රි පමණ පාර හරහා කහ ඉර මතින් ගමන් කළ පුද්ගලයෙකු වේගයෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුර සිදුවු ස්ථානයේදීම මිය ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි . 22 September 2018
දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන්නැයි උද්ඝෝෂණ ලංකාවේ සියලු බන්ධනාගාරයන්හි සිටින දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා අද (22) වව්නියාව නගරයේ විරෝධතා පෙලපාලියක් සංවිධානය කර තිබුණි. 22 September 2018
ජනපති එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට යයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) රාත්‍රියේ ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය. ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිව්වන අවස්ථාව මෙයයි. 22 September 2018
ජලය සිඳී කිඹුල්ලු ගොඩට එති වැව්වල ජලය සිඳීයාමත් සමග ගොඩට ආ දැවැන්ත කිඹුලෙකුට කිසියම් පිරිසක් විසින් පහර දී හිස ප්‍රදේශයට බරපතල තුවාල සිදුව තිබියදී අද (22) සීගිරිය වනජීවී නිලධාරීන්ට කිඹුලාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවිය. 22 September 2018
A-9 මාර්ගයේ වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට යාපනය නුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය, ඉසින්බැස්සගල පූනෑව ඉසිපතන මහා විද්‍යාලය ආසන්නයේදී වල් අලි පහරදීමෙන් ඊයේ (21) රාත්‍රියේ පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බව මැදවච්චිය පොලිසිය පැවසීය. 22 September 2018
දෙමටගොඩ දුම්රිය අංගනයේ ගින්නක් දෙමටගොඩ දුම්රිය අංගණයේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන තිබේ. 22 September 2018
විරෝධතා මැද අත්තනගලු පාලම විවෘත කරයි අත්තනගල්ල සිත්තම්මහර බෝනෑගල හරහා අත්තනගලු ඔය මත ඉදිකෙරුණු පාලම හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතින් අද (22) උදෑසන 11.00 ට පමණ විවෘත කරන අවස්ථාවේදී බස්නාහිර පළාත් මන්ත්‍රීවරයකු ඇතුළු ආධාරකරුවන් පිරිසක් එම ස්ථානයට පැමිණ ‘හූ‘ කියමින් සිදුකළ විරෝධතාවයක් නිසා උත්සවය කලහකාරී විය. 22 September 2018
දමිල සාහිත්‍යය උළෙල අභිමානයෙන් සමරයි මධ්‍යම පළාත් දමිල සාහිත්‍ය උළෙල අද (22) හැටන් නගරයේදී අභිමානවත් ලෙස ආරම්භ කරනු ලැබීය. මධ්‍යම පළාත් හින්දු අධ්‍යාපන අමාත්‍යාංශය හා මධ්‍යම පළාත් හින්දු සංස්කෘතික අමාත්‍යංශය මෙම දමිල සාහිත්‍යය උළෙල සංවිධානය කර තිබිණි. 22 September 2018
බස් - වෑන් ගැටුමෙන් පස් දෙනෙකුට තුවාල සිදුවේ සිට නුවරඑලිය දක්වා ධාවනය වු වැන් රථයක් සහ හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් වැන් රථයේ ගමන් ගත් පස් දෙනෙකු ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය. 22 September 2018
පොලිස්පති කල්මරමින් සිටි තීන්දු ක්‍රියාත්මක කරයි පොලිස්පති විසින් ක්‍රියාත්මක කිරීම පැහැර හරින ලදැයි කියමින් ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කළ තීන්දු තීරණ 10න් නවයක්ම අද (21) වන විට පොලිස්පතිවරයා ක්‍රියාවට නංවා ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. 21 September 2018
කෝටි හයකට වාලම්පුරියක් විකුණන්න ගිය දෙදෙනකු අත්අඩංගුවට කෝටි හයකට අලෙවි කිරීමට තිබූ බව කියන ටයිටන් වර්ගයේ වාලම්පුරියක් ඉතා රහසිගතව ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සහ හිමිනමක අද (21) මාතර දෙවිනුවර විහාරස්ථානය ආසන්නයෙදී කොක්මාදූව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 21 September 2018
ඇමැති මලික් ඇතුළු ඉහළ පෙලේ දූත පිරිසක් ජර්මනියට ශ්‍රී ලංකාව තුළ ආයෝජන දිරිගැන්වීම සහ මෙරට අපනයන කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුළු ඉහළ පෙළේ දුත කණ්ඩායමක් ජර්මනිය බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි. 21 September 2018
සාක්කිකරු අසනීපෙන් - ජෙයරාජ් ඝාතන නඩුව කල් යයි හිටපු අමාත්‍ය ජේයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ඇතුළු 16 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් තිදෙනෙකුට විරුද්ධව ඇති නඩුව ගම්පහ සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඔක්තොම්බර් 25 වැනිදාට කල් තැබීමට අද (21) නියෝග කළාය. 21 September 2018
මගීන් බේරා ගැනීමට දිවි දුන් රියදුරාගේ දරු දෙදෙනාට ශිෂ්‍යත්වයක් හපුතලේ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක තිරිංග ක්‍රියාවිරහිත වූ අවස්ථාවේ බසය අසල වූ කඳු ගැටයක වදින්නට සළස්වා තම දිවි පූජා කර බසයේ සිටි 22 දෙනෙකුගේ දිවි බේරා ගත් එහි රියදුරු කීර්ති බණ්ඩාර මහතාගේ දරු දෙදෙනාට සහ තවත් දරු දැරියන්ට ‘දරු දිරිය’ අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවේදී අද සිදුකෙරිණි. 21 September 2018
ජනපති ඝාතන සිද්ධිය ගැන සීඅයිඩිය අටකගෙන් ප්‍රකාශ ගනී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන දුරකතන සංවාද සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරීවරයකු ඇතුළු අට දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. 21 September 2018
ජෝන් - අනුර - චන්දිම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් දොට්ට රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති චන්දිම වීරක්කොඩි සහ කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් එම ධූරවලින් ඉවත් කර තිබේ. 21 September 2018
ශ්‍රීලනිපයේ නව ආසන සංවිධායකවරු 9ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධානයකවරු නව දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ පත් කරනු ලැබූහ. 21 September 2018
බලපත්‍ර නොමැතිව ගෙන ආ මල් පැළ රේගු බාරයට නිසි බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු මෙරටට ගෙන ආ මල් පැළ තොගයක් අද (21) කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණය පිළිබඳ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 21 September 2018
ක්‍රිකට් ජය පරාජය දෙකේම වගකීම බාර ගන්නවා - ඇමැති ෆයිසර් ක්‍රිකට් ක්‍රීඩාවේ ජය පරාජය දෙකේම වගකීම තමා බාර ගන්නා බව ක්‍රීඩා ඇමැති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය. 21 September 2018
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන පිළිතුරු දෙන්න ඇමැති පාර්ලිමේන්තුවේ නෑ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඛනිජ තෙල් සංවර්ධන ඇමතිවරයා සහ එහි නියෝජ්‍ය ඇමතිවරියන් දෙදෙනා ම මැතිසබයට අද (21) පැමිණ සිටියේ නැත. 21 September 2018
පෞද්ගලික පාසල්වල ගුරු ගැටලු විසඳන්න - ජෝසප් ස්ටාලින් රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන්ගේ ගැටලු විසඳීමට රජය මැදිහත් නොවීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලංකාදීපයට අද (21) පැවැසීය. 21 September 2018
අධි තාක්ෂණික කැමරාවකින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කරයි ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික රෙට්නල් කැමරාවක් මගින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරිමේ වැඩසටහනක් කොළඹ ජාතික අක්ෂි රෝහල ආරම්භ කර තිබේ. 21 September 2018
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026