(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර සිරුරු පුලුස්සාදැමූ බවට චෝදනා එල්ල වී තිබෙන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පරිහරණය කළ අවි ආයුධ සහිත සේප්පුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13) සිය භාරයට ගත්තේය.
දැඩි ආරක්ෂාවක් යටතේ එම යකඩ සේප්පුව පොලිස් කැබ් රථයක පටවා මාතර මූලස්ථාන පොලිසියේ අවි ආයුධ ගබඩා කාමරයට රැගෙන ආවේය.ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12 දෙනෙක් පමණ සහභාගී වූහ.
අදාල යකඩ සේප්පුවේ ටී 56 වර්ගයේ ගිනි අවි හා රිවෝල්වර 25 ක් පමණ තිබෙන බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරක්කු වැඩි නැද්ද? මේකත් හරියට අර පොලිස් රාළහාමිලා හොර බඩු, අවි ආයුධ, මත් ද්‍රව්‍ය වගේ දේවල් අත් අඩංගුවට ගන්න වෙලාවල ඒවා කැමරා වලට පෙන්වන්න කිසිම අත් පළදනාවක් නැතුව අත පත ගානවා වගේ වැඩක් තමයි ඉතින්. මත් ද්‍රව්‍ය මලු පවා ඔහේ ආවට ගියාවට අත පත ගානවා. කිසි පරෙස්සමක් නැතුව.
ඒ කියන්නේ අල්ලපු කාමරේ රාළහාමිලාට යතුර බාරදුන්නා නේද? බඩු එතනමයි.
අස්සයා ගියාට පස්සේ .. ඉස්තාලේ වහල වැඩක් වේද..? ලංකාවෙන් පිට ඉදන් ලංකාව දිහා බලන අපිට පේනවා රට කොච්චර පිරිහිලාද කියල.. තරුණ පරම්පරාව විශාල විදිහට පිරිහිලා.. මිනිස්සු අතර හික්මීම නැති වෙලා.. ඉවසීම නැති වෙලා.. බුදු බන අහනවා... පින් කන් කරනවා.. නමුත් බුද්ධ වචනයේ පිහිටලා ජීවත් වෙන්නේ කීයෙන් කී දෙනෙක්ද? මේ තත්වය කාටද වෙනස් කරන්න පුළුවන්.. දරුවන්ට දෙමව්පියෝ අහිමි උනේ.. බිරිදට ස්වාමියා අහිමි උනේ අම්මලට පුතාල අහිමි උනේ යුද්දේ කාලේ.. දැන් එහෙම නැහැ ... පාරක ගියොත් යට කරන් යනවා... නැත්නම් ගෙවල් වලට ඇවිල්ල උස්සන් යනවා... තමන්ගේ ගොඩ වැඩි කර ගන්න මිනිස්සු දැන් ඕන දෙයක් කරනවා... හාල් වගේ උයන් කන්න කුඩු අහු වෙනවා.. මේක බුද්ධ රටක්.. මගේ බුදුන් වහන්සේ මග යන්න පුතේ දුවේ.. ඉවසන්න හුරු වෙන්න.. පොත පත පරිශීලනය කරන්න.. තව කෙනෙක්ට යන්න ඇරලා ඔබ ගමන යන්න... ඉවසීම අපේ ජීවත වලට හුරු කර ගන්න...