මන්නාරම් මිනී වලේ කැනීම් වලින් කුඩා දරුවන් 14 දෙනකුගේ සිරුරු කොටස් හමුවෙයි
මන්නාරම,පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලෙහි කළ කැණිම් තුළින් අද (19) වන විට සිරුරු 136 ක් හමුවී ඇති බවටත් ඒ අතර කුඩා ළමුන් 14 දෙනෙකුගේ සිරුරු කොටස් හමු වී ඇති බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.