‘පොට්ට නව්ෆර්’ දුම්බර බන්ධනාගාරයට බදුල්ල බන්ධනාගාරයේ මරණ දඬුවම නියමව සිටි මොහොමඩ් නව්ෆර් නොහොත් ‘පොට්ට නව්ෆර්’ නමැත්තා දුම්බර බන්ධනාගාරයට මාරුකර යවා ඇත. 12 November 2018
ලෝටස් පාර වහයි විශ්ව විද්‍යාල සිසුන්ගේ පාගමනක් හේතුවෙන් ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි. 12 November 2018
’මැතිවරණයක් දිනාගත හැකි පක්ෂයක් මැතිවරණයට එරෙහිව උසාවි යන්නේ නෑ’ මැතිවරණයක් දිනාගත හැකියැයි විශ්වාසයක් තිබෙන කිසිඳු දේශපාලන පක්ෂයක් මැතිවරණ පැවැත්වීමට එරෙහිව අධිකරණයට නොයන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (12) පැවසීය. 12 November 2018
පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජිකයකුගෙනුත් පෙත්සමක් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන ජනාධිපතිගේ ගැසට් නිවේදනය ව්‍යවස්ථා විරෝධි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන රත්නජීව හුල් මහතා විසින් ද අද (12) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත. 12 November 2018
විශේෂ ගැසට්ටුව අහෝසි කරන්නැයි ගොනු කළ පෙත්සම 27ට කල්යයි පාර්ලිමේන්තු සැසිවාරය ලබන නොවැම්බර් 16 වැනි දා කල් තබමින් ජනාධිපති කළ විධානය ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ පෙත්සම සළකා බැලීම ලබන 27 වැනි දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළේය. 12 November 2018
පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට එරෙහි පෙත්සම් හෙටට කල් යයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් අද (12) සළකා බලන බව අධිකරණ ආරංචි මාර්ග කියා සිටී. 12 November 2018
උතුරේ සන්නද්ධ කල්ලි ජනතාවගේ හිත් දිනාගනිමින් යති තිස් වසරක කුරිරු යුද්ධය රටට කළ සෙතක් නැත. සිදුවූයේ ශ්‍රී ලාංකික ජීවිත දස දහස් ගණනක් අකාලයේ ජීවිතයෙන් සමුගැනීමය. එපමණක් නොව රටේ සම්පත්, දේපල ගිනිය නොහැකි තරම් ප්‍රමාණයක් විනාශ වීමය. හමුදාවේ තරුණ සොල්දාදුවෝ පමණක් 30000 කට ආසන්න පිරිසක් මිය ගියහ. තවත් 20,000 ක් දෑත් දෙපා දෑස් ඇතුළු අවයව අහිමිව ආබාධිතයෝ වූහ. 11 November 2018
ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට එක්ව කැපවෙනවා ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් ප්රජාතන්ත්රවාදය අගය කරන සියලු කණ්ඩායම් ඒකරාශී වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා පැවසීය. 11 November 2018
මන්ත්‍රීවරුන් කෝටි ගණන් වලට අළෙවි වීම නැවැත්වීමට පාර්ලිමේන්තුව විසිරුවා හැරියා ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා සුදුසුම ප්රජාතන්ත්රවාදී යුක්ති සහගත සහ සාධාරණ තීන්දුව වන්නේ එය පොදු ජනතාවට භාරදීම බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට තමන් තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. මන්ත්‍රීවරුන් කෝටි ගණන්වලට අලෙවිවීමත්, කතානායකවරයාගේ පුදුම සහගත ප්‍රකාශත් තමාගේ මෙම තීරණයට හේතු වූ බව ද ජනාධිපතිවරයා කීවේය. 11 November 2018
අලුත් ලකුණකින් අලුත් නමකින් ඉදිරි ඡන්දයට අලූත් සලකුණක් සහ අලූත් නමක් සහිත පුලූල් සන්ධානයක් ඉදිරි මැතිවරණ වෙනුවෙන් ගොඩනගන බව එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා අද(11) කොළඹදී පැවැසීය. 11 November 2018
නීති විරෝධී නියෝග ප්‍රතික්ෂේප කරන්න පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය හා ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම තමා ලද වරප්‍රසාදයක් වන අතර එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කවර ආකාරයෙන් වුව ප්‍රතිවිපාකයකට මුහුණදීමට තමා සූදානම් යැයි පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 11 November 2018
පොහොට්ටුවට යන්නේ නෑ - ශ්රීලනිපය වෙනුවෙන් කැපවෙනවා පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගේ ඡන්ද ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට තමා සූදානම් නැතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ‘ලංකාදීපයට ’පැවසීය. 11 November 2018
ප්‍රශ්නයට වගකිවයුත්තා කතානායකයි - කෙහෙලිය පාර්ලිමේන්තුව විසුරුවීම දක්වා සිදුවූ සියල්ලට කතානායකවරයා සම්පූර්ණයෙන් වගකිවයුතු ඊට එරෙහිව ගත හැකි හැම පියවරක්ම ගන්නා බවත් සම කැබිනට් ප්‍රකාශක හිටපු මන්ත්‍රී කෙහෙලිය රුඹුක්වැල්ල මහතා පැවසීය. 11 November 2018
අතයි බුලත් කොළෙයි හළලා පොහොට්ටුවෙන් එනවා ආණ්ඩු විරෝධී ජනතාවගේ හැඟීම බලාපොරොත්තුව පොහොට්ටුව ලකුණ බවට පත්ව ඇති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජියෙක් ලෙස ආණ්ඩු විරෝධී සියලූ බලවේග එකට එක්කරගත් පොහොට්ටුව ලකුණින් ඒකාබද්ධ පොදු සංධානයක් ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමේ බලාපොරොත්තුවක් ඇති රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. රංජිත් සොයිසා මහතා අද මාධ්‍ය හමුවකදී පැවසීය. 11 November 2018
මහින්ද මෙවරත් කුරුණෑගලින් සටනට එන හැඩ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවරද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහා මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 11 November 2018
එජාපයේ අරමුණ රනිල් ජනපති- සජිත් අගමැති එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ සහ පසුපෙළ සියලු පාර්ශවවල අරමුණ රනිල් ජනපති, සජිත් අගමැති යන තේමාවෙන් ඉදිරියට යාම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (11) පැවසුවාය. 11 November 2018
හකීම් - රිෂාඩ් දෙදෙනාත් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න යති ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවනු ලැබීමට එරෙහිව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා ජනතා කොංග්‍රසය යන පක්ෂ දෙකද ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීමට සූදානම් වන බව ආරංචි මාර්ග කියයි. 11 November 2018
‘ජනපති සමඟ සාකච්ඡා ඕනෑ නෑ’ එක්සත් ජාතික පෙරමුණට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අතරමැද එකඟතාවයකට තවදුරටත් කිසිදු ඉඩක් නැතැයි ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා කීය. 11 November 2018
එ.ජා. මහලේකම් නීතිය සහ ප්රජාතන්ත්රවාදය ගැන යළිත් සිහිපත් කරයි නීතියේ ආධිපත්‍යයට සහ අදාළ නෛතික ක්‍රියාවලියට අනුව යමින් අර්බුද විසඳා ගන්නා ලෙසත් ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියට සහ ආයතනවලට ගරු කිරීම ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා සඳහන් කර ඇත. 11 November 2018
පීඩාකාරීව යතුරුපැදි පැදවු 32 දෙනා රිමාන්ඩ් පිළියන්දල-කැස්බෑව මාර්ගයේ මහජනතාවට පීඩාකාරි ලෙස යතුරුපැදි පැදවු බව කියන 32 දෙනා හෙට (12) දක්වා රිමාන්ඩ් කිරිමට කැස්බෑව වැඩබලන මහෙස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය අද (11) නියෝග කළාය. 11 November 2018
‘ නීතිඥ සංගමයේ සභාපති තනතුර අවභාවිතා කරමින් සිටිනවා’ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සාධාරනීකරණය කරමින් නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා මහතා ඔහුගේ තනතුර අවභාවිතා කරමින් සිටින බව නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා කොළඹදී අද(11) පැවැසීය. 11 November 2018
එක්සත් ජනපද කොංග්රස් නියෝජිතයෝත් ජනපතිට ලියති ප්රජාතන්ත්රවාදී පාලනය පවත්වාගෙන යෑමට කැපවෙන අතරේම රටේ පාර්ලිමේන්තුව නැවත විවෘත කරන්නැයි ශ්‍රී ලංකාවට අවධාරණය කරන බව එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ. 11 November 2018
ලක්බිමේ දියණියෝ ලිබර්ටි වටරවුමේ විරෝධතාවක ප්රජාතන්ත්රවාදය හා රටේ නීතිය මේ වනවිට දැඩි අස්ථාවරතත්වයට පත්වී ඇතැයි පවසමින් විරෝධතාවයක් අද (11) ලිබර්ටි වටරවුමේ දී පැවැත්විණි. 11 November 2018
‘රට වෙන්දේසි නොකරන නායකයන් තෝරා ගත යුතුයි’ පාර්ලිමේන්තු මැතිවරණයේදී නායකයන් ලෙස කවුරුන් තෝරා ගත්තත් රට වෙන්දේසි නොකරන අය තෝරා ගන්නට කටයුතු නොකරන්නැයි දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංස හිමියෝ ජනතාවගෙන් ඉල්ලීමක් කළහ. 11 November 2018
ලංගම බස් දේශපාලන වැඩට නොදෙන්න’යි ප්‍රවාහන ඇමැතිගෙන් උපදෙස් දේශපාලන කටයුතු සහා නොමිලයේ ලංගම බස්රථ ලබානොදෙන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට තමන් උපදෙස් දී ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 11 November 2018
‘ජනපතිගේ තීරණය ව්‍යවස්ථාවට අනුකූලයි’ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බව ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා පැවසීය. 11 November 2018
දෙමළ ජාතික සන්ධානයට අභියෝග කිරීමට විග්නේෂ්වරන් සැරසෙයි මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගත් දෙමළ ජනතා පෙරමුණ උතුරු නැගෙනහිර සියළුම ආසන සඳහා අපේක්ෂකයින් 11 November 2018
තවත් අමාත්‍යාංශ 10ක විෂය ගැසට් වෙයි නව අමාත්‍යවරුන් 10 දෙනෙකුගේ අමාත්‍යාංශයන්ට අදාළ විෂයයන් හා ආයතන ඇතුළත් ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ. 11 November 2018
ලෝකාන්තයෙන් ඇද වැටුණු ජර්මන් කතගේ සිරුර සොයාගනී ලෝකාන්තය නැරඹීමට පැමිණ ඉන් පහළට ඇද වැටුණු ජර්මන් ජාතික සංචාරක තරුණියකගේ සිරුර ලෝකාන්ත බෑවුමෙන් අඩි තිහක් පමණ පහළ ගසක රැඳී ඇති බව ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මගින් කළ සෝදිසි මෙහෙයුමකදී නිරීක්ෂණය කළ බව සමනලවැව පොලිසිය පවසයි. 11 November 2018
මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ. 11 November 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026