පෙත්සම් පිළිබද තීන්දුව සවස 5 ට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් 13 සම්බන්ධ තීන්දුව අද සවස 5.00ට ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය 13 November 2018
දිල්හාර ලොකුහෙට්ටිගේටත් ක්‍රිකට් දූෂණ චෝදනා ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයකු වන දිල්හාර ලොකුහෙට්ටිගේට චෝදනා එල්ල වී තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ඔහුට චෝදනා එල්ල කරනු ලැබ ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් සංගමයේ දූෂණ මර්ධන නීති මාලාව කඩ කිරීම සම්බන්ධයෙනි. 13 November 2018
කෙසෙල්ගමු ඔය ප්‍රතිසංස්කරණ කටයුතු නතරකරලීමෙන් නොසන්සුන්තාවක් කෙසෙල්ගමුඔය පිටාර ගැලිම අවම කිරිම සදහා කෙසෙල්ගමු ඔය කපා පුළුල් කිරිමේ කොන්ත්‍රාත්තුව භාර ගත් කොන්ත්‍රාත්කරු එම කොන්ත්‍රාත්තුව සිදු කිරිමට නොහැකි බව අද (13)පැවසිමත් සමඟම නොර්වුඩ් ප්‍රදේශවාසින් හා කොන්ත්‍රාත්කරු අතර නෙසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය. 13 November 2018
නාමල් කුමාර පොහොට්ටුවෙන් මැතිවරණයට දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා මහ මැතිවරණයට ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් දිගාමඩුල්ල දිස්ති්රකයට තරග කරන බවට වාර්තා වේ. 13 November 2018
ජපානයේ රැකියා සමඟ පදිංචියත් ජපානයේ වෘත්තිය රැකියා සදහා යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශික ශ්‍රමිකයින්ට ස්ථිර පදිංචිය සඳහා අවස්ථාව ලබාදීමට ජපාන රජය ගෙන ඇති තිරණය ශ්‍රී ලංකාවට ද අදාළ වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 13 November 2018
අවුන් සාන් සූකීට තවත් සම්මානයක් අහිමි වේ මියන්මාරයේ රොහින්ජා ජනතාවට එරෙහිව සිදුවන ප්රචණ්ඩත්වය වෙනුවෙන් හඬ නොනැගීම හේතුවෙන් අවුන් සාන් සූකිට දුන් සම්මානය අවලංගු කරන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනය කළේය. 13 November 2018
ලංකාව ගැන ජපානය අවධානයෙන් පාර්ලිමේන්තුව විසුරුවීම ඇතුලු සිදුවන දේශපාලන සිද්ධිදාමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරෙකු හැටියට තමන් සමීප නිරීක්ෂණයක සිටින බව ජපානය පවසයි. 13 November 2018
පාර්ලිමේන්තු විසුරුවාලීමට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගෙනුත් පෙත්සමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. 13 November 2018
පාර්ලිමේන්තුව විසුරුවන්න ජනපතිට බලය ඇතැයි නීතීපති කියයි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපති , ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය මහතා සිය කරුණු ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 13) ඉල්ලා සිටියේය. 13 November 2018
පොහොට්ටුවයි සන්ධානයයි එකතුවෙයි ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ ඉදිරි මහා මැතිවරණයට තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එකඟතාවයකට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 13 November 2018
ඊශ්‍රායලයට හොරෙන් ගිය ලාංකිකයන් 13 ක් හිරේට නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට පැමිණි ලාංකිකයින් 13 දෙනෙකු එරට සිරගත කර ඇති අතර ඔවුන් සති දෙකක කාලයක් අයිතිවාසිකම් අහිමි කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 13 November 2018
පාසල් සිසුන්ට නීතීවිරෝධිව ඖෂධ අලෙවි කළ තිදෙනෙකු අත්ඩංගුවට නීතී විරෝධි ලෙස ඖෂධ අලෙවි කළ ගම්පහ සීදුව ප්‍රදේශයේ ඔසු සල් 03 ක් වටලා පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 13 November 2018
සෆාරී ජීප් රියක් ගිනිගනී සීගිරිය දිගම්පතහ ඉදිගස් වැව ප්‍රදේශයේ නවතා තිබූ ජීප් රථයක් අද (13) දින අලුයම සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි සිගිරිය පොලිසිය කියයි. 13 November 2018
දකුණු සබේ එජාප මන්ත්‍රීවරු විරෝධතාවක ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට විරෝධය පලකරමින් අද (13) පැවති දකුණු පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු කලුපාට සාටක පැළඳ පැමිණි අතර සභා ගර්භයට පැමිණිමට පෙර ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක් පැවැත්වුහ. 13 November 2018
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි පෙත්සම් දෙවැනි දිනටත් කැඳවයි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරිනු ලැබීමට එරෙහිව අධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් අද උදෑසන10ට දෙවැනි දිනටත් කැඳවනු ලැබිණි. 13 November 2018
ජර්මන් කතගේ සිරුර බලන්ගොඩ රෝහලට සෙල්ෆි ඡායාරූපයක් ගනිද්දී අඩි හාරදහසක බෑවුමක් සහිත ලෝකාන්තයෙන් පහළ වැටුණු 35 හැවිරිදි ජර්මන් ජාතික හෙදියගේ සිරුර අද (13) බලන්ගොඩ මූලික රෝහලට ගෙනා බව සමනලවැව පොලීසිය පවසයි. 13 November 2018
‘‘රට ලෝකයට ණය වෙලා‘‘ - ගල්බොඩ ඥාණිස්සර හිමි එක් එක් පුද්ගලයන් ණය ගැන කතා කළත් රට ලෝකයට ණය වී ඇති බවත් බොහෝ දේ නාස්ති වී ඇති බවත් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්බොඩ ඥාණිස්සර හිමියෝ අද (12) පස්වරුවේ පැවැසූහ. 12 November 2018
‘‘දේශපාලන පක්ෂ වලට ඉහළින් ශක්තිමත් ජනතා සන්ධානයක් ගොඩනගනවා‘‘ නිදහසත් ප්රජාතන්ත්රවාදයත් ඉහළට ඔසවා තැබිය හැකි ශක්තිමත් ජනතා සන්ධානයක් දේශපාලන පක්ෂ වලට ඉහළින් ගොඩනගමින් ඊළඟ මැතිවරණ සඳහා තරඟ කරන බව ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (12) පැවැසීය. 12 November 2018
‘අධිකරණයෙන් යුක්තිය ඉටුවනු ඇතැයි විශ්වාස කරනවා‘ අධිකරණය තුලින් තම පාක්ෂිකයාටත්, රටටත් සාධාරණත්වය සහ යුක්තිය ඉටුවනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (12) කොළඹ අලුත්කඬේ පිහිටි උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී පැවසීය. 12 November 2018
මැතිවරණය ගැන කොමිසමේ මත ගැටුම් මහ මැතිවරණය පැවැත්වීම හා ඒ සම්බන්ධ කටයුතු සිදුකිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව මත ගැටුමක පැටලී ඇතැයි වාර්තා වේ. 12 November 2018
‘‘බලය රැකගන්න ඇටවූ උගුල් වල සිරිසේන - වික්‍රමසිංහ කොටුවෙලා‘‘ තම තමන්ගේ බලය රැකගැනීමට අනෙකා වෙනුවෙන් ඇටවූ උගුල්වල අද සිරිසේන - වික්‍රමසිංහ දෙපළම කොටුවී සිටිනවා. එයින් විනාශ වන්නේ ඔවුන් නොව රට යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (12) පැවසීය. 12 November 2018
අර්ජුනගේ පැමිණිල්ල ගැන උසාවියට කරුණු වාර්තා කරයි ඛනිජ තෙල් සංස්ථා මූලස්ථාන පරිශ්‍රයට ඇතුළුව සිටියදී පිරිසක් තමන් ඝාතනය කිරීමට උත්සහ ගත් බවට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට කරුණු වාර්තා කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 12 November 2018
අධිකරණය අසලදී වාසුදේවට හූ තබති රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අධිකරණයට පැමිණ පිටව යද්දී පිරිසක් අද හූ තැබූහ. 12 November 2018
තෙල් සංස්ථා වෙඩි තැබීමේ සිද්ධියේ සැරයන් 15 දක්වා රිමාන්ඩ් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට ඇතුළු වී නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වෙමින් ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ තවත් දෙදෙනකුට තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයකට තැත් කළැයි කියන සිද්ධියට අදාළව හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා රිමාන්ඞ් බාරයට පත්කර සිටි ඇමැති අරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයා ලබන මස 15 වැනි දින දක්වා රිමාන්ඞ් බාරයට පත්කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (12) නියෝග කළාය. 12 November 2018
‘ජනපති ජනවරම පාවාදුන්නා’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය තනි කැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනවරම පාවාදුන් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ගත් එම ක්‍රියාමාර්ගයට ශ්‍රේෂ්ඨාධිකරණය නිසි පිළිතුර ලබා දෙනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා පැවසීය. 12 November 2018
ගම්මන්පිලගෙන් රුපියල් 100 යළි ඉල්ලති බුද්ධශාසන හා ආගමික කටයුතු ඇමැති උදය ගම්මන්පිල මහතා අද අධිකරණයෙන් පිටව යද්දි පිරිසක් ඒ මහතාගෙන් රුපියල් 100 ක් ඉල්ලන්නට වීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය. 12 November 2018
‘ගම්පෙරළිය’ වැඩසටහන නවතී ඉකුත් යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක්ව පැවති ගම්පෙරළිය වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර තිබේ. 12 November 2018
‘පාර්ලිමේන්තු විසුරුවාලීමට එරෙහි පෙත්සම්වලට කරුණු දක්වන්න කල් ඕනෑ’ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට කල් අවශ්‍ය බව නීතිපතිවරයා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය. 12 November 2018
‘ජනපති අගමැති නායකත්වයෙන් යුත් පුළුල් සන්ධානයකින් මැතිවරණයට එනවා’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පුළුල් සන්ධානයකින් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව ශ්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය. 12 November 2018
හිටපු අගමැති බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැදී සිටීම ගැන නඩු මඟට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැඳීසිටීමට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. 12 November 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026