පීඩාකාරිව හැසිරුණු 32 ක් අත්අඩංගුවට පිලියන්දල - කෑස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ අද (11) අලුයම 1 සිට 3 අතර කාලයේ දී ප්‍රදේශවාසීන් පීඩාකාරි අයුරින් යතුරුපැදි පැදවු පුද්ගලයන් 32 ක් යතුරුපැදි 14 ක් සමඟ අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. 11 November 2018
අගමැති ආර්යාව රගර් බලන්න යයි අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය තමන්ගේ පුතුන් දෙදෙනා ක්‍රීඩා කළ රග්බි තරගය නැරඹීමට පැමිණ සිටියාය. එහෙත් වෙනදා මෙම තරග නැරඹීමට එන හිටපු ජනාධිපති මෙන්ම වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද තරගය නැරඹීම සඳහා පැමිණ නොසිටියේය. 10 November 2018
එස්.බී. දෙවැනි වතාවටත් වැඩ වරද්දා ගනීවි ව්‍යවස්ථා විරෝධිව කටයුතු කල ජනපතිවරයා සමස්ථ රටත් ජනතාවත් ව්‍යසනයකට පත් කර ඇති බවත් එස්. බී. දිසානායක මහතා දෙවන වතාවටත් වැඩ වරද්දාගන්න යන බවත් රංගෙ බන්ඩාර මහතා පැවසීය. 10 November 2018
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව ජවිපෙත් උසාවි යාමට සූදානම් ව්‍යවස්ථා විරෝධීව සිදුකළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සූදානම් යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (10 වැනිදා) පැවසීය. 10 November 2018
මැතිසබය විසුරුවා හැරීමට විරෝධය පල කරමින් දේව කන්නලව්වක් ව්‍යාවස්ථා විරෝධිව මැතිසබය විසුරුවා හැරීමට විරෝධය පල කරමින් එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයැවීමෙන් හලාවත මුන්නේශ්වරම පුද බිමේදි අද ( 10 දා ) දහවල් දේව කන්නලවක් පැවැතිවිණි. 10 November 2018
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධියි - එම්.ඒ.සුමන්තිරන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවත් එකී ක්‍රියාමාර්ගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය. 10 November 2018
පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව උසාවි යන්න එජාපය සැරසෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පිටින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට එරෙහිව ලබන සතියේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහත්වරු කීහ. 10 November 2018
එජාපෙ නායකයෝ මැතිවරණ කොමිසමට යති ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ අද මැතිවරණ කොමිෂන් සභාවට ගියහ. 10 November 2018
ජනපති දළදා වඳින්න යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (10) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැඳපුදාගත්තේය. අද පස්වරුවේ අස්ගිරි මල්වතු විහාරවලට ගොස් මහනායක හිමිපාණන් වහන්සේලා බැහැදැකීමට නියමිතය. 10 November 2018
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ඇමරිකාවේ කණස්සල්ල දේශපාලන අර්බුදය උග්‍ර කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි කනස්සල්ල පළ කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 10 November 2018
ජනපති ආරක්ෂක කොට්ඨාසයේ අධ්යක්ෂ ධුරයට විශ්‍රාමික නිලධාරියෙක් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස් ඒ ආර් පී ජයතිලක මහතා ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙස පත් කර තිබේ. 10 November 2018
මහ මැතිවරණයට පොහොට්ටුවෙන් යන්න සාකච්ඡා ජනාධිපතිවරයා විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව යටතේ තරග කිරීම කෙරෙහි ඒකාබද්ධ විපක්ෂයේ සිටි පිරිසේ අවධානය යොමු වී ඇතැයි ආරංචි මාර්ග කියයි. 10 November 2018
ආණ්ඩුව විසුරුවා හැරීමට සතුට පළ කරති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (09 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරිම වෙනුවෙන් නාවලපිටිය නගරයේ ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුට පල කලහ. 10 November 2018
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැරදියි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා මහ මැතිවරණයක් කැඳවා ඇත්තේ ව්‍යවස්ථාවේ නැති බලයක් භාවිත කරමින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය. 10 November 2018
පාර්ලිමේන්තුව විසුරුවයි - මහ මැතිවරණය ජනවාරි 5 පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට විසිරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය. ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රී 11.45 ට නිකුත් කරන ලදි. 09 November 2018
ලක්ෂ්මන් යාපා - නිමල් ලන්සා රජයේ මුද්‍රණාලයට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා මීට ටික වේලාවකට පෙර රජයේ මුද්‍රණාලය වෙත ගියහ. 09 November 2018
14 වැනිදාට විසඳුමක් නැතිනම් සටන දිගටම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නව අගමැතිවරයෙක් පත්කිරීම හේතුවෙන් ඇතිවූ අර්බුදය මෙම මස 14 වැනිදාට පාර්ලිමේන්තුවේදී විසඳා ගැනීමට හැකිවේයැයි බලාපොරාත්තු වන බවත්, එසේ නොවුවහොත් සටන ඉදිරියට ගෙන යන බවත් එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. 09 November 2018
රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවත් ජනපති යටතට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ද ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් අති විශේෂ ගැසට් පත්‍රය අද රාත්‍රී නිකුත් කළේය. 09 November 2018
රවීගේ දියණියට 12 වැනි දා උසාවි එන්නැයි නියෝග බැඳුම්කර පිළිබද ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතාගේ දියණීය වූ ඔනෙලා කරුණානායක මෙනෙවියට ලබන 12 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (9) නියෝග කළාය. 09 November 2018
රට බුරුපිටියක් කරන සෙල්ලම නවත්වන්න ඕනෑම තුරුම්පුවක් ඇදගන්න. නමුත් රට බුරුපිටියක් බවට පත් කරන සෙල්ලම වහා නතර කරන්නැයි ජනපතිගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (9) පැවැසීය. 09 November 2018
තවත් කැබිනට් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති තවත් කැබිනට් ඇමැතිවරු කිහිපදෙනෙක් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 09 November 2018
පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංසදයෙනුත් නිවේදනයක් ශ්‍රී ලංකාව එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දක්වා ඇති පරිදි සහ ආරක්ෂා කර ඇති පරිදි නීතියේ ආධිපත්‍ය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බව පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පාර්ලිමේන්තු සංසදය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 09 November 2018
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැති හමුවෙයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් අද (9) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයට ගොස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ. 09 November 2018
’ජනපතිට එරෙහි දෝෂාභියෝගයකට අපේ සහයක් නෑ’ රටේ ඇති දේශපාලන පෙරළියත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පිරිසක් දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කර ඇති බවත්, එයට දමිළ ප්‍රගතශීලී සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයකු සහයෝගය ලබා නොදෙන බවත් දමිළ ප්‍රගතශීලී සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය. 09 November 2018
වාසුගෙන් කතානායකට ලිපියක් පාර්ලිමේන්තු සැසිවාරය කල් දමා තිබියදී ශ්‍රී ලංකා රජය, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීමට කතානායකවරයා විදෙස් තානාපතිවරුන්ට තම පාර්ලිමේන්තු කාර්යාලයට පැමිණීමට ඉඩ ලබාදුන් බව ඇසීමෙන් තමන් පුදුමයට පත්වූ බව ජාතික සමඟිය, සංහිඳියාව සහ රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. 09 November 2018
'කුමන්ත්රණවලින් ආණ්ඩු බලය ඇල්ලීම පරදවනවා' ආණ්ඩු බලය ගන්නට කරන කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේ දී බැරිනම් මහපාරේදී හෝ පරදවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. 09 November 2018
‘කතානායක උත්සාහ කරන්නේ පාර්ලිමේන්තු රැස්වීම අවුල් කරන්නයි’ නව අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය පිළිගන්නා බව මුලදී ප්‍රකාශ කළ කතානායකවරයා දැන් කාගේ හෝ බලපෑමකට යටත් වී 14 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම අවුල් කිරීමට සැරසෙන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 09 November 2018
ඇමැති එස්.බී සංවිධායක ධූරයේ වැඩ අරඹයි නව රජයේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්වූ මහා මාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති එස්.බී. දිසානායක මහතා සංවිධායක ධූරයේ වැඩ බාරගැනීම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (9) සිදු කෙරිණි. 09 November 2018
’’කතානායකවරයාගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පාර කැපෙනවා’’ ජනාධිපතිවරයා විසින් පත්කළ අගමැති පිළිගත නොහැකි යැයි කථානායකවරයා විසින් කළ ලිඛිත ප්‍රකාශය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය සුවිශේෂී අර්බුදකාරි අවස්ථාවක් උදා කර ඇතැයි පිවිතුරු හෙළ උරුමය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 09 November 2018
කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම හෙට සිට තාවකාලිකව වසයි කැළණි පාලමේ ඉදිකිරිම් හේතුවෙන් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව සහ කැළණි පාලම අතර කොටස තාවකාලිකව හෙට (10) සිට වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 09 November 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026