දුම්රිය සංගම් කිහිපයක වර්ජනයෙන් මගීන් අමාරුවේ දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර තිබියදීත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ(27) මධ්‍යම රාති‍්‍රයේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරතව සිටිති. 28 June 2019
තාජුඩීන් ඝාතන සිද්ධියේ පළවෙනි සැකකරු මුදා හැරේ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මහතාගේ ඝාතන සිද්ධියේ පළවෙනි සැකකරු වූ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා නීතිපති උපදෙස් මත එම සිද්ධියෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අදා (27) නියෝග කළාය. 27 June 2019
පළාත් සභා පනත සංශෝධන යෝජනාවට ඌව පළාත් සභාවේ විරෝධය 1987 අංක 42 දරන පළාත් සභා පනතෙහි සංශෝධනයකට අදහස් ලබාගැනීම සඳහා ඌව පළාත් ආණ්ඩුකාරවරයා හරහා ඌව පළාත් සභාවට යොමුකර තිබූ සංශෝධන පනත් කෙටුම්පතක් සම්මත කිරීම ඌව පළාත් සභාව ප්‍රතික්ෂේප කළේය. 27 June 2019
කාත්තන්කුඩියෙන් බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් සොයාගනී බෝම්බ සෑදීමට යොදා ගන්නා ඩෙටනේටර්, ජෙලෙග්නයිට් කූරු, උණ්ඩ ඇතුලු උපකරණ රැසක් කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයේ වළ දමා තිබියදී අද (27) සොයා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය. 27 June 2019
ශ්‍රීලනිපයෙන් ජනපති අපේක්ෂකයෙක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්ථිර වශයෙන්ම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව තීරණය කර ඇත. 27 June 2019
හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව සම්මතයි හදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද(27) පාර්ලිමේන්තුවේදී සම්මත විය. 27 June 2019
ලංකාව ලෝකය ඉදිරියේ දුන් පොරොන්දුව කඩකරනවා ශ්‍රී ලංකාව යම් හෙයකින් මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් එය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ 73 වැනි මහ මණ්ඩල සැසියට දුන් පොරොන්දුව කඩ කිරීමක් යැයි යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 27 June 2019
එල්ලුම් ගහට නියම වී සිටින මුළු පිරිස 1261 ක් අද වන විට ස්ථිර වශයෙන්ම මරණ දඬුවම හිමිවූවන් හා අභියාචනා මත සිටින සමස්ථ සිරකරුවන් සංඛ්‍යාව 1261 ක් බවත් එයින් 297 දෙනෙක්ම රඳවා සිටිනුයේ වැලිකඩ බන්ධනාගාරයේ බවත් බන්ධනාගාර නිලධාරියෙක් පැවැසීය. 27 June 2019
ඉන්ද්‍රාණි සේනාරත්න දැයෙන් සමුගනී අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මියගේ අවසන් කටයුතු අද(27) බොරැල්ල සුසානභූමියේදී සිදුකෙරිණි. 27 June 2019
‘කුඩු මර්වින්’ගේ පුතෙකු ගිනි අවි - මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි කැලණිය, කැලණිතිස්ස මාවතේ නිවසකදී යුද හමුදා විශේෂ බලකාය භාවිත කරන ගිනි අවියක්, අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධයක් සමඟ පුද්ගලයකු අද(27) අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය කියයි. 27 June 2019
උසස් පෙළ සිසුන්ට ටැබ් ලබා දීම ලබන පාසල් වාරයේ සිට ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ සිසු සිසුවියන් සඳහා ටැබ් පරිගණකය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිකුණාමලයේදී අද (27) පැවසීය. 27 June 2019
ගම්මන්පිලට ජූලි 11 ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ජනාධිපති කොමිසමට ගොනු කළ පැමිණිල්ලට අදාළව සාක්කි ලබා දීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට ජූලි 11 වැනිදා එම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් අද ( 27) සිතාසි නිකුත් කරනු ලැබ ඇත. 27 June 2019
සාෆි ගැන චෝදනා සනාථ වී නෑ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවක් හෝ අයතා වත්කම් ඉපැයූ බවක් හෝ මව්වරුන්ගේ පැලෝපීය නාල මිරිකූ බවක් හෝ මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 27 June 2019
‘මරණ දඬුවමට පෙර නීතිය කාර්යක්ෂම කරන්න’ මරණ දඬුවම ගෙන ඒමට පෙර, ඕනෑම නඩුවක් වසර තුනකින් පමණ අසා නිම කළ හැකි කාර්යක්ෂම නීති පද්ධතියක් රට තුළ ඇති කළ යුතු යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 27 June 2019
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවාව ශ්‍රව්‍යාබාධිත - කථනාබාධිත ප්‍රජාවටත් ශ්‍රව්‍යාබාධිත සහ කථනාබාධිත ප්‍රජාවටද සේවාව ලබා ගැනීමට හැකි ආකාරයෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ (1919) සේවාවන් පුළුල් කර ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සදහන් කරයි. 27 June 2019
‘මරණ දඬුවම ශිෂ්ඨ සම්පන්න රටකට ගැළපෙන්නේ නෑ’ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවක් ලෙස විරෝධය දක්වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. 27 June 2019
‘අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවා’ ඉදිරි මැතිවරණවලින් පසු විධායක ජනාධිපතිධූරය අහෝසි කර පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කරමින් රටට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවැසීය. 27 June 2019
මරණ දඬුවම ප්‍රශ්නවලට විසඳුම නෙමෙයි ඝාතන ව්‍යවසනකාරී බවත් කිසිම විටෙක ප්‍රශ්නවලට විසඳුමක් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝ ප්‍රකට ව්‍යාපාරික සර් රිචඩ් බ්‍රැන්සන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත. 27 June 2019
ලක්ෂ 50 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දියානුවෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ඉන්දීය ජාතිකයකු අද (27) ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය. 27 June 2019
මහින්දානන්දට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරයි සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් කී‍්‍රඩා සංගම් වලට බෙදා දී රජයට රුපියල් කොටි 05කට අධික පාඩුවක් සිදු කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් කොමිසම දෙවැනි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අද (27) නඩු පැවරුවේය. 27 June 2019
අනුර සේනානායකට එරෙහි අධිචෝදනා ඔක්තොබර් 23 සිට විභාගයට රගර් කී‍්‍රඩක මොහොමඩ් තාජුඞීන් ඝාතනයේ තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි අධිචෝදනා විවෘත අධිකරණයේ දී ඔහුට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ලබන ඔක්තොබර් 23 වැනිදා සිට නඩුව විභාග කිරීමට අද (27) නියම කළේය. 27 June 2019
මරණ දඬුවම ගැන එක්සත් රාජධානියෙන් අනතුරු ඇඟවීමක් මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් ත්‍රස්තවාදය මර්දනය කිරීම ඇතුළු නීතියේ බලාත්මක කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම දුෂ්කර වනු ඇතැයි ද ප්‍රතිපත්ති සහ ආරක්ෂාව ඇතුළු ඒ හා සම්බන්ධ අනෙකුත් ක්ෂේත්රවලට ලබා දී ඇති තාක්ෂණික සහාය සම්බන්ධයෙන් නැවත වරක් විමසා බැලීමට සිදුවනු ඇතැයි ද එක්සත් රාජධානියේ විදේශ කටයුතු කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 27 June 2019
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට්ටුව නිකුත් වෙයි දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරීමට අදාල අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. 27 June 2019
ලංගමයෙන් සුඛෝපභෝගී බස් රථ 9ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මිල දී ගත් සුඛෝපභෝගී බස් රථ 09 ක් ඩිපෝ අතර බෙදාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී අද (27) සිදුකෙරිණි. 27 June 2019
ලක්ෂ 4ක කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ හතරක් වටිනා කේරළ ගංජා තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු නිලම්මහර ප්‍රදේශයේදී අද(27) අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි. 27 June 2019
දාගැබක් ඩොසර් කර වගා කිරීමට එරෙහිව පැමිණිල්ලක් මඩකලපුව එරාවුර් පත්තු චෙන්කල්අඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවඩිවෙම්බු ප්‍රදේශයේ පිහිටා තිබූ අනුරාධපුර යුගයේ විශාලතම දාගැබ ඩොසර් කර මිරිස් ඇතුළු එළවළු වගාකර විනාශ කිරිමට අදාළ බලධාරීන්ට එරෙහිව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව එරාවුර් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 27 June 2019
ගෝඨාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක තවත් නඩුවක් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක තවත් නඩුවක් ගොනු කර ඇතැයි ඒ.පී පුවත් සේවය වාර්තා කර ඇත. 27 June 2019
කොටි වළ දැමූ රන් සොයන්න ආ 14 ක් අත්අඩංගුවට යුද සමයේදී කොටි සංවිධානය විසින් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදැමූ රත්තරන් ගොඩ ගැනීම සඳහා සුඛෝපබෝගී කාර් රථවලින් පැමිණි සැකකරුවන් 14 දෙනෙකු අධිබලැති ස්කෑන් යන්ත්‍රයක් ඇතුලු තවත් උපකරණ රැසක් සමගින් අද (27) අත්අඩංගුවට ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි. 27 June 2019
පස් කණ්ඩියක් කඩා වැටී දෙදෙනෙක් මරුට ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අත්තිවාරමක් කපමින් සිටි පිරිසක් මතට අද(27) පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 27 June 2019
බසය පෙරැළී 28ක් රෝහලේ පැලම්පිටියේ සිට යටියන්තොට බලා ධාවනය කළ අවිස්සාවේල්ල ලංගම ඩිපෝවට අයත් බස් රථයක් ජයවින්දාගම, අටේ කණුව ප්‍රදේශයේ දී අද ( 27) අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 28 දෙනකු රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. 27 June 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026