(රංජන් කස්තුරි)
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවක් ලෙස විරෝධය දක්වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමා පෞද්ගලිකවත්, ආණ්ඩුවක් ලෙසත් විරෝධය දක්වන බවද ඇමැතිවරයා කීය.
කොළඹ මුදල් අමාත්‍යාංශයේ අද (27) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.
"මරණ දඬුවම ශිෂ්ඨ සම්පන්න රටකට ගැළපෙන්නේ නැහැ.මගේ පියා මහානාම සමරවීර මහතා එදා අධිකරණ ඇමැතිධූරය දරන කාලයේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා. මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් කළ යුතුයි කියලා.
ඒ යෝජනාව තමයි සම්මත වුයේ" යැයිද මංගල සමරවීර මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මරණ දඬුවම නොදුන්නාම රටක් ශිෂ්ට සම්පන්නද?
මොකද්ද අද අපේ රටේ තියන ඔය කියන "ශිෂ්ටාචාරය"
මරණ දඩුවම ශිෂ්ඨ සම්පන්න නැත්නම්, ජනතාවට බය සැක නැතුව ආරක්ශා සහිතව ජීවත් වෙන්න පසුබිමක් හදන්න. පොලිසියට, රේගුවට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න නිදහස දෙන්න.
දැන් එතකොට ඔය ශිෂ්ටකම ඕනේ කුඩු විකුණලා තරුණයින් දහස් ගණනකගේ ජීවිත විනාශ කරපු, ඒවායින් අසීමාන්තික ධනය එන පාරක් හදාගෙන සැප ජීවිතයක් ගතකරන අය රකින්නද. මේ විෂගෝර මත්කුඩු වෙළෙන්දන්ට රැවටිලා අකාලයේ ජීවිතය විනාශ කරගෙන මේවගේ කුඩු වෙළෙන්දන්ට රැවටිලා එක රැයින් ජීවිතය ආපසු නොවෙන පැත්තකට විනාශ කරගෙන, මැරෙනකල් කුඩු ඩිංගක් හොයා හොයා ඇවිදින තරුණයින්ට කරපු සේවය මොකක් ද? කුඩු වෙළෙන්දෝ රකින ඔයාලට කුඩුවලින් විනාශ වුනු තරුණ කොල්ලන්ගේ ජීවිත වලට ,පුනරුත්ථාපනය කරන්න ඕනේ කියල හිතෙන්නේ නැතිද. ඒ ළමයින්ට නැවත සමාජයට ඇවිත් හොඳ ජීවිතයක් ගත කරන්න හදලා දෙන්න උවමනා නැතිද? ඒවා කරලා කුඩු ජාවාරම්කාරයෝ බේරගන්න
ආ! ඒක තමයි රට මේතරම් පිරිහීමකට ලක්වෙලා තියෙන්නේ.
ඔබ කියන පරිදි මෙය ශිෂ්ඨ සම්පන්න ලෝකයට උචිත නෑ කියලා මමත් පිලිගන්නවා. එත් දිනපතා රටේ සිදුවන දේවල් දිහා බැලුවම අපේ ශිෂ්ඨ සම්පන්නකම කෝ? රටේ දිනපතා සිදුවන අපරාධ කෙලවරක් නැහැ. එයට එකම විසදුම එල්ලුම් ගසම නොවෙයි. මේවට හේතුව අවම කිරීම රජයේ වැඩක්. හිතන්න එපා පාසල් දරුවන්ට පරිඝනකයක් අරන් දුන් පමණින් මොලය දියුණු වෙයි, එහෙම නැත්නම් ඉහලට ඉගෙන ගනියි කියලා. අපේ අය පරිඝනකයක් භාවිත කරන්නේ වැඩි හරියක් මොනවටද කියල ඔබ දන්නවා ඇති. පරිඝනකය තිබුනට මදි, අන්තර්ජාල පහසුකම් ද තිබිය යුතුයි. එසේම දැන් මේවා නිපදවන අයට ඒවාට කරගන්න දෙයක් නැතිව ඉන්න වෙලාවේ හොඳ කොමිස් කුට්ටියක් ලැබෙනවානම් මොක මොකද? රටේ මේ තරම් අපරාධ වැඩි පාලකයින් හොඳ හැටි හිතා බල කටයුතු නොකිරීමයි.
මහා ලොකු ශිෂ්ට සම්පන්න මිනිහා. හාමුදුරු නමකට කතා කරන්න දන්නේ නැහැ...
එතකොට මත්ජාවාරම් කරුවන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන එකත් ශිෂ්ට සම්පන්න රටකට ගැලපෙන්නේ නැහැනේ... අපි දුටුවනේ අත්අඩංගුවට ගන්න මොහොතකට පෙර මත්ද්‍රව්‍ය රජෙක් වෙන එක්තරා දේශපාලකයෙකුව ඔහුගේ නායකයා විසින් හෙලිකොප්ටරයෙන් ගිහින් බැහැලා මහපාරේදී බදා ගත්ත හැටි...
ඔබල වගේ අයත් ශිෂ්ට සම්පන්න සමාජයකට ගැලපෙන්නේ නෑ.
එහෙනම් ඔබ කියන්නේ සෞදිය USA ශිෂ්ට නැ කියලද ? ලංකාව ශිෂ්ට රටක් කරන්න මුලින් මරණ දඬුවම අවශ්යි.
සෞදි අරාබිය, අමෙරිකව .....????
ශිෂ්ටසම්පන්න රටකට ඔයාල වගේ නරුමයො 225කුත් කොහොමටත් ගැලපෙන්නේ නෑ. කඩාවැටිල තියන මේ රටේ ආර්ථිකේ නංවන්න ඔබතුමා උනන්දු වෙන්නකො මරණදඩුවම ගැන අධිකරණය හා ජනාධිපති ඇතුළු පාර්ශව තීරණය ගනිවී. කිරිපොවල නයිපැටව් ඇතිකරල උන්ගෙන් ජන්දකාලෙට තම තමන් බලයට එන්න උදව් අරන් ඒ මදිවට උන් ඔහෙලගෙ අනුදැනුමෙන් හා උදව්වෙන් මේ රටම ව්නාශ කලාම ඒකට උන්ට දඩුවම් ලැබෙනකොට ඔයාලට හරි දුකයි නේද.
මෙයා මොකද කලබලවෙලා තියෙන්නේ කුඩු ප්‍රශ්නයක්ද ?
ඔබලා වැනි අය රටේ නායකයෝ හැටියට තෝරගත්ත අපි ශිෂ්ට සම්පන්න නැති බව ලෝකෙම දන්නවා.
මොකද මෙයාම විතරක් උඩ පනින්නේ හැම දෙයකටම
අබ කාපු එකාගේලු උගුර දන්නේ...
මෙයත් බය වෙලා වගෙයි. ඔය ගොල්ලන්ට අපි වෙන ක්‍රම හදලා තිබෙනවා.