(නිමන්ති රණසිංහ)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවක් හෝ අයතා වත්කම් ඉපැයූ බවක් හෝ මව්වරුන්ගේ පැලෝපීය නාල මිරිකූ බවක් හෝ මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
වෛද්‍ය සාෆි ශිහබ්දීන් සම්බන්ධ පැමිණිල්ල අද පස්වරු 2.00 ට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය මේ බව දැනුම් දුන්නේය.
වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා අත්අඩංගුවට ගැනීමේ දී අක්‍රමිකතා සිදුවී ඇති බව ද රහස් පොලිසිය කීවේය.
මෙම වෛද්‍යවරයා සිංහල මව්වරුන් 3479 ක්, මුස්ලිම් මව්වරුන් 860 ක් සහ ද්‍රවිඩ මව්වරුන් 33ක් සිසේරියන් සැත්කම්වලට භාජනය කර ඇතැයි කුරුණෑගල රෝහලේ අධ්යක්ෂවරයා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.
මෙම වෛද්‍යවරයාගේ සැත්කම්වලින් පසු ආසාත්මිකතා ඇති වූ බව කියමින් රහස් පොලිසියට ලැබුණු පැමිණිලි 615ක් අතුරෙන් පැමිණිලි 468ක් ගැන අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, ඒවා අතුරෙන් විමර්ශන මට්ටමේ ඇති පැමිණිලි 147ක් අතුරෙන් මව්වරුන් 13 දෙනකු විශේෂඥ කමිටුවට යොමු කළ බවත්, එයින් පරීක්ෂණයට භාජනය කළ යුතු තත්වයේ සිටින්නේ දෙදෙනකු පමණක් බවත්, ඉතිරි පැමිණිලි 11 අසත්‍ය බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ මව්වරුන් ලබන 30 වැනිදා එම පරීක්ෂණයට යොමුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
එම සිද්ධිය සම්බන්ධයෙන් පත්කර ඇති විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට පරීක්ෂණය සිදුකරන්නේ කෙසේද යන්න යොමුකර අධිකරණයට වාර්තා කරන ලෙස ද පැවසීය.
වෛද්‍ය සාෆි සමඟ වැඩ කළ වෛද්‍යවරුන්, හෙදියන් සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කළ බවත්, සාෆි වෛද්‍යවරයා මෙවන්නක් කර නැතැයි ඔවුන්ගේ ප්‍රකාශ අනුව තහවුරු වූ බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය.
සාෆි වෛද්‍යවරයා සම්බන්ධ චෝදනා අනාවරණය නොවන නිසා ඔහු තවදුරටත් රඳවා තබා ගැනීම ගැන ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර ජාතිවාදී අදහස් දමන කට්ටිය. දැන් මොකද කියන්නේ. දෛවය ජය ගත්තා. ඔබට සුබ අනාගතයක්.
දැන් ඉතින් රහස් පොලිසියට දෙහි කපන්ඩයි තියෙන්නේ,
සිංහලයෙක් විදියට මගේ එකම පැතුම මේ වඳ සැත්කම් කථාව බොරුවක් වේවා යන්නයි. ජාතිවාදයෙන් බඩපුරුවා ගන්නා බඩගෝස්තරයින්නම් මේකෙන් ගොඩයන්න මේ කථාව ඇත්ත වෙනවට බොහොම කැමතියි. ඒ මුස්ලිම් වෛද්‍යවරුයෙකුගේ විනාශය සිදු වන නිසාය. නමුත් මම හිතන්නේ කතාව ඇත්තනම් සිංහල මව්වරුන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල දහස් ගනනක් අගතියට හා දුකට පත්වෙනවා. එපමනක් නොව ලංකාවේ පමනක් නොව ලෝකය පුරා අනත්වාදින්ට අනිකුත් ජාතින් වඳ කිරීමේ ක්‍රමයක් ලෙස මෙය අනුගමනය කිරීමට උත්තේජනයක් ලැබෙනවා. එනිසා මෙය බොරුවක්ම වේවා.
මම ආවේ අදහස් කියවන්න. මොකද මෙච්චර නිශ්ශබ්ද?
මෙන්න තවත් නාටකයක්! සිංහල මිනිස්සු කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක් නොදන්නා අය ලෙස ලේබල් ඇලවී අවසන් විය
ශ්‍රී ලාංකිකයෙක් හැටියට ලැජ්ජා වෙනවා, දැන් ඉතින් මොකක්ද ඇති වුන සෙතේ? වැරැද්ද ඔප්පු වෙන්න කලින් විත්තිකාරයෙක් කරලා ඉවරයි.
මේ සිංහල සහරාන්ලගේ වැඩක් කියල මම නම් මුල ඉදලම හිතුවා! කොහොම උනත් කරන්න පුළුවන් උපරිම විද්‍යාත්මක පරීක්ෂණ වලින් මේකේ ඇත්ත නැත්ත වහාම හෙළිදරව් කරගත යුතුයී! මළමිනී මතින් ලංකාවේ මුස්ලිම් රාජ්‍ය හදන්න දගලන මුස්ලිම් අන්තවාදය වගේම බෞද්ධය රාජ්‍ය හදන්න හදන සිංහල ජාතිවාදිනුත් මෙරටින් තුරන් කරන්න ඕන! ඔය දෙගොල්ලන්ටම ඕනේ ඕනෑම ගණනක් මරලා හරි තමන්ගේ වැඩේ කරගන්න නිසා මෙවැනි දෙයක් ලංකාවේ සිදු විය නොහැකි කියා නිගමනය කරන්නත් බැහැ! ඒක නිසා ස්වාධින පරීක්ෂණයක් මගින් කවුද හරි කියල අනිවාර්යෙන්ම බලන්න ඕන !
අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා. බුදු හාමුදුරුවනේ !
රෙද්දේ කතාවක්නේ සී.අයි.ඩී. එක කියන්නේ... සැකය නිසා තමයි පැමිණිලි කරේ... පැලෝපිය නාලය එළියට පේනවද විධිමත් වෛද්‍ය පරීක්ෂණයක් නැතිව කොහොමද ඔහු නිවැරදිකරු හෝ වැරදිකරු කරන්නේ...?
මේක කොහෙත්ම පිළිගන්න බැහැ. 1000කට වැඩිය මව්වරු චෝදනා බාරදුන්නා. උසාවියට ඉදිරිපත් කලේ රාජිතගේ හොර කමිටු වාර්තාවද? රෝහලෙන් පත් කළ විද්වත් දොස්තර මඩුල්ලේ වාර්තාවද? එතකොට අර මහා රෑ තනියම සිසේරියන් එකකට බලෙන් භාජනය කල අම්මගේ චෝදනාව? කොහොමත් ආණ්ඩුව මේ ෂාෆිගේ ප්රශ්නය ඇත්ත වෙන්න දෙන්නේ නැහැ. මොකද එහෙම වුනොත් ලංකාවේ ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා... සිංහල, මුස්ලිම් අතර... මහජනතාව එක්ක ආණ්ඩුවක් සෙල්ලම් කරන එකේ සීමාවක් තියෙනවා. මිනිස්සු හරක් වගේ දුවන එක නතර කර බුද්ධියෙන් බලන දවසට ආණ්ඩුවේ ඈයින්ට උන්හිටි තැනුත් නැතිවෙනවා කියලා මතක තියාගත්තොත් හොඳයි...
මාධ්‍ය වලින් නඩු අහන්න ගියාම මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද?
"කෑමෙන් හොද කෑම ඉල්ලාගෙන කෑම "
මේ සිල්යාලු පරීක්ෂණ අප අත්දක ඇති අයුරු පවතින රජයේ උවමනාවට නිතිය නවා සිදු කිරීම අදද සිදුවෙමින් පවතියි. මෙම පරීක්ෂණය කල හැකි ඉතා සරල අකාරයක් ඇත. එනම් ශාෆි කල මුස්ලිම් කාන්තා සැත්කම් වලින් පසු එම කාන්තාවන්ගේ දරුවන් 3 ට වඩා ඇත්නම් ඔහු නිසැකවම සිංහලයන් වඳ කිරීම චේතනාන්විතව කර ඇති බවට සාක්ෂි සපයයි.
සමහරු පාර්ලිමේන්තු යන්න ලේසි ක්‍රම හොයනවා
ආණ්ඩුව මුස්ලිම් චන්ද ගැන හිතල මේ සිද්ධිය යට ගහනවා. දැන් ඉතින් අගතියට පත් වෙච්ච මවුවරුන්ට දෙය්යන්ගේම පිහිට තමයි. හැබැයි ආණ්ඩුව දැනගන්න ඕනේ ලක්ෂ 6-7 වෙන මුස්ලිම් චන්ද නිසා ලක්ෂ 10-15 සිංහල චන්ද නැතිවෙන බව.
අපි නම් මේකෙ අවසාන ප්‍රතිපලය ගැන කලින්ම දැනන් හිටිය. අන්තිමෙදි සිංහල මවුවරු වඳ කරපු සහරාන් නිවැරදි උනා. සිංහල අම්මලට ළමයි නැති උනා. ඒ විතරක් නෙමෙයි සිංහල නම් වලින් ඉන්න තම්බි සහරාන්ව සුද්ද කරල අසාධාරනේ වෙච්ච සිංහල අම්මලව වැරදි කාරයො කරා. සහාන්ට කියල සැත්කම් කරව ගත්ත සමහර සිංහල තම්බි බෞද්ධ රාජ්‍යක් උන මේ රට එහෙම නෙමෙයි කියන තරමට නිවටයන් උනා.
ගහපු පොල් පැලුනේ නැත්ද . කොත්තු. රොටියේ. තිබුනේ වඳ පෙත්තක්. නොව පිටිගුලියක් කිව්වා. කට්ටියද. මේකත්. කියන්නේ සිංහල. ජාතිය. තරම් මල. පෙරේත ජාතියක් ලෝකේ. කිසිම. රටක නැහැ ,අසාදාරණය වුන තම ජාතියට. පිටු. පාන මේ වගේ. අයව පළමුව එල්ලන්න. ඕන. මුන්ට. හොරාකන්න බලය අරගන්න තම ජාතිය. වඳ. වෙලා. මැරුණත්. මුන්ට. කමක් නැහැ
දුෂ්කර පළාත් වලින් අවුරුදු දෙක තුනෙන් මාරු හදන් කොළඹ ඇවිත් රාජකාරි කරන දොස්තරවරුන්ට වඩා දොස්තර සාෆි හොඳයි. සත්‍ය කවදාහරි ජය ගන්නවා.
ඕකට සිංහල ඩොක්ට කෙනෙක් අහු වුනා නම් මේ වෙද්දි මානව හිමිකම් ඇත්තෝ වෙනම සැසිවාරයක් කරලා, ලෝක ප්‍රජාව හෙලා දැකලා, යුරෝපා සංගමේ ශෝක ප්‍රකාශ කරලා පුදුම කෙරුම් ගොඩක් වෙන්න තිබ්බා. ඒකයි තත්වෙ.
"කෝ අර ජාතිවාදී අදහස් දමන කට්ටිය...? දැන් මොකද කියන්නේ" වෙන මොකවත් කියන්නේ නැහැ ශාෆි වඳ සැත්කම කළා කියලා අපි හැමවිටම කියනවා...
මෙතැන ශාෆිව බේරන්න හදන්නේ විශාල කලබැගෑනියකින් රට බේරාගන්න. නැතුව ශාෆි අහිංසකයි කියන එක නොවෙයි. අපේ හාමුදුරුවනේ අපි ඔබ සමගයි. ඕනෑම දෙයකට අපි සූදානම්...
සිංහලයින් විනාශ කරන්නේ සිංහලයින්මයි.. එ්ක පුද්ගලයින්ගේ වරද නොවෙයි, සිංහල ජාතියේ වරද... අද ටීවී නාලිකාවක අරුණ පත්තර විස්තර කීව නිවේදකත් කීවා ඇයි අපි මේ රටේ ඉපදුනේ කියලා...
ශාෆි සිසේරියන් කළ මව්වරු 1000ක් පමණ කියනවා සැත්කමින් පසු තව දරුවන් ලැබුනේ නැහැ කියලා. නමුත් අනික් ඉස්පිරිතාලවල සිසේරියන් කළ මව්වරුන්ට ඔය ප්රශ්නය නැහැ. එහෙනම් මොකද වෙලා තිබෙන්නේ කියලා හිතපල්ලකෝ?
"මෙන්න තවත් නාටකයක්...! සිංහල මිනිස්සු කිසිඳු විද්‍යාත්මක ක්‍රමවේදයක් නොදන්නා අය ලෙස ලේබල් ඇලවී අවසන් විය" ලේබල අලවාගන්නවා ඔහේගේ පිටේ. අපිට වුවමනා මේ අන්තවාදී දොස්තරයාට පාඩමක් මොන ක්‍රමයෙන් හරි උගන්වන්න. පළමුව මුසල්මානු දොස්තරලා වර්ජනය කරන්න.
මෙතන සිංහල නම් වලින් ලියන්නේ මුසල්මානුවෝ. ඒ නිසා සිංහලයින්ට දොස්කියන්නත් බැහැ.