(ලහිරු හර්ෂණ)
දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස අති විශේෂ ගැසට් නිවේදනයකින් ප‍්‍රකාශයට පත්කර තිබියදීත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ(27) මධ්‍යම රාති‍්‍රයේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරතව සිටිති.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ වර්ජනය කි‍්‍රයාත්මක වුවද, අද පෙරවරුවේ කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට කටයුතු කර ඇති බවයි.
කැලණිය දුම්රිය ස්ථනය අද (28) උදෑසන දිස්වූයේ මේ ආකාරයෙනි. පවතින වර්ජනය හේතුවෙන් දුම්රිය මගීහු දැඩි අසීරුතාවට ලක් වූහ.








(කැලණිය දුම්රිය ස්ථානය)



(මඩකලපුව දුම්රිය ස්ථානය - ඡායාරූප ජවුෆර් ඛාන්)



(හැටන් දුම්රිය ස්ථානය - රංජිත් රාජපක්ෂ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රස්සාව හම්බවෙනකොට පඩිය බලන්නෙ නෑ. පස්සෙ තමා පඩිය මතක් වෙන්නේ. රජයත් දැනගන්න ඔනෙ පඩි දෙන්න බරිනම්, මෙවා පෞද්ගලික කරන්න
අහිංසක බදුගෙවන මිනිසුන් අගතියට දමා කිසිවෙකු ජයක් ලැබුවොත් එය ජයක් නොව පරාජයකි.මෙය දොස්තරලාටද පොදු සත්‍යකි .
පට්ට ෆන් එකක් තියෙන්නේ කෝච්චි පෙට්ටියේ වහලේ යනකොට. මට ඉන්දියාවේ දුම්රිය සේවය මතක්වෙනවා
එත කොට මේ අයට විතරද ප්‍රශ්න, පුද්ගලික අයට නැද්ද ? එදා සිට අද වෙනකල් රජයන් විසින් රාජ්‍ය සේවය නිසි කළමනා කරණය කලේ නැහැ ඒ අය බැලුවේ ඒ හරහා ජන්ද ලබා ගැනීම පමණි . එම ඔලමොට්ටල කෙරුවාව නිසා රාජ්‍ය සේවකොයෝ ඉල්ලීම් නිසා බය නැතුව නැගිටිනවා. නිසි කළමනා කරණය කරගෙන ආවානම් මෙම සේවය මිට වඩා හොද රටේ දියුණුවට දායක වන්න තිබුන. රැකියාව ගැන මිට වඩා උනන්දු වෙන්ඩ තිබුන. එම ඔලමොට්ටල කම් හන්ද ජනතාව පරිප්පු කනවා. දුර්වල වාසි පමණක් බලන පාලකයෝ ඉන්නකම් මෙහෙම තමා.
දුම්රිය නිලනිවාස වල සිට දරුවන් පාසලට අරින, අනිකුත් දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරන, වැඩ කරන ජනතාව උගසට තබමින් කරන වර්ජනය සදහා සහයෝගය දක්වන දුම්රිය නිලධාරීන් මෙම දුම්රිය නිලනිවාස වලින් හා දුම්රිය සේවයෙන් නෙරපා හරිනු !
මහජනතාව විඳින දුක බලධාරීන්ට පෙන්නේ නැද්ද? වර්ජන තර්ජන පාලනය කර ජනතාවට හොඳ සේවයක් ලබාදීමට ආණ්ඩුව මැදිහත් විය යුතුයි. මැතිවරණ ජය ගැනීමට පමණක් කල්පනා නොකළ යුතුයි. කුමන ආණ්ඩුවක් යටතේ වුවත් මහජන සේවා කඩාකප්පල් නොවිය යුතුයි.
මගීන් ගේ ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර සහතිකයක් දෙන්න වටිනවා ලංකාවේ දුම්රිය සේවයට
නිල නිවාසවලට පැනලා වර්ජකයින්ට පහර දෙමු...
ශ්‍රී ලංකා දුම්රිය සේවය, බංගලාදේශයේ දුම්රිය සේවය මට්ටමට රැගෙන ආ යහපාලන රජයට ජයවේවා!
සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට මෙතරම් වද දුන් රජයක් මෑතකදී බිහිනොවීය. මහජන බදු මුදලින් නඩත්තු වන 225ට ඉන්ධන දීමනා සමග ප්‍රාඩෝ දී ඇති බැවින්, ඒ අයට මිනිසුන් විඳින දුක නොතේරේ...
ආණ්ඩුවට හැකියාවක් තියෙන්න ඕනෑ. නීතිමය කටයුතු කරන්න. බැරිනම් CGR එකට රට පාලනය කරන්න දීලා එයාල ගෙදර යන්න ඕනි. 225ක් නඩත්තු කරනවා. අපි මෙහෙ කටු කනවා. ඔවුන්ට යන්න පාරවලුත් වහනවා. දැන් අපි යන දුම්රියත් නෑ මාසෙට දවස් 4ක් නිකන් මොවුන්ට පඩි ගෙවන්නේ නැතිව, කරුණාකරලා, වැඩ නොකරන දවස් වල පඩිය කපා හරින්න. දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබා ගත් මගීන්ට මේ වන අසාධාරණය, අමතර වියදම්, කාලය, මේ කිසිවක් ගැන සොයා බලලා මගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න කිසිම කෙනෙක් නැහැ. එයාලගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපේ අයිතිවාසිකම් නැති කරන්නේ හැමදාම. අනික මේ ආයතනවල නඩත්තුවට, මෙයාලගේ පඩිවලට අපිත් බදු ගෙවනවා. ඉතින් මේක අපේ අයිතියක්. රජයත් එක්ක තියෙන ගැටලුව එයාලත් එක්ක විසඳාගන්න. අපිට කෙලින්නේ නැතිව. CGR එකට මම නම් සාප කරනවා... පඩි වැඩි කළත්...
දැන් සැපද?
ඉගෙනගත්ත උන් මහා පාරේ ජොබ් නැතුව වේලෙනවා. මැති ඇමැතිලට ගොට්ට අල්ලලා අම්ම, තාත්තගේ පරම්පරාවේ බූදලයක් කියලා හිතලා ජොබ් එකට පැනගත්ත උන් වැඩ වර්ජන කරනවා. අනේ ඉතින් ලංකාව... හා හා !!!