රටේ ඉහළම නායකයෙක් මත්ස්‍ය සම්පත කොල්ලකන්න ඉන්දියාවට ඉඩදීලා මේ වෙන කොට ඉන්දීය ධීවර යාත්‍රා 4000ක් පමණ මෙරට උතුරු හා නැගෙනහිර මුහුදු තීරය ආක්‍රමණය කොට අපේ මත්ස්‍ය සම්පත කොල්ලකනවා. නාවික හමුදාව එම ධීවර යාත්‍රා අත්අඩංගුවට ගන්න පියවර ගන්නේ නෑ. ඊට අපේ රටේ ඉහළම පෙළේ නායකයකු බලපෑම් කරනවා යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තංගල්ලේදී පැවැසීය. 01 July 2019
ඇමෙරිකානු හමුදාවට මෙහි එන්න පාස්පෝට් ඕනෑ නෑ ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඉදිරියේදී අත්සන් කිරීමට යෝජිත ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම හෙවත් “සෝෆා” ගිවිසුමේ ඇතැම් වගන්තිවලින් ශ්‍රී ලංකාවේ ස්වෛරිභාවයට හානියක් සිදුවන බව එම ගිවිසුමේ කෙටුම්පත විමර්ශනය කිරීමේදී පෙනීයන බව සන්ඬේ ටයිම්ස් දේශපාලන ලියුම්කරු කීය. ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව මේ වන විට එම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා පවත්වමින් තිබේ. 01 July 2019
ආණ්ඩුව හම්බන්තොට ඉඩම් සුද්දන්ට විකුණන්න හදනවා මේ වනවිට වත්මන් රජය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අක්කර 6500ක් චීනයට හා සයිප්‍රසයට විකිණීමට සූදානමින් සිටින බවත්, මේ රටේ ජනතාවගේ පාරම්පරික බිම් කඩවල් සුද්දන්ට විකුණා දැමීමට එරෙහිව හම්බන්තොට ජනතාව සමග පාරට බහින බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (30) සවස හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැවසීය. 30 June 2019
පොළඟෙකු ලවා කවා බිරිඳ මරන්න හදලා නයි පනික්කියෙකු ලවා පොළඟකු දෂ්ට කිරීමට සලස්වා සිය බිරිඳ මරා දැමීමට සැලසුම්කර දෙවරක් බිරිඳගේ ඇඟට පොළගා දැමීමට සැලැස්වූ සැමියෙකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ පොලිසිය පරීක්ෂණ අරඹා ඇත. 30 June 2019
අළුගෝසු තනතුරට දෙදෙනෙක් පුරප්පාඩුවේ තිබූ අළුගෝසු තනතුරු දෙක සඳහා දෙදෙනෙකු මේ වනවිට කැඳවාගෙන ඇතැයි බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. 30 June 2019
උතුරු නැගෙනහිරට ඒකාබද්ධ ස්වයං පාලනයක් ඉල්ලයි උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ස්වයං පාලන ව්‍යූහයකින් යුත් දේශපාලන විසදුමක් ගෙන ලබාදීම ඇතුළු ඉල්ලීම් 11කට බලකරන යෝජනාවක් රජයට ඉදිරිපත් කිරීමට ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික සම්මේලනයේදී අද(30)තීරණය විය. 30 June 2019
ගුරුවරු වෘත්තිය සමිති වර්ජනයකට සැරසෙති ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතරකට බලකරමින් සියලුම ගුරු වෘත්තිය සමිති ජූලි 18 සහ 19 දෙදින ලෙඩ නිවාඩු දමමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ලේකම් ෂෙහාන් දිසානායක මහතා පැවසීය. 30 June 2019
‘කන්නෙලිය රක්ෂිතයේ හබන් කුකුළු ජාවාරමක්‘ කන්නෙලිය රක්ෂිත වනාන්තරයේ මහා පරිමාණ හබන් කුකුළන් ජාවාරමක් සිදුකෙරෙන බව කන්නෙලිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. 30 June 2019
දෙවිනුවර ශ්‍රීලනිප අපේක්ෂකයෝ දේශපාලනයෙන් තාවකාලිකව ඉවත්වෙති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් ග්‍රාමීය නියෝජිත තනතුරෙන් කිසිවක් කළ නොහැකි නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට තීරණය කළ බව එම පක්ෂයේ දෙවිනුවර ආසනයේ පළාත් පාලන අපේක්ෂක අපේක්ෂිකාවෝ අද(30)දික්වැල්ලේ දී පැවසූහ. 30 June 2019
ඇල්පිටිය ප්‍රා.සබේ ඡන්ද විමසීමේ නඩු තීන්දුව දෙන්නැයි අගවිනිසුරුට පෙත්සමක් දිනෙන් දින ප්‍රමාද වන ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීමේ නඩු තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා අගවිනිසුරු වෙත යොමු කිරීම සඳහා ජනතා පෙත්සමක් අත්සන් කිරීම අද (30) ඇල්පිටිය නගරයේ දී සිදුකෙරිණි. 30 June 2019
සවුදියේදී මියගියොත් පවුලේ අයට වන්දි සවුදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකිකයකු මරණයට පත්වුවහොත්, ඔවුන්ගේ පවුලේ යැපෙන්නන්ට කඩිනමින් වන්දි ලබා ගැනීමට එරට නීති ආයතනයක් සමඟ නව ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 30 June 2019
කතරගමට නව වෙළඳ සංකීර්ණයක් කතරගම නගරයේ අවිධිමත් වෙළඳ සංකීර්ණ ඉවත් කර එම ව්‍යාපාරිකයන් සඳහා නව වෙළඳ සංකීර්ණයක් ඉදිකර අද (30) අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිණි. 30 June 2019
කියුබාවේ ආපදාවලට ලක්වූවන්ට ආධාර දෙන්න මාරපනගෙන් යෝජනාවක් සුළි සුළං ආපදා තත්ත්වයෙන් හානිවූ කියුබාවට ඇමෙරිකා ඩොලර් 50,000 ආධාරයක් ලබාදීමට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. 30 June 2019
ලංවිමයට ඉන්ධන දීම හෙට සිට නවතන්න යයි ලංකා ඛනිජතෙල් සංස්ථාව මගින් ලංකා විදුලිබල මණ්ඩලයට සහ විදුලිබල අමාත්‍යංශය යටතේ පවතින පෞද්ගලික විදුලි බලාගාරවලට ලබා දෙන ඩීසල් හා භූමිතෙල් හෙට ( 01) සිට නතර කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජතෙල් නීතීගත සංස්ථා ජාතික සේවක සංගමයේ සභාපති සමිත අසිතංජ මහතා පැවසීය. 30 June 2019
මුහුදු යන ධීවර යාත්‍රා රක්ෂණය කිරීම අනිවාර්යයි ධීවර රැකියාව සඳහා මුහුදු යන ධීවර යාත්‍රා සියල්ල නිසි ලෙස රක්ෂණ ආවරණය කර තිබීම අනිවාර්ය කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය. 30 June 2019
‘මරණ දඬුවම, එජාපයේ ප්‍රතිපත්තිවලට මුළුමනින්ම විරුද්ධයි’ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන් විරුද්ධ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මොනරාගලදී අද(30) පැවැසීය. 30 June 2019
‘නීතිමය තත්වය තුළ සැප්තැම්බරයේ පළාත් සභා මැතිවරණය බෑ‘ දැනට පවතින නීතිමය තත්වය යටතේ මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු ඉඩක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. 30 June 2019
ලෝකාන්තය බලන්න ආ 10 දෙනෙකුට බඹරු අනිති පස්සර පිටමාරුව ප්‍රදේශයේ පිහිටි පුංචි ලෝකාන්තය නැරඹීමට ගිය 10 දෙනෙකුගෙන් යුත් තරුණයින් පිරිසකට අද (30) දහවල් බඹර ඇන ඇති අතර බරපතල තත්වයේ පසුවූ ඉන් 5 දෙනෙකු මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි. 30 June 2019
නාරම්මල ප්‍රා. සබේ උප සභාපති අත්අඩංගුවට නාරම්මල පොලිසියේ කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පළ මහතා (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 30 June 2019
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් ත්‍රස්ත විමර්ශන ඒකකයට බාරදෙයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන දින 90ක් රැඳවුම් නියෝග ලබාගෙන සිටි සැකකරු සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකයට බාරදී තිබේ. 30 June 2019
මුහුදු රළට හසුවීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මවත් මිය යයි කිරින්ද මුහුදු වෙරළ තිරයේදි ඉකුත් 22 දින සැඩ රළ පහරට හසු වී අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හැටන් සාත්තු නිවාස පාරේ පදිංචිව සිටි හසිනි විජේසුරිය මහත්මිය ජීවිතක්ෂයට පත් වූ බව හසිනි විජේසුරිය මහත්මියගේ ඥාතීහු පවසති. 30 June 2019
ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායකත්වය යළිත් මාවෙයි සේනාධීරාජාට දෙමළ ජාතක සන්ධානයේ ප්‍රධානම මෙන්ම විශාලතම පක්ෂය වන ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ 16 වැනි මහ සභාවේදී පක්ෂ නායකයා වශයෙන් යළිත් වරක් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාම පත්විය. 30 June 2019
මන්ත්‍රී පුතා පහරදී කොස්තාපල් රෝහලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුතෙකු පහරදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත පොලිසිය කියයි. 30 June 2019
රිය අනතුරින් 3 ක් මරුට: 5ක් රෝහලේ තලාව, මොරගොඩ, සුනාමි හන්දිය අසලදී ලොරියක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් වෑන් රථයේ ගමන්ගත් එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි තලාව පොලිසිය කියයි. 30 June 2019
වෙල්ගම බදුල්ලෙන් ඉවතට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වෙනුවට එකී සංවිධායක ධුරය සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා අද (29) පත්කරගෙන තිබේ. 29 June 2019
ටිපර් - ත්‍රිරෝද රථ අනතුරින් අයෙක් මරුට දඹුල්ල කුරුණැගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තල්කිරියාගම ප්‍රදේශයේදී අද (29) මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ත්‍රිරෝද රථයේ එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 29 June 2019
වැසිකිළියක් වීඩියෝගත කළ අයෙක් අත්අඩංගුවට තම ජංගම දුරකතනය මගින් ගාල්ලේ පිහිටි සුපිරි රෙදිපිළි වෙළඳසැලක කාර්යය මණ්ඩලය භාවිතා කරනු ලබන වැසිකිළිය වීඩියෝ ගත කළ බව කියන ගුවන් හමුදා නිලධාරියෙකු අද (29) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි. 29 June 2019
කල්පිටියෙන් බීඩී කොළ තොගයක් හමුවේ ඉන්දියාවේ සිට නීතිවිරෝධී අන්දමින් මෙරටට ප්‍රවාහනය කර කල්පිටිය ආණවාසල තුඩුව වෙරළ තීරයේ කැලෑවේ සඟවා තිබූ බීඩි කොළ කිලෝ 1150 ක් කල්පිටිය පොලිසිය අද (29) අත්අඩංගුවට ගෙන ඇත. 29 June 2019
අගමැති සියොන් දේවස්ථානයේ සංචාරයක පසුගිය අප්‍රේල් මස 21 වන පාස්කු ඉරුදිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුගේ ප්‍රහාරයට ලක්වූ මඩකලපුව සියෝන් දේවස්ථානය වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පැමිණියේය. 29 June 2019
අනුන්ගේ කාඩ් එකට බඩුගත් අය අත්අඩංගුවට වෙනත් පුද්ගලයෙකු සතු බැංකු පෙර ගෙවුම් පතක් සොරකම් කර රුපියල් 125084ක මුදලක් වැය කර වෙළඳසල්වලින් භාණ්ඩ ලබාගත් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සේවය කරන ගුවන් භටයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි. 29 June 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026