( තිළිණි ද සිල්වා )
සවුදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකිකයකු මරණයට පත්වුවහොත්, ඔවුන්ගේ පවුලේ යැපෙන්නන්ට කඩිනමින් වන්දි ලබා ගැනීමට එරට නීති ආයතනයක් සමඟ නව ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම නව ගිවිසුම්ගත වීම හරහා තෙවැනි පාර්ශවයක නොසැළකිලිමත්කම හේතුවෙන් මරණයට පත්වූ ශ්‍රී ලාංකිකයින්ගේ යැපෙන්නන්ට මරණ වන්දි නඩු කඩිනමින් ආරම්භ කිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි ද එම අමාත්‍යාංශය පෙන්වා දේ.
එමෙන්ම සවුදි අරාබියේ දී මිනීමැරුම් නඩුවලට අදාළව ලේ වන්දි පැන නගින ලාංකිකයන් සම්බන්ධයෙන් ද මෙම ගිවිසුම යටතේ කටයුතු කෙරෙන අතර, ඊට අදාළ නඩු කටයුතු කඩිනම් කිරීමට ද ගිවිසුම යටතේ පියවර ගැනෙනු ඇත.
මෙම ගිවිසුම අත්සන් කිරීමත් සමඟ අගතියට පත් පාර්ශවයන්ට කඩිනමින් යුක්තිය ඉටු කර ගැනීමත් එම වන්දි නඩු විසඳීමේ ප‍්‍රමාදයන් වළක්වා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන අතර අගතියට පත් පාර්ශ්වයන්ට කඩිනමින් යුක්තිය ඉටු කිරීමට ප‍්‍රයෝජනවත් වන බවද සඳහා විදේශ අමාත්‍යාංශය පෙන්වා දේ.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් අබ්දුල් වහීඩ් අබ්දුල් සලාම් මහතා සහ සවුදි අරාබියේ නීති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ තිරිසන් රටට යන ගැහැණු මිනිසුන්ගේ අභ්‍යන්තර කපාගෙන මරලා බොඩි 1ක් මෙහාට එවනවා... පාලකයෝ ඒවගේ තිරිසන් රටවලට මිනිස්සු මරන්න යවනවා.
මෙහේ වෙච්ච මිනීමැරුමක් ගැන නඩුවක් නීතීඥයන් ටික එකතුවෙලා ඉහගෙන කාලා අදින ඇදිල්ල ගැන අහනකොට එහෙ වෙච්ච එකක නඩුවක් ගැන කවර කතාද?