( මහින්ද නිශ්ශංක )
ලංකා ඛනිජතෙල් සංස්ථාව මගින් ලංකා විදුලිබල මණ්ඩලයට සහ විදුලිබල අමාත්‍යංශය යටතේ පවතින පෞද්ගලික විදුලි බලාගාරවලට ලබා දෙන ඩීසල් හා භූමිතෙල් හෙට ( 01) සිට නතර කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජතෙල් නීතීගත සංස්ථා ජාතික සේවක සංගමයේ සභාපති සමිත අසිතංජ මහතා පැවසීය.
කොළඹ වරායේ සිට කොලොන්නාව තෙල් ගබඩාවට තෙල් ගොඩබාන නළ මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණයේදී මෝදර-මහවත්ත ප්‍රදේශවල මීටර් 140 ක නළ මාර්ගය එලීමට විදුලිබල අමාත්‍ය රවි කරුණානායක මහතා ඉඩ නොදීමට විරෝධය දක්වා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට ඛනිජතෙල් වෘත්තිය ඒකාබද්ධ සමිති එකමුතුව තීරණය කළ බව සභාපතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවක සංගමය තිබ්බම ඇති. රටම පාලනය කරන්න? මුන්ට අං ඇවිල්ල.