මේ වෙන කොට ඉන්දීය ධීවර යාත්‍රා 4000ක් පමණ මෙරට උතුරු හා නැගෙනහිර මුහුදු තීරය ආක්‍රමණය කොට අපේ මත්ස්‍ය සම්පත කොල්ලකනවා. නාවික හමුදාව එම ධීවර යාත්‍රා අත්අඩංගුවට ගන්න පියවර ගන්නේ නෑ. ඊට අපේ රටේ ඉහළම පෙළේ නායකයකු බලපෑම් කරනවා යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තංගල්ලේදී පැවැසීය.
ඔහු මෙසේ පැවැසුවේ තංගල්ල, රැකව පිහිටි ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයේ ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා මෙසේද කීය.
මේ රටේ ඉහළම නායකයකු තමන්ගේ පුටුව රැකගන්න අපේ රටේ මත්ස්‍ය සම්පත ඉන්දියාවට කොල්ලකන්න ඉඩදී තිබෙනවා. ඉන්දීය ධීවර යාත්‍රා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට එම නායකයා මැදිහත්වී තිබෙනවා. අපේ රටේ සම්පත් විකුණා හෝ තම පුටුව රැකගැනීමට කවුරුන් හෝ උත්සාහ කරනවා නම් එය ලජ්ජාසහගත ක්‍රියාවක්. නායකයන් එවැනි දේවල් සිදුකළ යුතු නැහැ.
2015 දී අපේ රජය බලයට පත්වුණාට පසුව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඉන්දීය නායකයන් සමග සාකච්ඡා කොට මෙම ඉන්දීය ධීවර ආක්‍රමණය අවමකිරීමට කටයුතු කළා. එම ගැටලු විසඳී තිබුණ නිසා අපේ මත්ස්‍ය සම්පත නෙළාගන්න අපේ ධීවරයන්ට හැකිවුණා. නමුත් මේ රටේ ඉහළ නායකයකු නිසා අද ඒ මත්ස්‍ය සම්පත් ඉන්දීය ධීවරයින් අතට පත්වී තිබෙනවා යැයි ධීවර රාජ්‍ය ඇමැතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිටත් වඩා ඉහළ කෙනෙක්ද? එහෙනං අපිට හිතාගන්න පුලුවන්.
ඉතින් දෙයියනේ ලබන සැරෙත් මේ ඉහළම නායකයාව පත් කරගන්න නම කියන්නකෝ... එක්කෝ පොඩි ඉඟියක් දෙන්නකෝ...
ඔය වෙන කවුරුත් නොවේ. හැමදේම පුළුවන් එහෙත් දත් ගලවන්න බැරි දොස්තර කෙනෙකුගේ වැඩ. කාලයක් ධීවර ඇමති වෙලත් හිටිය කෙනෙක්... හමුදාවට කල් ඉකුත් වුණු බෙහෙත් ගෙන්නලා ප්‍රජා අයිතියත් නැති කරගත්ත කෙනෙක්... කට නැත්නම් වෙන මුකුත්ම කරගන්න බැරි කෙනෙක්.
මෙ ඉහළම නායකයා පහුගිය දවසක ඉන්දියාවෙ අගමැති ලංකාවට ආපු වෙලාවෙ එයාට කුඩේ ඉහළගෙන හිටං හිටියා
සුලු උදාහරණයකින් කියන්නම්. වසමකට ග්‍රාමසේවක මහතෙක් අලුතින් පත්ව ආවිගස වසමේ සෑම නිවසකටම ගොස් ඒවායේ සිටින සියලුදෙනා හඳුනා ගැනීමක් කලා. ( සමා වෙන්න දැන් ග්‍රාම සේවකලා නැහැනේ මම කිව්වේ අතීතයේ සිදුවූ දෙයයි ) රජයේ දෙපාර්තමේන්තුවකටත් අලුත් ප්‍රධානියෙක් පත් වුනාම හරි මාරුවක් ලැබුවාම හරි දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලු උප කාර්යාල බලන්න යනවා.අල්ලපු රටේ ලොක්කා දෙවැනි වරට පත්වෙලා මුලින්ම කලේ එවැනි දෙයක් කියල කාටවත්ම තේරෙන්නේ නැද්ද.
ද්‍රවිඩ සංධානය නිදිද, මේවා පෙන්නේ නැත්තේ,
ජනාධිපතිවරණ දෙවැනි ඉනිමට ඉන්දියාවේ සහය ලබාගැනීමට මතය සම්පත සින්නක්කරම ඉන්දියාවට ලියලා දෙයිද දන්නෑ ...... හැමතැනම බලලොබි දේශපාලුවෝ ඉන්න රටක
එහෙම විරුද්ධ වෙයිද ඒගොල්ලන්ගේම ඥාති මිත්‍රයෝ මඟ එන්නේ. ඕගොල්ලෝ මුලින්ම ලංකාවට ආවෙත් ඔහොමයි. කල්ලතෝනි කියන්නේ කට කහනවට නොවෙයි.
ඔව් ඔව් බොහොම මහන්සි වෙලා අපි ඇතිකරපු මාලුටික කොල්ල කන්න නම් දෙන්න එපා.