(ක්‍රිෂාන් ජීවක ජයරුක්, එස්.ගලප්පත්ති සහ නිමල් ලන්දගේ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් ග්‍රාමීය නියෝජිත තනතුරෙන් කිසිවක් කළ නොහැකි නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට තීරණය කළ බව එම පක්ෂයේ දෙවිනුවර ආසනයේ පළාත් පාලන අපේක්ෂක අපේක්ෂිකාවෝ අද(30)දික්වැල්ලේ දී පැවසූහ.
දික්වැල්ල රංසි හෝටලයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුහු ඒ බව පැවසූහ.
ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් ඉවත් වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරයාමට මෙතෙක් තීරණය කර නොමැති බවද ඔවුහු අවධාරණය කළහ.
ඉකුත් පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයකු වූ ලාල් ජයදේව මහතා මෙසේ කීය.
“පක්ෂයේ ප්‍රබලයින් පක්ෂය හැර ගිය අවස්ථාවක අපි මේ පක්ෂය රැකගෙන මැතිවරණයට ඉදිරිපත් වුණා. එම අවස්ථාවේදී ජනාධිපතිතුමා අපිව ඔහුගේ ග්‍රාමීය කටයුතු නියෝජිතයා ලෙස පත්වීමක් දී සියලු වැඩකටයුතු අපි හරහා සිදු කරන බව කීවා. නමුත් මේ වන තෙක් ඒ පොරොන්දුව ඉටු වූයේ නැහැ. අපිට අද පාක්ෂිකයාට මුහුණ දෙන්න බැරි තත්වයක් උදා වෙලා.
පසුගියදා දකුණු පළාත් හිටපු අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා දහස් ගණනින් රජයේ රැකියා බෙදා දුන්නා. ඔහු අපේ පක්ෂයේ ආසන සංවිධායකවරයකු වුවත් අපිට එක රැකියා අවස්ථාවක් දුන්නේ නෑ. දෙන බවට පොරොන්දු වුණත් අවසානයේ අපි අමතක කළා. ඒත් එක්සත් ජාතික පක්ෂයට විශාල වශයෙන් රැකියා දී තිබෙනවා. අපි මේ ගැටලුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයාටත් ඉදිරිපත් කළා. ඔහුගෙන්වත් අපිට සාධාරණයක් ඉටු වුණේ නැහැ. ඒ වගේම ගමේ සංවර්ධන කටයුතුවලදිවත් අපිට කිසිදු සහනයක් නෑ.
අපිට සිදු වූ අසාධාරණය ගැන ජනාධිපතිවරයාට පක්ෂ මහ ලේකම්වරයාට ලිඛිතව පැමිණිලි කළත් මේ වන තෙක් පිළිතුරක් නෑ. ඒ නිසා අපි තීරණය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන කටයුතු කරන්න. නමුත් අපි පක්ෂයෙන් ඉවත් වන්නේ නෑ. ඉදිරියෙදිත් මේ තත්වය නම් මීට වඩා දැඩි තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා”
ඉකුත් පලාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් වු සුමිත් චාමින්ද, සුරේඛා නිල්මිණි හා එම්.එච්.කේ.ලලිතා යන මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන් තමයි කට්ටිය පිල්වලට පනින වෙලාව.. මෙයලා හැමදාම ඇමැතිලා, කතානායකලා, මන්ත්‍රීලා... මේ 225න් හාමුදුරුවන් ටික ඉතුරුකරලා හැමෝම පන්නන්න ඕනේ... මෙදා සැරේ නම් අසූචි මුට්ටියක් අතේ එල්ලගෙනයි. මොවුන්ගේ රැස්වීම් පළට යන්නේ නගින්න නම් දෙන්නේ නැහැ ස්ටේජ් වලට... මෙදාසැරේ ඇවිත් කොහෙන් හරි ඉඳගෙන අපේ කතාව අහගෙන යනවා මිස අසුචි මුට්ටිය ඔලුවේ හලාගන්න ඕනේ නම්...
එහෙම දෙයක් කිව්ව විත්තිය දන්නෙත් පත්තරෙන්...
තාවකාලිකව මොකටද සදාකාලිකව ඉවත් වෙලා පොහොට්ටුවට සම්බන්ද වෙන්න. සිරා ගරු බණඩාරනායක මහතාගේ පක්ෂය විනාශ කළා. එයා පස්සේ ගියොත් අර නලා කාරයා පස්සේ ගිය මීයෝ රැලට වෙච්චදී තමයි වෙන්නේ.
කිසිවක් කරන්න නෙමෙයි කිසිවත් ගෙදරට කරගන්න බැරි නිසා වෙන්න ඇති. දැන් බයිලා කියනවා.
නැව ගිලෙන බව දැනදැනත් එකේ ඉන්නවට වැඩිය දැන් ඉඳන්ම පොහොට්ටුවේ එල්ලෙන ඇඟටගුණය
දැන් ඉඳන්ම පොහොට්ටුවේ එල්ලෙන කොට ඇඟට ගුණයිලු... ඔන්න දවසේ කියමන...