(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැලණිය, කැලණිතිස්ස මාවතේ නිවසකදී යුද හමුදා විශේෂ බලකාය භාවිත කරන ගිනි අවියක්, අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධයක් සමඟ පුද්ගලයකු අද(27) අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය කියයි.
සැකකරු 25 හැවිරිදි තැනැත්තෙකු බවද, මොහු මීට මාස 6කට පෙර අතුරුදන් වූ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කුඩු මර්වින්’ නමැත්තාගේ පුතෙකු බවද පොලිසිය පවසයි.
ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ලද නයින් එම්. එම්. වර්ගයේ ගිනි අවියක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක්, කඩුවක් සහ බැටන් පොල්ලක් සැකකරු සතුව තිබී පොලිසිය බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් තැනැත්තා පාතාල නායක ‘දෙමටගොඩ චමින්ද’ නමැත්තාගේ සමීපතම ඥාති පුතෙකු බවද පොලිසිය කියයි.
සැකකරු මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් සිරගතව සිට මීට වරසකට පෙර නිදහස්වී ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඩුවම ඕන කියන්න තවත් සාක්ෂි කුමකටද?
කුඩු මර්වින් කියනකොට මගේ ඔලුවට ආවේ වෙනත් පුද්ගලයෙක්.. සමාවෙන්න..
හුරුබුහුටි පිස්තොලේ...