(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අත්තිවාරමක් කපමින් සිටි පිරිසක් මතට අද(27) පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මෙම පිරිස රක්වාන පොතුපිටිය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා පොතුපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මියගිය හා තුවාල ලද පුද්ගලයින් පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නැතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනිකරම කොන්ත්‍රාත්කරු වගකිවයුතු දෙයක්. මේ දිනවල පවතින අයහපත් කාලගුණය නිසා පස් බුරුල් ගතියකින් හා ලිස්සා යාමේ ස්වභාවයෙන් යුත්තයි. එවැනි අවස්ථාවල ගතයුතු නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කලේ නම් මේ ඛේදවාචකය වලක්වා ගත හැකිව තිබුනා.