(නිමල් ජයරත්න)
මඩකලපුව එරාවුර් පත්තු චෙන්කල්අඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවඩිවෙම්බු ප්‍රදේශයේ පිහිටා තිබූ අනුරාධපුර යුගයේ විශාලතම දාගැබ ඩොසර් කර මිරිස් ඇතුළු එළවළු වගාකර විනාශ කිරිමට අදාළ බලධාරීන්ට එරෙහිව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව එරාවුර් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මඩකලපුව දිස්ත්‍රික් ලේකම්, පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂවරයා මෙන්ම මෙම ඉඩම ලබාගෙන දාගැබට හානි කර මිරිස් වගා කළ බව කියන කදිර්ගාමර් සිවකුමාර් යන අයට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ක්‍රිස්තු වර්ෂ 2-3 සියවස්වල ඉදිකර ඇතැයි කියන මෙම දාගැබ මීටර් 32 ක් පමණ විශ්කම්භයකින් යුතුව ඇති අතර 2017 වර්ෂයේ දී අම්පාර පුරාවිද්‍යා කාර්යාලය මගින් මෙය සොයා ගෙන ඇත.
පරිවාර චෛත්‍ය හතරකින් සමන්විත වූ අනුරාධපුර යුගයේ විශාලම දැගැබ මෙය බව සැළකෙන අතර එහි පේසාවළලු, ගර්භය මෙන්ම බිත්ති ගඩොල් විනාශ කරමින් අක්කර 4 ක් පමණ ප්‍රමාණයක එළවළු වගාකර තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව වශයෙන් අපට දැන ගන්න ඕනේ රටේ ජනපතිවරයා, අගමැතිවරයා, බුද්ධ සාසන ඇමතිවරයා සහ සංස්කෘතික ඇමතිවරයා වහාම එකතු වී මේ රටේ මේ සිදුවන බෞද්ධ උරුමයන් රැක දෙනවද? බෞද්ධ විහාරාරාම යුද්ධයෙන් විනාස වූ ප්‍රදේශ වල ඇති බෞද්ධ විහාර නැවත ගොඩ නගා බෞද්ධ ජනතාවට යලිත් ඒ ප්‍රදේශ වල වන්දනාමාන කර ගැනීමට ඇති උරුමය රැක දෙනවද? නැද්ද ? නැතිනම් මේ සියල්ල රැක ගැනීමට අප අපගේ කාර්ය අරඹන්නද? කියන එක පැහැදිලිව ජනතාවට දැනුවත් කරන්න.
මෙවැනි දේ සිදුවේ නම්, රජයක් හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් කුමටද? පළමුව මොවුන් වගාකර ඉන්පසු ඔවුගේ ආගමට අදාල ගොඩනැගිල්ලක් තනා ඉතිහාසය මකා දමයි නේද? වර්ථමාන නිවට නිළධාරින් සහ නිවට රජය මේ ඉඩදෙන්නේ විශාල ව්‍යසනයකට ය.
යුද්ධය ඉවර වෙලා වසර දහයක් ගත වෙලත් තවම බැරි වුණා උතුරු නැගෙනහිර ප්‍රදේශවල තියෙන පූරා වස්තු සංරක්ෂණය කරන්න වැඩපිළිවෙලක් හදන්න. තනිකරම පාලකයින්ගේ දුර්වලකම. සුද්දන්ගේ කාලේ මීට වඩා උනන්දුවකින් පුරාවස්තු සංරක්ෂණය කරලා තියෙනවා. HCP බෙල් වගේ පුරාවිද්‍යාඥයෝ. මේවා එක ජනවර්ගයකට හෝ ආගමකට පමණක් අයත් දේවල් නොවේ. සියලුම රටවැසියන්ට අයිති ජාතික උරුමයන්.
මේවා ගැන සොයන්න එපා සන්හිදියාවට බාධාවක් වෙයි.
මේ රට කරවන පාලකයන්ට මොකද මේ ඉපැරණි දේවල් ගැන ගණන් ගන්නේ නැත්තේ. මතු උපදින පරම්පරාවකට මොනවද අපි ඉතුරු කරලා තියන්නේ මේවා ආරක්ෂා නොකළහොත්.