(එන්.ආරච්චි )
පැලම්පිටියේ සිට යටියන්තොට බලා ධාවනය කළ අවිස්සාවේල්ල ලංගම ඩිපෝවට අයත් බස් රථයක් ජයවින්දාගම, අටේ කණුව ප්‍රදේශයේ දී අද ( 27) අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 28 දෙනකු රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.
බසය මාර්ගයෙන් ඉවතට පැන මීටර් 15 ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇත.
තුවාල ලැබූවන් කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි.
කිසිවකුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග කියයි.
යටියන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd