දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරීමට අදාල අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
දුම්රිය ධාවනය, දුම්රිය මාර්ග නඩත්තුව, නිසි ආරක්ෂාව සැපයීමට අදාල සංඥා පද්ධති හා මෙහෙයුම් , ප්‍රවේශපත් නිකුත් කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කළ යුතු සියලු කාර්යයන් හා සේවාවන් සඳහා ශ්‍රමය සැපයීම කළ යුතු බව එම ගැසට්ටුවේ සඳහන් වේ.
ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට්ටුව නිකුත් කර ඇත.
(එම ගැසට් පත්‍රය පහත දැක්වේ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙන් දුම්රිය මාර්ග ටික ගලවල පරණ යකඩ වලට විකුණලා මාර්ග පද්දතිය පුළුල් කරලා වාහන ලාභ කලානම් හොද නැද්ද. මේ යකඩ ගොඩවල් එක්කෝ කැඩිලා එක්කෝ ප්‍රමාදයි. ඉතුරු ටිකේ වර්ජන
කතා කරලා විසඳ ගන්න පුළුවන් හුඟක් දේවලට වැඩ වර්ජන කරන එක පුරුද්දක් වෙලා. තමන් දරන දේශපාලන මතයට විරුද්ද කුමන කණ්ඩායමක් බලයේ හිටියත් වැඩ වර්ජන හරහා තමන්ගේ දේශපාලන ව්‍යාපාරය කරගෙන යන පිරිසක් නියම රාජ්‍ය සේවකයෝ වෙන්නේ නැහැ. අනික වැඩ වර්ජන තුලින් රජයට අහිමි වෙන මුදල් බදු හරහා තමන් ඇතුළු මුළු රටේම ජනතාව ගෙවන බව මේ අය දැන ගන්න ඕනි.