(මනෝප‍්‍රිය ගුණසේකර)
සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් කී‍්‍රඩා සංගම් වලට බෙදා දී රජයට රුපියල් කොටි 05කට අධික පාඩුවක් සිදු කළ බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් කොමිසම දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේදී අද (27) නඩු පැවරුවේය.
මෙම සිද්ධියට අදාළව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවැරීම සඳහා අගවිනිසුරුවරයාගේ අනුමැතිය ලැබීම නිසා හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව මෙන්ම සතොස ගබඩා පාලකවරයා ලෙස කටයුතු කළ අජිත් නිශාන්ත නමැත්තාට එරෙහිවද අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.
2014 සැප්තැම්බර් මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් කී‍්‍රඩා සංගම් වලට බෙදා දී රජයට රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා හයක් යටතේ නඩු පවරා ඇත.
විත්තිකරුවන්ට එරෙහි මෙම නඩුව ඔප්පු කිරීම සදහා සාක්කිකරුවන් 26 දෙනෙකු සහ ලේඛන 15ක ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඞ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් කී‍්‍රඩා සංගම් වලට බෙදා දීම සදහා බියගම ප‍්‍රදේශයේ දේශපාලන මධස්ථානයක තිබියදී සොයාගත් බව නඩු ගොනුවේ සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳයි, මේවා කරන්න ප්‍රයෝගික නැති අසාමාන්‍ය කාලයක් ගිය එක ගැන කණගාටුයි.
ඕවා මීලග ආණ්ඩුවේ නැතිවේවි
2014 නඩුව තවම යනවද? කොපමණ මුදලක් වැය වුනාද? තව ටිකක් ඉවසන්න අනික් හොරු ටික පත්වෙනකම්!