’’පී සී ආර් පරික්ෂණ 80,000 න් 10,000 ක් සිදුකරේ ජපුර සරසවියේ’’ කොවිඞ් 19 වයිරසය පිළිබඳව මෙතෙක් මෙරට සිදුව ඇති පී සී ආර් පරික්ෂණ 80,000 න් 10,000ක් සිදුකර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දී යැයි එම විශ්ව විද්‍යාලයේ වැඩ බලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පැවැසීය. 16 June 2020
සමගි ජනබලවේගයේ පැමිණිල්ලේ නියෝගය 22 වැනිදා තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ පැමිණිල්ල පිළිබඳ නියෝගය ලබන සදුදා (22) ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය නියෝග කළාය. 16 June 2020
පාතාල කණ්ඩායම් නායකයෙක් ජීව අත් බෝම්බයක් සමඟ අත්අඩංගුවට මිනි මැරුම්, ගෙවල් ගිනි තැබීම් හා මත් පෙති ජාවාරම් කිරීම් ඇතුලු දරුණු ගනයේ අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ගාලු දිසාවේ ප්‍රබල පාතාල කණ්ඩායම් නායකයකු ලෙස හංවඩු ගැසී ඇති මෝල් අමියා නමැති පාතාලයා ජීව අත් බෝම්බයක් සමග අද (16 ) වැරැල්ලැන ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි. 16 June 2020
කතරගම ඇසළ මංගල්‍ය ජනතා සහභාගිත්වයෙන් තොරව ලබන මස 21 වැනි දින රුහුණු කතරගම මහා කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්‍යය ජනතා සහභාගීත්වයෙන් තොරව සෞඛ්‍ය අංශ වල උපදෙස් මත ක්‍රියා කිරීමට කටයුතු කරන බව මොණරාගල දිසා ලේකම් ගුණදාස සමරසිංහ මහතා අද (16) පැවති රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ උත්සව සංවිධානය කිරීමේ රැස්වීමේ දි පැවසීය. 16 June 2020
මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිට කප්පම් ගන්නා කල්ලියක් කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් තෙමසක පමණ කාලයකින් පසුව විවෘත කළ ගම්පහ ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාර සහ සැලුන් වෙතින් කප්පම් ඉල්ලා සිටින කල්ලියක් සම්බන්ධයෙන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි ලැබී ඇත. 16 June 2020
ගෑස් සිලින්ඩරයක් රුපියල් 950කට දිය හැකි බව රවී කියයි ගෑස් සිලින්ඩරයක් රුපියල් 950කට ලබාදීමේ හැකියාව ආණ්ඩුවට ඇතැයි එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා පැවැසීය. 16 June 2020
අක්මීමන එජාප මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වෙයි අක්මීමන ප්‍රාදේශිය සභාවේ එජාප මන්ත්‍රී ප්‍රභාත් කහදූවආරච්චි මහතා තමන් මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වෙන බව අද (16) පැවති අක්මිමන ප්‍රාදේශිය සභා රැස්විමේ දි විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසිය. 16 June 2020
හැඳුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය 22දා සිට යළිත් ජාතික හැඳුන්ම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව මේ මස 22 වනදින සිට යලිත් ආරම්භ කිරිමට පියවර ගෙන ඇතැයි පුද්ගලයින් ලියා පදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් නියෝජ්‍ය කොමසාරිස් එම්.ඒ.එන්.මංචනායක මහත්මිය පැවසුවාය. 16 June 2020
කෝටි 6 ක මත්කුඩු කුරණින් අල්ලයි රුපියල් කෝටි 6 කට අධික වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක කුරණ ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි . 16 June 2020
මත් ජාවාරම් සමග සබදතා තිබු පුද්ගලයකුගේ මිලියන 30 ක ගිණුම් තහනම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ කිට්ටු සම්බන්ධතා පැවැත්වූ බවට අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 30ක බැංකු ගිණුමක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ එම ගිණුම තහනම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 16 June 2020
ලෝකය මවිතකළ අපේ මානවයා අප්‍රිකාවෙන් පිටත ආදි මානවයාගේ දුනු හී භාවිතය පිළිබඳ පැරණිම සාධක ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමත් සමඟ මේ වනවිට මානව පරිණාමයේ නව පිටුවක් පෙරැළී තිබේ. එය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ආඩම්බර විය හැකි කරුණකි. මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවියේ පළ විය. 16 June 2020
ලාංකික තරුණයන් අයි එස් සංවිධානයට බඳවාගන්න කඳවුරු ගණනාවක් අයි එස් ත්‍රස්ත සංවිධානයේ අධ්‍යාපන කටයුතු බාරව සිටින ඉෂාක් නැමැත්තා ජමාතේ ඉස්ලාම් මතවාදය දැරූ වාමි සංවිධානයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අංශය බාරව සිටි පුද්ගලයා බවත් ඔහු තරුණයන් අයි එස් සංවිධානයට බඳවා ගැනීම සඳහා මෙරට කඳවුරු ගණනාවක් පවත්වා ඇති බවත්, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (15 වැනිදා) සාක්ෂි ලබාදෙමින් පැවසූහ. 16 June 2020
තැපැල් ඡන්ද දාන දිනය තීරණය කරන්න මැතිවරණ කොමිසමේ රැස්වීමක් එළඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිතා කරන දිනය තීරණය කිරීම සඳහා මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිසම අද (16) රාජගිරිය හි පිහිටි එම කොමිසමේ දී විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇත. 16 June 2020
බෝම්බ තුවාලකරුවකු නිකම්ම රෝහලකට ඇතුළු වූයේ කෙසේද? පාස්කු ඉරිදා ප්‍රහාරයේ සහ්රාන් කල්ලියේ බෝම්බ නිෂ්පාදනකරු වූ රිල්වාන් හෂිම් නැමැත්තා බෝම්බයක් අත්හදා බැලීමකදී සිදු වූ පිපිරීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ සති තුනක් ප්‍රතිකාර ලබමින් සිට ඇති බවට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වූ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 16 June 2020
දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගය විවෘත කරයි සෞඛ්‍යය අංශයන්හි උපදෙස් වලට අනුව දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගය හා නැරඹුම් මැදිරිය අද (15) දින සිට සංචාරකයින් සඳහා විවෘත කළ බව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ඩී එම් නදීකා ක්‍රිෂාන්ති දිසානායක මහත්මිය පැවසුවාය. 16 June 2020
පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිට පොලිස් ක්ෂේත්‍ර බල මූලස්ථානයට ඇතුළු විමට ගිය අයෙක් අත්අඩංගුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීයෙකු ලෙස පෙනී සිටිමින් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් සංගමය වෙත පැමිණ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි . 16 June 2020
පොලිස් නිලධාරින් ලෙස පෙනි සිටිමින් ලක්ෂ 8ක් කොල්ල කෑ සිව් දෙනක් අත්අඩංගුවට ඇදිරි නීතිය මැද පොලිසියේ හා හමුදාවේ සාමාජිකයන් ලෙස පෙනී සිටිමින් සත්ත්ව ආහාර අලෙවි ඒජන්තවරියකගේ නිවසට කඩා වැදී අනවසර ගිනි අවි පරීක්ෂා කරන මුවාවෙන් රුපියල් ලක්ෂ 8 ක මුදලක් පැහැරගැනීම ඇතුලු මුදල් හා දේපල කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් හමුදා නිල ඇදුම් හා එසේ පැහැරගත් මුදල් හා දේපල කොටසක් සමග අත්අඩංගුවට ගත් බව කොච්චිකඬේ පොලිසිය කියයි. 16 June 2020
අර්නස්ට් පෝරුතොට පියතුමෝ ස්වර්ගස්ථ වෙති අර්නස්ට් පෝරුතොට පියතුමන් අද (16) උදෑසන ස්වර්ගස්ථ විය. 16 June 2020
එළුවන්කුලම සපත්තු පාලම පුපුරායාම නිසා ගමනාගමනය නවතා දමයි පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ එළුවන්කුළම සපත්තු පාලම පුපුරා යාම නිසා එම මාර්ගයේ ගමනා ගමනය සම්පුර්ණයෙන්ම නවතා දමා ඇතැයි පුත්තලම වාරිමාර්ග කාර්යාලය කියයි. 16 June 2020
ගජමුතු 6 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට මිළකල නොහැකි වටිනා ගජමුතු හයක් රැගෙන යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු පරසන්ගහවැව පොළිසිය අත්අඩංගුවට ගෙන ඇත. 16 June 2020
වර්ගවාදය - පොලිස් ප්රචණ්ඩත්වය ගැන මානව හිමිකම් කවුන්සිලයේදී විවාදයක් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රමානුකූලව සිදුවන වර්ගවාදී ක්‍රියාකාරකම්, පොලිස් ප්රචණ්ඩත්වය සහ සමාකාමී විරෝධතාවලට එරෙහිව සිදුවන ප්රචණ්ඩත්වය යන කාරණා විවාදයට ගන්නා බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අද (15) නිවේදනය කළේය. 16 June 2020
කොරෝනා මඩින්න සෞඛ්‍ය අංශවලට තවත් බලතල කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලට තවත් බලතල පැවරෙන රෙගුලාසි ඇතුළත් නව ගැසට් නිවේදනයක් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මේ සතියේදී නිකුත් කෙරෙනු ඇත. 15 June 2020
අත්යන්ත්‍ර - බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනපති තීරණය කරයි අත් යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත. 15 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1905 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1905 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 15 June 2020
බූස්ස බන්ධනාගාරයේ ජංගම දුරකතන සංඥා අවහිර කිරීමේ යන්ත්‍රයක් සවි කෙරේ බුස්ස බන්ධනාගාරයේ සිර මැදිරි තුල තිබි පසුගිය දිනවල ජංගම දුරකතන සහ ඒවායේ උපාංග රැසක් හමුවිමත් සමග රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් බන්ධනාගාරය තුල දුරකතන සංඥා අවහිර කිරිමේ යන්ත්‍රයක් සවි කිරිමට අද(15) සවස පියවර ගෙන ඇත. 15 June 2020
මැතිවරණයේදී තරුණයින් වෙනුවෙන් 25% ක අපේක්ෂකත්වයක් ලබා දෙනවා ඉදිරි පළාත් සභා මැතිවරණයේ සිට සෑම මැතිවරණයකදීම තරුණයන් වෙනුවෙන් 25% ක අපේක්ෂකත්වයක් ලබාදීමට කැප වන බව සමග ජන ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 15 June 2020
මාස තුනකට පසු යුරෝපයේ දේශසීමා විවෘත කරයි නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දේශසීමා වසා දැමීමට ගත් දැඩි පියවර ලිහිල් කිරීමට යුරෝපයේ රටවල් රැසක් අද (15) පියවර ගත්තේය. 15 June 2020
සමගි ජන බලවේගයේ නඩුවට මැදිහත් වීමට හිටපු ඇමැතිවරුන් 3 ක් කළ ඉල්ලීම ඉවතට තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජනබලවේගයේ මහලේකම් , එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ගොනු කළ නඩුවට මැදිහත් පාර් ශ්වකරුවන් ලෙස තමන් ඇතුළත් කර ගන්නා ලෙස පසුගිය රජයේ හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකු කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද (15) ප්‍රතික්ෂේප 15 June 2020
විභාග පරික්ෂකවරුන් ලෙස පෞද්ගලික පාසල් ගුරුවරුන් කැඳවිමේ තිරණයට විරෝධය උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පරික්ෂකවරුන් ලෙස පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල ගුරුවරු කැඳවීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා ගෙන ඇති තීරණය පිළිබඳ ලංකා ගුරු සංගමය විරෝධය පළ කර ඇත. 15 June 2020
කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තය විවෘත කරයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තය අද 15 දින දහවල් 12.00 සිට ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් සදහා විවෘත කළ බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය . 15 June 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026