( එච්. චන්දන )
පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ එළුවන්කුළම සපත්තු පාලම පුපුරා යාම නිසා එම මාර්ගයේ ගමනා ගමනය සම්පුර්ණයෙන්ම නවතා දමා ඇතැයි පුත්තලම වාරිමාර්ග කාර්යාලය කියයි.
කළාඔය හරස් කර එළුවන්කුළම ප්‍රදේශයේ වගා කටයුතු වලට හා පුත්තලම නගරයට ජලය රැගෙන ඒම සදහා මෙම කොස්වේ (සපත්තු පාලම ) ඉදිකොට ඇත.
පුත්තලම වාරිමාර්ග දෙපාර්තුමේන්තුවට අයත් එළුවන්කුළම සපත්තු පාලම යටින් මීට මාස ගණනාවකට පෙර භූගත ජල කාන්දුවක් නිසා වාහන ගමනා ගමනය නතර කර තිබූණි.
ඉකුත් දින වලදී එම සපත්තු පාලම පුපුරායාම තත්වය තිවුර වූ බවත් එම නිසා පාලමට සිදු වන හානිය අවම කිරීමට වහාන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම නතර කර දැමු බවත් මෙහි ප්‍රතිසංස්කරණ කටයතු මේ දිනවල සිදු කරණ බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටිආරච්චි මහතා පවසයි.
මෙම මාර්ගය වසා දැමීම නිසා මාස තුනකට පසුව විවෘත කල විල්පත්තු ජාතික වනෝද්‍යානය නැරඹීමට යාමට එළුවන්කුළම පිවිසුම අසට පැමිණි සංචාරකයින් , හෝටල් වලට පැමිණ නවාතැන් ගෙන සිටි විශාල පිරිසක් වෙනත් ප්‍රදේශවලින් විල්පත්තු වනෝද්‍යානයට පිටත් කර යැවු බව තම්බපණ්නී විල්පත්තු සපාරි සංගමයේ ලේකම් සුරාජ් ගුණවර්ධණ මහතා පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත්, බුද්ධිමත් රාජ්‍ය පාලකයෙකුට මේ සඳහා සුදුසු පියවර ගැනීමට අවශ්‍ය වන්නේ මිනිත්තු කිහිපයක් පමණයි.. ඒ සඳහා කළයුත්තේ මේ පාලමට සමාන්තරව ශක්තිමත් කොටස් ගැලවිය හැකි තාවකාලික "යකඩ" පාලමක් සාදන්නට වහාම ශ්‍රී ලංකා යුදහමුදාවේ ඉංජිනේරු බලකායේ සහාය ලබාගැනීමයි. ඒ අය මේ කාර්යය ඉතාම කෙටි කලකින් ... සමහර විට දින 3න් නිමකරාවි. ඔවුන්ට මේ විෂය පිළිබඳව බොහෝ අත්දැකීම් ඇති බව කවුරුත් දන්නා කරුණකි. හැබැයි, ඒ සමගම අබලන් වුණු පාලම ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹිය යුතු අතර එය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අය ලවා මිස පුද්ගලික කොන්ත්‍රාත්කරුවන් ලවා කරවා නොගත යුතුයි. ඒ කාර්යය පුද්ගලික ආයතනයකට බාරදුන්නොත්.. අනිවාර්යයෙන්ම... පාලමේ ප්‍රමිතිය පිළිබඳ ගැටළු රැසක් පැනනගීවි. මෝඩ, දුෂිත දේශපාලුවන්ගේ, අල්ලසට, දූෂණයට මුළුමනින්ම යටවූ මේ රටේ.. මේ පාලම පමණක් ඉන් ගිලිහේවිද....?
විජිත් මහතා කිව්වත් වගේ මෙයා යුද හමුදාවට බාර දුන්නා නම් කෙටි කලකින් නිමා කරගන්න හැකිවේවි...