ඇඳිරිය කඩමින් පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී රිය අත්අඩංගුවට ඇඳිරිනීති කාලයේදි පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී මෝටර් රථයක් එහි රියැදුරු සමඟ අද(14) අලුයම අත්අඩංගුවට ගත් බව හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීහු කියති. 14 June 2020
කෝටි එකහමාරක කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවට යාපනය කුසුමන්තුරේයි මුහුදු තීරයේදී කේරළ ගංජා ජාවාරමේ නිරතවූවන් සොයා කළ විශේෂ සෝදිසි මෙහෙයෙමුකදී රුපියල් කෝටි එකහමාරකට අධික කේරල ගංජා කිලෝ 103 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 14 June 2020
දික්ආරාව කඳුවැටියේ ඇති වු ගින්න මුළුමනින්ම නිවා දමයි බණ්ඩාරවෙල දෝව දික්ආරාව කදුවැටියේ ෆයිනස් වගා රක්ෂිතයේ ඇතිවූ හදිසි ගින්න නිවා දමා අද (14) වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 14 June 2020
ඔරුවක් පෙරැළි අට හැවිරිදි දරුවෙක් මරුට අම්පාර උහන පොලිස් බල ප්‍රදේශයේ නවගිරියාව වැවේ පිරිසක් ඔරු පදිමින් සිටියදි ඔරුව තුල සිටි වයස අවුරුදු අටක දරුවෙක් වැවට වැටි මියගොස් තිබේ. 14 June 2020
’මනම්පිටියේ වැලි නිධිය දේශපාලන බලවතුන්ගේ මාෆියාවක් වෙලා ’ මහවැලි ගඟේ මනම්පිටියේ වැලි නිධිය මේ වනවිට දේශපාලන බලවතුන්ගේ මාෆියාවක් බවට පත්වී ඇතැයිදඑම නිසා එය නතර කිරීමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය වහා පියවර ගතයුතුයැයි මනම්පිටිය වැලි නිධිය සුරැකීමේ සංවිධාන එකමුතුව අද(13) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය. 13 June 2020
මාලදිවයිනේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින රාජ්‍යය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු අද (13) දහවල් , මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 13 June 2020
තේ වත්තක වළ දමා තිබූ බිලිඳු සිරුර ගොඩගනී නොර්වුඩ් තේ වත්තේ ඉලුක් යායක වළදමා තිබු බිලිදු මළ සිරුරක් හැටන් වැඩබලන දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එස්.රාම්මුර්ති මහතා සහ දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කේෂාන් මදුසංඛ මහතා ඉදිරියේදි නොර්වුඩ් පොලිසිය අද ( 13) ගොඩගත්තේය 13 June 2020
ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිට ඇන්ටනෝ වර්ගයට අයත් ලොව දෙවන විශාලතම ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ඊයේ(12)රාත්‍රි 10.35 හා අසර්බයිජාන් හි සිට නාවික ඉංජිනේරුවරුන් තිදෙනෙකු රැගත් FXT 712 වර්ගයේ කුඩා ප්‍රමාණයේ ගුවන් යානය අද (13) අලුයම 12.20ට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණි බව ගුවන් තොටුපොල ප්‍රධාන කලමණාකරු උපුල් කලංසුරිය මහතා පැවසීය. 13 June 2020
අලුත උපන් බිලිඳා තේ වත්තේ වළ දැමු මව අත්අඩංගුවට අලුත උපන් බිලිදෙකු තේ වත්තේ වලදැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත. 13 June 2020
කාබුල් නුවර දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අද (12) සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 12 June 2020
කල්බදු නොගෙවූ වාහන පැහැරගත්තොත් කොල්ලකෑමේ නීතියට වැඩ කොරෝනා වසංගත සමයේ ලීසීං ණය වාරික ගෙවීමට රජය ලබාදුන් සහන නොසලකා හරිමින් වාහන අත්පත් කරගත් ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් වලට එරෙහිව වාහන සොරකම් කිරීම හෝ කොල්ලකෑම යටතේ නෛතික පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලුම පොලිස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත. 12 June 2020
කොරෝනා ගැන අනතුරු ඇඟවූ වෛද්‍ය ලීගේ බිරිඳට පුතෙක් ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලොවට මුලින්ම අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයා වන ලී වෙන්ලියෑන්ගේ බිරිඳ පුතකුට උපත ලබා දී ඇත. 12 June 2020
ගෙවුණු පැය 24 දී ඉන්දියාවෙන් ආසාදිතයන් 10000ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන පළමු වතාවට අද (12) 10000 ඉක්මවා ගියේය. 12 June 2020
‘ශ්‍රී ලංකාවට ගෙන්වා දෙනවානම් ශ්‍රමිකයින් 20000කගේ වගකීම ගන්න සූදානම්‘ විදෙස් රටවල විවිධ රැකියාවන් ගොස් කොවිඩ් 19 වසංගතය නිසා පීඩාවට පත්ව තම මව් රටට පැමිණිමකට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40000න් 20000 කගේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක කේ.ඩී.ලාල්කාන්ත මහතා කීය. 12 June 2020
ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කර තිබේ. 12 June 2020
එජාපයෙන් මංගලට යළි අරාධනාවක් මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වූ සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් නායක මංගල සමරවීර මහතාට යළිත් එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කර සිටින බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය. 12 June 2020
ප්‍රතිශක්ති ඌණතා ඇති දරුවන් පාසලට ගෙන්වීම ප්‍රමාද කරන්න උපදෙස් පාසල් නැවත පටන් ගැනීමේ දී ප්‍රතිශක්ති ඌණතා ඇති සහ ප්‍රතිශක්ති ඌණතා සඳහා ඖෂධ ලබා ගන්නා සිසුන් පාසලට ගෙන්වීම ප්‍රමාද කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත. 12 June 2020
ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති නවීන් ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. යෝගරාජ් මහතාත් පත්කර තිබේ. 12 June 2020
මාස තුනකට පසු ආගමික ස්ථාන විවෘත කරයි කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් බැතිමතුන්ගෙන් තොරව පැවති ආගමික සිද්ධස්ථාන අද (12) සිට සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් මත යළි විවෘත කෙරිණි. 12 June 2020
ලංකා ගුරු සංගමය මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි දුප්පතුන්ට ආධාර පිණිස යැයි සදහන් කරමින් නැගෙනහිර පළාත් ගුරුවරුන්ගේ ගුරු වැටුපෙන් කොටසක් අඩු කිරීම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛය මඟින් තම සංගමයේ සාමාජිකයන්න්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් , එම චක්‍රලේඛය අවලංගු කරන ලෙසත් , රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ලබා දෙන ලෙසද ඉල්ලා ලංකා ගුරු සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(12) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. 12 June 2020
එජාප මහ ලේකම් විරෝධතා ගොනු කරයි තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ පැමිණිල්ල ඉවත දමන ලෙස ඉල්ලා එම පැමිණිල්ලේ වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ අද (12) සිය විරෝධතා ගොනු කළේය . 12 June 2020
ටයරයක් හිසේ වැදී අනතුරට ලක්වූ ජපුරේ සිසුවා මාස තුනකට පසු රෝහලෙන් පිටවෙයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී ට්‍රැක්ටර් ටයරයක් හිසෙහි වැදී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ පසිඳු හිරුෂාන් සිසුවා මාස තුනකට පසු සුවය ලබා ඊයේ (11) රෝහලෙන් පිටව ගොස් තිබේ. 12 June 2020
නිදහස් චතුරඝ්‍රය අසළ සිදුවී ඇත්තේ ඝාතනයක් නොවේ කොළඹ නිදහස් චතුරඝ්‍රය අසළ වෙඩි වැදීමෙන් මිය ගොස් සිටි පුද්ගලයා සිය දිවි නසා ගන්නා බවට සදහන් ඔහු විසින් පරිගණක ගත් ගත කළ ලිපියක් හමුවූ බව කුරුදුවත්ත පොලීසිය කියයි. 12 June 2020
ගම්පහ පෙරහුරු මැතිවරණය හෙට ඉදිරි මහ මැතිවරණයට පෙර සෞඛ්‍ය නිරෝධායන විධිවිධාන අනුව ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේද යන්න දැනුවත් කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ඡන්ද දායකයන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරු මැතිවරණයක් හෙට (13) මීගමුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදී පැවැත්වේ. 12 June 2020
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ දෙටුපුත් නික්මයයි හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ වැඩිමහල් පුත් සරත් කුසුම් වික්‍රමසිංහ මහතා ඊයේ (11) අභාවප්‍රාප්ත විය. 12 June 2020
කොල්ලුපිටිය විරෝධතාවට පැති කීපයක මති මතාන්තර කොල්ලුපිටිය ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අධිකරණ නියෝග නොතකා විරෝධතා ව්‍යාපාරයක් මෙහෙයවීමේ වරදට අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් 53 දෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරිය බව සඳහන් පුවත අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 12 June 2020
පිලිපීනයේ රැදී සිටි ලාංකිකයෝ 223 ක් කටුනායකට කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , පිලිපීනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 223 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් දින මැනිලා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 12 June 2020
සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් ගිනි අවි- ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට සොයිසාපුර ලක්මැදුර හෝටලයේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු ගිනි අවි ,මැගසින් 2 ක් සහ උණ්ඩ 25 ක් සමඟ මාලඹේදී අත්අඩංගුවට ගෙන තිබේ. 12 June 2020
වෙඩි වැදීමකින් මිය ගිය අයකුගේ සිරුරක් නිදහස් චතුරස්‍රය අසළ වෙඩි වැදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කොළඹ නිදහස් චතුශ්‍රයෙන් අද (12) පෙරවරුවේ සොයා ගෙනඇති බව පොලීසිය කියයි. 12 June 2020
බොල්ගොඩ ගඟට වැටුණු මෝටර් රථයේ සිටි කාන්තාව මරුට පානදුර හිරණ බොල්ගොඩ ගග අසල නතර කර තිබූ මෝටර් රථයක් බොල්ගොඩ ගගට වැටී කාන්තාවක් මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි . 11 June 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026