(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් බැතිමතුන්ගෙන් තොරව පැවති ආගමික සිද්ධස්ථාන අද (12) සිට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් මත යළි විවෘත කෙරිණි.
එනමුත් කොළඹ පිහිටි දවටගහ පල්ලිය , මරදානේ ජුම්මා මස්ජිඩ් පල්ලිය ඇතුළු සියලු ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රධාන පල්ලි සියල්ල අද භක්තිකයන් වෙනුවෙන් විවෘත නොකෙරුණු අතර ඒ පිළිබඳව තව දුරටත් ඔවුන්ගේ ආගමික නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බොහෝ දුරට ලබන සතියේ සිට භක්තිකයන් වෙනුවෙන් විවෘත කිරීමට අදහස් කරන බව දවටගහ පල්ලියේ පාලක මණ්ඩලයේ සාමාජිකයකු පැවසීය.
කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිතුමන්ගේ සිද්ධස්ථානය , මරදාන ෆාතිමා අප ස්වාමිදුවගේ දේවස්ථානය ඇතුළු කතෝලික සිද්ධස්ථාන සහ දේවස්ථාන අද බැතිමතුන්ට විවෘත කෙරුණු අතර බොහෝ බැතිමතුන් මුඛ ආවරණ පැළඳ , සමාජ දුරස්ථභාවය පිළිපදිමින් තම ආගමික වතාවත්වල නිරතව සිටින අයුරු දැකගත හැකි වූ අතර ඉරුදින දේව මෙහෙයන් පැවැත්වෙන ආකාරය පසුව දැනුම්දෙන බව පියතුමෙකු පැවසීය.




(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
----------------------------------------------------------------------------------------------------------------------
වැල්ලවත්ත ජුම්මා මස්ජිඩ් දේවස්ථානය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කළ අයුරු...




(ඡායාරූප - ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්කැටවලට යහපත් කාලයකි.
විවෘත කළා කිව්වේ රටේ අනික් මිනිසුන්ට, එ්ත් අගමැතිතුමයි, ජනාධිපතිතුමයි නම් මම දැක්කා පහුගිය කාලේ මහනුවර, අනුරපුර සිද්ධස්ථානවලට හිතේ හැටියට ගියා වැඳපුදා ගන්න.
රජීව් ජයවීර ඝාතනයක්ද? - තදින්ම විවේචනය කළා නේද?
ඒ කියන්නේ දැන් බෝරා ජාතිකයින් ලංකාවට එන්න කිට්ටු වෙන්න ඇති.
කොරෝනා වලින් බේරෙන්න ..., දිව්‍ය ලෝකෙට වෙලා හැංගිලා හිටපු දෙවිවරු දැන් එන්න වගේ හදන්නේ...